Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misl

සජබ මන්ත්‍රී මරික්කාර්, ජනපති රනිල් සමග රහසිගත සාකච්ඡාවක් කළා ද?

Misleading
Misleading

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග රහසිගත සාකච්ඡාවක් පැවැත්වූ බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන වීඩියෝවක් factseeker නිරීක්ෂණය කළේ ය.

by Anonymous |

සැප්තැම්බර් 4, 2024

“මරික්කාර් රනිල් අතර සුහද සාකච්ඡාවක් ලීක් වෙයි. මාලිමාවට වැඩේ දෙන්න රනිල් සජබ එක්ක එකතු වෙලා ද?”  ආදී වශයෙන් සමාජ මාධ්‍ය හරහා වේගයෙන් හුවමාරු වූ වීඩියෝ සහ සටහන් factseeker නිරීක්ෂණය කළේ ය.

එම වීඩියෝව මෙතැනින් – https://x.com/KaviSenu/status/1830483585758855554

මෙහිදී මරික්කාර් මන්ත්‍රීවරයා විසින් තමාට තීරුබදු රහිත වාහන බලපත්‍රයකට අත්සන් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටින බව සඳහන් කර තිබිණි.

මෙය සත්‍ය ද? යන්න පිළිබඳව factseeker සොයා බැලුවෙමු.

මෙවැනි හමුවක් පිළිබඳ ප්‍රධාන මාධ්‍ය වාර්තා කර ඇද්දැයි factseeker සොයා බැලූ අතර එවැනි මාධ්‍ය වාර්තාවක් මේ දිනවල පළ කර නැති බව අනාවරණය විය.

මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මාධ්‍ය අංශයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයාගෙන් ද factseeker විමසුවෙමු.

සමගි ජන බලවේගයේ මාධ්‍ය අංශය ද ඒ පිළිබඳ අදහස් දක්වමින් පැවසුවේ මෙය වැරදි අදහසක් සහිතව හුවමාරු වන විඩියෝවක් බවත් එවැනි සාකච්ඡාවක් සිදුව නොමැති බවත්ය..

මරික්කාර් මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කළේ, මෙය 2024 ජුනි මාසයේදී සිදුවු ජාතික සේවක සංගමයේ ලේකම්වරයෙකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ද වු සිරිනාල් ද මෙල්ගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වු අවස්ථාවේදී ගත් වීඩියෝවක් බවයි. පක්ෂ මාරුවක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ තමා සාකච්ඡා කර නොමැති බවත් පක්ෂ මාරුවට තමාට අවශ්‍යතාවක් නොමැති බවත් මෙහිදී මරික්කාර් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය  එමෙන්ම තමා මෑතකදී ජනාධිපතිවරයා හමු නොවූ අතර මෙය තමා අපහසුතාවයට පත්කිරීමට කළ කටයුත්තක් බව ද හෙතෙම පැවසීය.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් ද විමසීමක් කළ අතර එහිදී ඔවුන් ද සඳහන් කළේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෑතකදී මරික්කාර් මන්ත්‍රීවරයා හමු නොවූ බව යි.

 

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection