Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • ආර්ථික

සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වෙන්නේ ව්‍යාජ ලිපියක් – චීනය

False
False

ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන ණය ආපසු ගෙවීම පිණිස වසර දෙකක සහන කාලයක් ලබාදීමට සූදානම් බව චීන රජය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත දැනුම් දෙනු ලැබ ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත පසුගිය ඉරිදා වාර්තා කළේය.

by Anonymous |

නොවැම්බර් 14, 2023

ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන ණය ආපසු ගෙවීම පිණිස වසර දෙකක සහන කාලයක් ලබාදීමට සූදානම් බව චීන රජය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත දැනුම් දෙනු ලැබ ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත පසුගිය ඉරිදා වාර්තා කළේය.

ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් සහන ලබාදෙන මෙන් ශ්‍රී ලංකාව කලක් මුළුල්ලේ චීනය ඇතුළු ජාත්‍යන්තර ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටින අතර, ඒ සම්බන්ධයෙන් චීනය නිල වශයෙන් සිය ස්ථාවරය ප්‍රකාශ කළ පළමු වතාව මෙයයි.

මේ අතර චීනය ජනාධිපති වික්‍රමසිංහ වෙත යොමුකරන ලද ලිපියේ පිටපතක් බව පැවසෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු විය.

කෙසේ වුවත්, ට්විටර් ඔස්සේ අදහස් දක්වමින් ඒ පිළිබඳව ප්‍රතිචාරය පළකරන කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පවසන්නේ, සිය තානාපති කාර්යාලයේ ලිපි ශීර්ෂය ද සහිතව එසේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවෙමින් පවතින්නේ ව්‍යාජ ලිපියක් බවය.

පුවතක් සම්බන්ධයෙන් නිල තොරතුරු මූලාශ්‍ර කෙරෙහි යොමුවන මෙන් ද චීන තානාපති කාර්යාලය ඉල්ලීමක් කර තිබුණි.

කෙසේ වුවත්, සන්ඩේ ටයිම්ස් පුවත්පතේ සඳහන් වාර්තාව හෝ සමස්තයක් ලෙස ණය සම්බන්ධයෙන් සහන ලබාදෙන මෙන් ශ්‍රී ලංකාව කරන ඉල්ලීම පිළිබඳව චීනය මෙතෙක් ප්‍රතිචාරයක් පළකොට නැත.

ශ්‍රී ලංකාවේ ණය බර සම්පූර්ණයෙන්ම කපාහරින මෙන් ජාත්‍යන්තර විද්වතුන් 182 දෙනෙකු මෑතදී විවෘත ඉල්ලීමක් කර තිබුණ නමුත් එය ප්‍රායෝගික ක්‍රියාදාමයක් නොවන බව තවත් සමහර ආර්ථික විද්‍යාඥයින්ගේ මතය වී තිබේ.

Latest updates

#false

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

#false

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

#misleading

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

#fake

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

Related Content

ලෝක බැංකුව සෘජුවම දිළීඳු සහන ලබාදීමට සූදානම්ද?

නොවැම්බර් 14, 2023

අනුරාධපුරයට ඇතුළුවන වාහනවලින් බද්දක් අය කරනවාද?

නොවැම්බර් 14, 2023

උතුරු නැගෙනහිර පළාත් නැවත පදිංචි කිරීමට රුපියල් බිලියන 2,000ක් වෙන් කළා ද?

නොවැම්බර් 14, 2023

MAS හෝල්ඩින්ග් සමූහයේ මිහින්තලේ කර්මාන්ත ශාලා දෙකක් නෑ.

සැප්තැම්බර් 11, 2023

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection