Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

සමාජ මාධ්‍ය වල සංසරණය වන දළදා වහන්සේගේ වීඩියෝ අනුරූ පමණි.

Misleading
Misleading

ගෞතම බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රී දළදාව මහජනතාවට ප්‍රදර්ශනය කෙරෙන "සිරි දළදා වන්දනාව" මේ දිනවල මහනුවර ශ්‍රී දළදා මාලිගවේදී පැවැත්වේ. එහිදී දළදා වහන්සේගේ ඡායාරූප ගැනීම හෝ වෙනයම් අයුරකින් වීඩියෝගත කිරීම දළදා මාලිගාව විසින් තහනම් කර ඇත. එවැනි පසුබිමක දළදා වහන්සේගේ බව සඳහන් කෙරෙමින් වීඩියෝ කිහිපයක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වන බව FactSeeker නිරීක්ෂණය කළේය.

by Anonymous |

අප්‍රේල් 25, 2025

ඒ අනුව එම වීඩියෝවල සත්‍යාසත්‍යතාව පිළිබඳව FactSeeker විමර්ශනය කළේය.

එහි එක් වීඩියෝවක ඇතුළත් වන්නේ චතුරස්‍ර ආකාරයේ ගර්භයක් තුළ තැන්පත් කරනු ලැබූ කෞතුක වස්තුවකි. මෙම වීඩියෝව සමීපව නිරීක්ෂණය කිරීමේදී එහි “Replica Tooth Relics of Shakyamuni Buddha” යනුවෙන් සඳහන්ව තිබුණි. එහි සරල තේරුම “ශාක්‍යමුණි බුදුන්ගේ අනුරුව දන්ත ධාතු” යන්නයි. ඒ ඔස්සේ අප සිදු කළ විමර්ශනයේදී එවැනි අනුරූ දන්ත ධාතුන් වහන්සේලා ලොව පුරා ඇති බව නිරීක්ෂණය විය.

එම වීඩියෝව Google Lens හරහා  විමර්ශනය කර බැලීමේදී Waki Relic Museum නමැති ෆේස්බුක් ගිණුමක් ඔස්සේ 2024. 04. 30 වන දින උඩුගත කළ වීඩියෝවක අප පරීක්ෂා කළ වීඩියෝවේ ඇතුළත් දර්ශනවලට සමාන දර්ශන ඇතුළත් විය. මෙය මැලේසියාවේ ක්වාලාලම්පූර්හි පිහිටි කෞතුකාගාරයක පැවැත්වූ දළදා අනුරූ ප්‍රදර්ශනයක් බව එහි ෆේස්බුක් පිටුවට අදාළ වෙබ් පිටුව පරික්ෂා කිරීමේදී සොයා ගැනීමට හැකිවිය.

මෙරට දළදා මැදුරේ තැන්පත් කර ඇති දන්ත ධාතූන් වහන්සේ රදනක දත් වර්ගයට අයත් එකකි. ඒ අනුව මෙම වීඩියෝව මේ දිනවල “සිරි දළදා වන්දනාවේ” ප්‍රදර්ශනය කරන දළදාවට අදාළ වීඩියෝවක් නොවන බව පෙනෙන්නට තිබුණි.

සමාජ මාධ්‍යයෙහි සංසරණය වූ අනෙක් වීඩියෝවේ ඇතුළත් වූයේ රන් පැහැයෙන් යුත් කම්බියකින් ආවරණය කරන ලද නෙළුම් මලක ආකෘතියකට සකසන ලද බඳුනක තැන්පත් කර ඇති කෞතුක වස්තුවකි.

එම වීඩියෝව විමර්ශනය කිරීමේදී දළදා  ප්‍රදර්ශනය ආරම්භ වීමට ප්‍රථමයෙන් එම වීඩියෝව සමාජ මාධ්‍ය හරහා සංසරණය වී තිබූ ආකාරය Factseeker හට අනාවරණය විය.

එම වීඩියෝවේ සිරස්තලයෙහි එය දළදා අනුරූ ප්‍රදර්ශන අවස්ථාවක් බව දක්වා තිබිණි.

මෙම වීඩියෝ දර්ශන සම්බන්ධයෙන් අප මහනුවර ශ්‍රී දළදා මාළිගාවෙන් කළ විමසීමේදී එහි මාධ්‍ය ඒකකයේ ප්‍රධානී සුභාෂ ලියනගේ පවසා සිටියේ එම කිසිදු වීඩියෝවක මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ තැන්පත් දළදා වහන්සේ නොමැති බවයි. එමෙන්ම “සිරි දළදා වන්දනාව” ප්‍රදර්ශනයේදී දළදා වහන්සේ ඡායාරූපගත කිරීමට කිසිදු අවසරයක් නොමැති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම කරුණු අනුව මහනුවර ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ බව කියා පාමින් සමාජ මාධ්‍ය හරහා සංසරණය වන වීඩියෝ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ තැන්පත් දළදා වහන්සේගේ වීඩියෝ නොවන බව Factseeker තහවුරු කරයි.

Latest updates

#fake

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

#fake

Spa Ceylon වෙනත් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන බව සඳහන් ප්‍රචාරය අසත්‍යයි

ජූනි 23, 2025

#fake

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ජූනි 20, 2025

#fake

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

ජූනි 20, 2025

Related Content

ඉරානයේ ගුවන් ප්‍රහාර ලෙස නොමග යවන වීඩියෝ හුවමාරු වෙයි

ජූනි 16, 2025

හුවමාරු වන වීඩියෝව අනතුරට ලක් වූ ගුවන් යානයේ සිටි මගියෙකු ගත් දර්ශන නෙවෙයි.

ජූනි 13, 2025

මාලිනියගේ අවමගුල දා නළු නිළියන් සාදයක් පැවත්වූවා ද?

මැයි 28, 2025

විදෙස් සංචාරකයෙකුට පහරදෙන වීඩියෝව පැරණියි

මැයි 27, 2025

භාරකාර රජයකට නායකත්වය දෙන්න සූදානම් බව රනිල් කිව්වේ, 2022 දී

අප්‍රේල් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection