Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

විපක්ෂ නායක පුටුවේ වාඩිවුයේ මාලිමා මන්ත්‍රීවරයෙක්ද?

Misleading
Misleading

දසවැනි පාර්ලිමේන්තුවේ සමාරම්භක දිනය වූ අද (21) පැවැත්වුණු සභා වාරයේදී නවක මන්ත්‍රීවරයෙක් විපක්ෂ නායකවරයාට වෙන් කර ඇති ආසනයේ අසුන් ගැනීමෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවකයෙකු හා මන්ත්‍රීවරයා අතර වූ සංවාදයක් සමාජ මාධ්‍ය හරහා වේගයෙන් හුවමාරු වෙමින් පවතී.

by Anonymous |

නොවැම්බර් 21, 2024

https://www.facebook.com/share/v/1GJ59aCbGF/

මේ අතර හිරු ප්‍රවෘත්ති වෙබ් අඩවිය, මෙම මන්ත්‍රීවරයා ජාතික ජන බලවේගය (මාලිමාව) නියෝජනය කරමින් පාර්ලිමේන්තු පැමිණි මන්ත්‍රීවරයෙකු බවට සඳහන් කරමින් වාර්තා පළ කර තිබුණි.
මේ සම්බන්ධයෙන් factSeeker පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශයෙන් කළ විමසීමකදී අනාවරණය වුයේ, මෙම මන්ත්‍රීවරයා යාපනය දිස්ත්‍රික්යෙන් ස්වාධීන කණ්ඩායම 17 යටතේ තරඟ කර පත්වු මන්ත්‍රීවරයා වූ අර්චුනා රාමනාදන් බවය.

හිරු පුවත් වෙබ් අවවිය මෙය “විපක්ෂ නායක පුටුවේ වාඩිවුණු මාලිමා මන්ත්‍රීතුමා” යනුවෙන් සඳහන් කරමින් පළකර තිබු අතර පසුව එය “විපක්ෂ නායක පුටුවේ වාඩිවුණු මන්ත්‍රීතුමා” ලෙසද සංස්කරණය කර තිබිණි. “විපක්ෂ නායක පුටුවේ වාඩිවුණු නවක මන්ත්‍රීතුමා” සහ “විපක්ෂ නායක පුටුවේ වාඩිවුණු යාපනයේ ස්වාධීන මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්” යනුවෙනුත් අවස්ථා හතරකදී මෙම ප්‍රවෘත්තිය සංස්කරණය කර තිබෙන බව factSeeker නිරීක්ෂණය කළේ ය.

මෙම නවක මන්ත්‍රී අර්චුනා රාමනාදන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවකයා අතර සංවාදයේදී ඔහු සදහන් කරන්නේ පාර්ලිමේන්තුවේ සමාරම්භක දිනයේදී ආසන වෙන් කිරීමක් සිදු නොකරන බවත් ඕනෑම තැනක අසුන් ගත හැකි බවත්ය.

මේ සම්බන්ධයෙන් ද factSeeker පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශයෙන් විමසු අතර සම්ප්‍රදායිකව ජනාධිපතිවරයා , අගමැතිවරයා සහ විපක්ෂනායකවරයා සඳහා වෙන් කර ඇති ආසන හැර අනිකුත් අසුන් වෙන් කිරීමක් නොකරන බවත් පළමු දිනයේදි එම ඕනෑම ආසනයක අසුන් ගත හැකි බව ද සඳහන් කළේ ය.

ඒ අනුව විපක්ෂ නායකවරයාගේ ආසනයේ අසුන් ගත්තේ මාලිමාවේ මන්ත්‍රීවරයෙකු නොව යාපනය දිස්ත්‍රික්කයෙන් ස්වාධීන කණ්ඩායම 17 යටතේ තරඟ කර තේරී පත් වූ අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා බව factSeeker  තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection