සජිත් ජයග්‍රහණය කිරීමෙන් ශ්‍රී ලාංකිකයින්ට සුබ කාලයක් උදා වනු ඇතැයි මෝදි කිව්වාද?

ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කළ හොත් ශ්‍රී ලාංකික ජනතාවට ඉමහත් ප්‍රීතිමත් කාලයක් උදාවනු ඇතැයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නිකුත් කළ X පණිවුඩයක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙයි.
by Anonymous |
සැප්තැම්බර් 18, 2024

භාරතීය ජනතා පක්ෂයේ ජයග්‍රහණය ඉන්දීය ජනතාවට යහපත් කාලයක් උදා වූවා සේම සමගි ජන බලවේගය ජයග්‍රණය කිරීමෙන් ශ්‍රී ලාංකික ජනතාවටත් සුබ කාලයක් උදා වනු ඇතැයි එම පණිවුඩයේ සඳහන් වෙයි.
නරේන්ද්‍ර මෝදි විසින් මෙවැනි පණිවුඩයක් සිය X ගිණුමේ පළ කර ඇති දැයි Factseeker නිරීක්ෂණය කළ අතර එවැන්නක් ඔහු විසින් පළ කර නැති බව තහවුරු විය.