Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

ශ්‍රී පාලි මණ්ඩපය, කොළඹ සරසවියේ ජනමාධ්‍ය පීඨය ලෙස නම් කළාද?

Misleading
Misleading

කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපය, එම විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය පීඨය බවට පත්කරමින් හා මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය, මහජන සෞඛ්‍ය හා පවුල් වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශය බවට පත් කර ඇති බව පසුගිය දින කිහිපයේ මාධ්‍ය වාර්තා පළ විය.

by Anonymous |

දෙසැම්බර් 6, 2024

අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් මේ සඳහා වන ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව එම මාධ්‍ය වාර්තාවල පළ වී තිබිණි.

මේ පිළිබඳව මතු වූ සමාජ සංවාදය නිසා එහි කරුණු සහගත බව පරීක්ෂා කිරීමට FactSeeker තීරණය කළේය.

ඒ අනුව, පුවත් වාර්තාවල සඳහන් වන ආකාරයේ ගැසට් නිවේදන නිකුත් කර තිබේද යන්න අපි පරීක්ෂා කළෙමු.

2024 නොවැම්බර් මස 29 වැනිදා අධ්‍යාපන අමාත්‍ය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය විසින් අංක 2412/35 සහ අංක 2412/36 යන අති විශේෂ ගැසට් පත්‍ර නිකුත් කර තිබේ.

1996 ජූනි මස 20 වැනි දින නිකුත් කර ඇති අංක 928/16 දරණ අතිවිශේෂ ගැසට්‌ පත්‍රය කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ පීඨ සහ අධ්‍යයන අංශ නිශ්චිතව දැක්වීම සඳහා 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ 22 වන වගන්තිය යටතේ, නිකුත් කර තිබේ.

නව අංක 2412/35 යන අති විශේෂ ගැසට් නිවේදනය මගින් එහි පළ කරන ලද නියමයේ උපලේඛනයේ 1 වන තීරය සහ 2 වන තීරය ඉවත් කිරීමෙන් සහ ඒ වෙනුවට අලුතින් උපලේඛනයක් ආදේශ කිරීමෙන් ඒ උපලේඛනය සංශෝධනය කරනු ලැබ තිබේ.

මේ අනුව, 2024 නොවැම්බර් මස 29 දින නිකුත් කර ඇති අංක 2412/35 අති විශේෂ ගැසට් පත්‍රය මගින්, 1996 ජූනි මස 20 වැනි දින නිකුත් කර ඇති, අංක 928/16 දරන අතිවිශේෂ ගැසට්‌ පත්‍රයේ දැක්වෙන අන්දමට කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රීපාලි මණ්ඩපය(එවකට කොළඹ විශ්වවිද්‍යාලයීය බටහිර මණ්ඩපය) නිර්මාණය කිරීමේදී පිහිටුවීමට නියමිතව තිබූ ජනමාධ්‍ය පීඨය පිහිටුවීම සිදු කර ඇති අතර ඒ යටතේ ජනමාධ්‍ය, ප්‍රසාංගික කලා, භාෂා සහ පරිගණක අධ්‍යයන අංශ නම් කර ඇත.

එමගින් ශ්‍රීපාලි මණ්ඩපය ජනමාධ්‍ය පීඨය ලෙස නම් කිරීමක් හෝ ශ්‍රීපාලි මණ්ඩපය අහෝසි කිරීමක් සිදු කර නොමැත. එහි පැහැදිලිව සඳහන් වන පරිදි කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ පීඨ සහ අධ්‍යයන අංශ ලෙස ජනමාධ්‍ය පීඨය සහ සෙසු අධ්‍යයන අංශ 4 නිශ්චිතව නම් කර තිබේ.

මේ පිළිබඳව FactSeeker කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලිමණ්ඩපාධිපති ආචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවාගෙන් කළ විමසීමේදී ඔහු මේ පිළිබඳ කරුණු සඳහන් නිවේදනයක් අප වෙත යොමු කළේය. එහි දැක්වෙන්නේ, “කොළඹ විශ්වවිද්‍යාලයේ හොරණ ශ්‍රී පාලි මණ්ඩපයට ජනමාධ්‍ය පීඨයක් එක් කරමින් නව ගැසට්‌ නිවේදනයක් නිකුත් කර ඇත” යනුවෙනි.

ඉන් අනතුරුව අපි මොරටුව විශ්වවිද්‍යාලය සම්බන්ධව නිකුත් කර ඇති ගැසට් පත්‍රය වෙත අවධානය යොමු කළෙමු.

මොරටුව විශ්වවිද්‍යාලයේ පීඨ හා අධ්‍යයන අංශ නිශ්චිතව දක්වමින් 2006 නොවැම්බර් මස 03 වැනි දින අංක 1469/38 දරණ අති විශේෂ ගැසට්‌ පත්‍රය නිකුත් කර තිබේ. 2020 පෙබරවාරි මස 19 වැනි දින අංක 2163/22 දරණ අති විශේෂ ගැසට්‌ පත්‍රයේ පළ කරන ලද නියමය මගින් මොරටුව විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨය සහ ඊට අනුරූප අධ්‍යයන අංශ පිහිටුවීම සඳහා පියවර ගෙන ඇත.

නව අංක 2412/36 යන අති විශේෂ ගැසට් පත්‍රය මගින් එහි පළ කරන ලද නියමයේ උපලේඛනය, එහි 1 වන තීරයේ දැක්වෙන “වෛද්‍ය පීඨය” යන අයිතමයට අනුරූපව එහි II වන තීරයේ දැක්වෙන “6. ප්‍රජා වෛද්‍ය විද්‍යා සහ පවුල් වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශය’ යන අයිතමය වෙනුවට “6. මහජන සෞඛ්‍ය හා පවුල් වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශය” යන්න ආදේශ කිරීම මගින් සංශෝධනය කරනු ලැබ තිබේ.

එනම්, එම අති විශේෂ ගැසට් පත්‍රය මගින් මොරටුව විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයට අයත්ව තිබූ ප්‍රජා වෛද්‍ය විද්‍යා සහ පවුල් වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශය, මහජන සෞඛ්‍ය හා පවුල් වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශය නමින් නම් කර තිබේ. එහි කිසිදු ස්ථානයක වෛද්‍ය පීඨය අහෝසි කිරීමක් පිළිබඳව සඳහනක් නොමැත.

මේ සම්බන්ධයෙන් FactSeeker මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් විමසීමක් කළ අතර එහිදී ඔවුන් ද තහවුරු කළේ වෛද්‍ය පීඨය යටතේ වූ අධ්‍යයන අංශයක නම අලුතින් ආදේශ කිරීම පමණක් මෙම අති විශේෂ ගැසට් පත්‍රය මගින් සිදු කර ඇති බවයි.

ඒ අනුව, ශ්‍රීපාලි මණ්ඩපය කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය පීඨය බවට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවට සහ මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය, මහජන සෞඛ්‍ය හා පවුල් වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශය ලෙස ගැසට් කර ඇති බව සඳහන් කරන පුවත් වාර්තා නොමගයවනසුලු බව FactSeeker සනාථ කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection