Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

සමාජ මාධ්‍ය වල සංසරණය වන දළදා වහන්සේගේ වීඩියෝ අනුරූ පමණි.

Misleading
Misleading

ගෞතම බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රී දළදාව මහජනතාවට ප්‍රදර්ශනය කෙරෙන "සිරි දළදා වන්දනාව" මේ දිනවල මහනුවර ශ්‍රී දළදා මාලිගවේදී පැවැත්වේ. එහිදී දළදා වහන්සේගේ ඡායාරූප ගැනීම හෝ වෙනයම් අයුරකින් වීඩියෝගත කිරීම දළදා මාලිගාව විසින් තහනම් කර ඇත. එවැනි පසුබිමක දළදා වහන්සේගේ බව සඳහන් කෙරෙමින් වීඩියෝ කිහිපයක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වන බව FactSeeker නිරීක්ෂණය කළේය.

by Anonymous |

අප්‍රේල් 25, 2025

ඒ අනුව එම වීඩියෝවල සත්‍යාසත්‍යතාව පිළිබඳව FactSeeker විමර්ශනය කළේය.

එහි එක් වීඩියෝවක ඇතුළත් වන්නේ චතුරස්‍ර ආකාරයේ ගර්භයක් තුළ තැන්පත් කරනු ලැබූ කෞතුක වස්තුවකි. මෙම වීඩියෝව සමීපව නිරීක්ෂණය කිරීමේදී එහි “Replica Tooth Relics of Shakyamuni Buddha” යනුවෙන් සඳහන්ව තිබුණි. එහි සරල තේරුම “ශාක්‍යමුණි බුදුන්ගේ අනුරුව දන්ත ධාතු” යන්නයි. ඒ ඔස්සේ අප සිදු කළ විමර්ශනයේදී එවැනි අනුරූ දන්ත ධාතුන් වහන්සේලා ලොව පුරා ඇති බව නිරීක්ෂණය විය.

එම වීඩියෝව Google Lens හරහා  විමර්ශනය කර බැලීමේදී Waki Relic Museum නමැති ෆේස්බුක් ගිණුමක් ඔස්සේ 2024. 04. 30 වන දින උඩුගත කළ වීඩියෝවක අප පරීක්ෂා කළ වීඩියෝවේ ඇතුළත් දර්ශනවලට සමාන දර්ශන ඇතුළත් විය. මෙය මැලේසියාවේ ක්වාලාලම්පූර්හි පිහිටි කෞතුකාගාරයක පැවැත්වූ දළදා අනුරූ ප්‍රදර්ශනයක් බව එහි ෆේස්බුක් පිටුවට අදාළ වෙබ් පිටුව පරික්ෂා කිරීමේදී සොයා ගැනීමට හැකිවිය.

මෙරට දළදා මැදුරේ තැන්පත් කර ඇති දන්ත ධාතූන් වහන්සේ රදනක දත් වර්ගයට අයත් එකකි. ඒ අනුව මෙම වීඩියෝව මේ දිනවල “සිරි දළදා වන්දනාවේ” ප්‍රදර්ශනය කරන දළදාවට අදාළ වීඩියෝවක් නොවන බව පෙනෙන්නට තිබුණි.

සමාජ මාධ්‍යයෙහි සංසරණය වූ අනෙක් වීඩියෝවේ ඇතුළත් වූයේ රන් පැහැයෙන් යුත් කම්බියකින් ආවරණය කරන ලද නෙළුම් මලක ආකෘතියකට සකසන ලද බඳුනක තැන්පත් කර ඇති කෞතුක වස්තුවකි.

එම වීඩියෝව විමර්ශනය කිරීමේදී දළදා  ප්‍රදර්ශනය ආරම්භ වීමට ප්‍රථමයෙන් එම වීඩියෝව සමාජ මාධ්‍ය හරහා සංසරණය වී තිබූ ආකාරය Factseeker හට අනාවරණය විය.

එම වීඩියෝවේ සිරස්තලයෙහි එය දළදා අනුරූ ප්‍රදර්ශන අවස්ථාවක් බව දක්වා තිබිණි.

මෙම වීඩියෝ දර්ශන සම්බන්ධයෙන් අප මහනුවර ශ්‍රී දළදා මාළිගාවෙන් කළ විමසීමේදී එහි මාධ්‍ය ඒකකයේ ප්‍රධානී සුභාෂ ලියනගේ පවසා සිටියේ එම කිසිදු වීඩියෝවක මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ තැන්පත් දළදා වහන්සේ නොමැති බවයි. එමෙන්ම “සිරි දළදා වන්දනාව” ප්‍රදර්ශනයේදී දළදා වහන්සේ ඡායාරූපගත කිරීමට කිසිදු අවසරයක් නොමැති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම කරුණු අනුව මහනුවර ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ බව කියා පාමින් සමාජ මාධ්‍ය හරහා සංසරණය වන වීඩියෝ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ තැන්පත් දළදා වහන්සේගේ වීඩියෝ නොවන බව Factseeker තහවුරු කරයි.

Latest updates

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

#false

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

#false

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

#fake

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

Related Content

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ නායයෑමක් සිදුවී ඇති බවට පළවන වාර්තා සත්‍යයි.

දෙසැම්බර් 2, 2025

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප නොවැ.21 රැළියේ දී ගත් ඒවා නොවේ.

නොවැම්බර් 24, 2025

පොලිස් සේවයෙන් විසිදහසක් විශ්‍රාම යන බව චාමර සම්පත් කළ ප්‍රකාශය සාවද්‍යයි.

නොවැම්බර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection