විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ ඡන්ද හොරට දැමීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවාද?

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ලක්ෂ 25 කගේ පමණ පාස්පෝට් හොරෙන් මුද්‍රණය කර ඔවුන්ගේ ඡන්ද හොරට දැමීමේ මහා පරිමාණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන බව සදහන් කළ පුවතක් සමාජ මාධ්‍ය පුරා වේගයෙන් සංසරණය වෙමින් පවතී.
by Anonymous |
අගෝස්තු 2, 2024

මෙම වංචා සහගත ව්‍යාපෘතිය මැතිවරණ කොමිසම හා ආගමන විගමන දෙපාර්තමේන්තුව එක්ව කරන බව ද සදහන් කර ඇත.
“විදෙස් ගත ශ්‍රීලාංකිකයන්ගේ ඡන්ද හොරට දැමීම සඳහා මේ වන විට මහාපරිමාණ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.” යන ශීර්ෂ පාඨය යටතේ හුවමාරු වන මෙම ප්‍රවෘත්තියේ සත්‍ය අසත්‍යාව පිළිබද සොයා බලන ලෙස Factseeker වෙත ඉල්ලීමක් ලැබී තිබිණි.
ඒ අනුව මේ පිළිබද සොයා බැලීමට factseeker කටයුතු කළෙමු.
මෙම ප්‍රවෘත්තිය වාර්තා කර තිබුණේ, “Voice Of Sri Lanka” නැමැති වෙබ් අඩවියකය. එම පුවත මෙතැනින් https://www.voiceofsrilanka.com/?p=3805&fbclid=IwY2xjawEX68VleHRuA2FlbQIxMAABHcTvz6OXGGdob3cgcRyKdImPubZDtoD0qPy4uHRVNlhoinjEuGDUo–8Fw_aem_lyP4UMDZyM9UisfR2llK2A
රටේ ඕනෑම තැනකින් ඡන්දය භාවිත කළ හැකි බවට මෙතක් නොපැවති නීතියක් හදිසියේම ගෙනවිත් ඇති බව මෙම ප්‍රවෘත්තියේ සදහන් වෙයි. වෙනත් ප්‍රදේශයක ඡන්දය භාවිත කරන විට එය භාවිත කරන පුද්ගලයා හඳුනා ගැනීමට පක්ෂවල පෝලිම් නියෝජිතයන්ට නොහැකි වන අතර ගුවන් බලපත්‍රය පරික්ෂා කර බලා එය පිළිගන්නට ඔවුන්ට සිදුවන බව ද මෙහි සදහන් කර ඇත.
Factseeker මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගෙන් විමසීමක් කළෙමු. එහිදී ඔහු අනාවරණය කළේ, වෙනත් ස්ථානයක සිට ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ඡන්දදායකයින්ට අවස්ථාව හිමි වූයේ, ඉකුත් යුද සමයේදී බවත් එය අලුතින් හදුන්වා දුන් ක්‍රමයක් නොවන බව ය.
වෙනත් ස්ථානයක ඡන්දය ප්‍රකාශ කිරීම
එම නීතියට අනුව තම ජීවිතය පිළිබද සාධාරණ බියක් ඇති ඕනෑම ඡන්ද දායකයෙකුට තමන් අයත් ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයක ඡන්දය ප්‍රකාශ කිරීමට ඉල්ලීමක් කළ හැකිය. එහිදී ඔවුන් ඉල්ලන ඡන්ද මධ්‍යස්ථානයම දීමට නියමයක් නැති අතර ආරක්ෂිත ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම මැතිවරණ කොමසාරිස්වරයාගේ වගකීමක් බව ද රත්නායක මහතා පැවැසීය.
මෙය සම්ප්‍රදායක් වශයෙන් සෑම මැතතිවරණයකදී ම මැතිවරණය ප්‍රකාශයට පත් කළ සැනින් මැතිවරණ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිතුක් කරන බවත් ඊට හේතුව වන්නේ, මැතිවරණය ප්‍රකාශ කර දින 05 ක් ඇතුළතදී ඔවුන් අදාළ අයදුම්පත ඉදිරිපත් කළ යුතු නිසා බවත් මැතිවරණ කොමසාරිස් ජෙනරාල් පැහැදිළි කළේ ය.
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ ඡන්ද හොරට දැමීමට සූදානමක් ඇති බවට අදාළ ප්‍රවෘත්තියෙන් එල්ල කර තිබෙන චෝදනාව සම්බන්ධයෙන් Factseeker කළ විමසීමේදී මැතිවරණ කොමසාරිස් ජෙනරාල් ප්‍රකාශ කළේ, එය සම්පූර්ණයෙන් ම අසත්‍ය චෝදනාවක් බව යි. විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදයක් මෙතෙක් සකස් කර නැති බව ද ඔහු කීය.
පූර්ව ඡන්ද විමසීමක් පිළිබද කතිකාවක් ඇති වී තිබෙන අතර රට අභ්‍යන්තරයේ ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි ඡන්ද දායකයින්ට මැතිවරණයට පෙර මැතිවරණ කොමසාරිස් කාර්යාලය නම් කරන දිනයකදී සහ ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සදහා අවස්ථාව දීමට ප්‍රතිපාදන ලබා දීමට සාකච්ඡා කරමින් පවතින බව හෙතෙම අනාවරණය කළේ ය. මෙම නීතිය බොහෝ රටවල්වල ද ක්‍රියාත්මක වන බව ද කීය.
පූර්ව ඡන්ද විමසීම
මෙරට පවතින ගුවන්තොටුපළ, වරාය , බන්ධනාගාර, රෝහල් වැනි ස්ථාන වසා දැමිය නොහැකි අතර එම නිලධාරීන්ට එකම දිනයකදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව දිය නොහැකි බැවින් පූර්ව ඡන්ද විමසීමේදී මැතිවරණයට පෙර දිනයකදී ඡන්දය ප්‍රකාශ කළ හැකි බව මැතිවරණ කොමසාරිස්වරයා ජෙනරාල් අනාවරණය කළේ ය. තැපැල් ඡන්ද ප්‍රකාශ කළ හැක්කේ, මැතිවරණ රාජකාරිවල නිරත වන නිලධාරීන්ට බැවින් පූර්ව ඡන්ද විමසීම මගින් වියදම් අවම කර ගැනීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා වැඩිදුරටත් පැවැසීය.
ආගමන විගමන දෙපාර්තමේන්තුවට එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ, එය සම්පූර්ණයෙන් ම අසත්‍ය චෝදනාවක් බවයි.
ඔන්ලයින් පාස්පෝට්
විදෙස් ගමන් බලපත්‍රය ගැනීමට පැමිණෙන පුද්ගලයින්ගෙන් තැරැව්කාරයින් යොදවා අල්ලස් ගන්නා බවට දිගින් දිගටම එල්ල වූ චෝදනාව නිසා විනිවිදබාවයෙන් යුතුව මෙය ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ඔන්ලයින් අයදුම් කිරීමේ ක්‍රමවේදය හදුන්වා දුන් බව පැවැසීය.මේ ක්‍රමය මගින් වැඩ කරන දින තුනක් ඇතුළත ගමන් බලපත්‍රය ලබා ගත හැකි බව හෙතෙම කීය. මේ වන විට නිකුත් කර ඇති විදෙස් ගමන් බලපත්‍ර පිළිබද සලකා බැලීමේදී සියයට 77 ක්ම එය ලබා ගෙන ඇත්තේ අවශ්‍යතාව මත නොවන අතර අවශ්‍යතාව මත එය ලබා ගෙන ඇත්තේ සියයට 23 ක් පමණක් බවත් කීය.
එමෙන්ම සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් විදෙස් ගත වීම් පිළිබදව ද තම දෙපාර්තමේන්තුවට චෝදනා එල්ල වූ බව ත් ඒ තත්ත්වය පාලනය කිරීම සදහා මේ වසර අවසන් වන විට විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රය හදුන්වා දෙන බවත් පැවැසීය.
විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍රය
ලෝකයේ සෑම රටකම විද්‍යුත් ගමන් බලපත්‍රය ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ පසු දැනට පවතින ගමන් බලපත්‍රය පිළිනොගන්නා තත්ත්වයට පත් වන බව ත් ඒ නිසා මෙරටෙහි ද එය ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය බව ආගමන විගමන පාලකවරයා පෙන්වා දුන්නේය.
මේ මගින් ඔ්නෑම ගුවන් මගියෙකු ලෝකයේ ගුවන් තොටුපළකදී පරීක්ෂාවට ලක් වන විට ඔහු අපේ රට සමග සම්බන්ධ වී ඔහුගේ තොරතුරු අපේ පද්ධතිය හා සම්බන්ධ වෙයි. එහිදී ගුවන් මගියාගේ ඡායාරූප, ඇගිළි සළකුණ සමග පරීක්ෂාවට ලක් වේ.
දැනට පවතින ගමන් බලපත්‍රයක් මුද්‍රණය කිරීම සදහා ඇමෙරිකානු ඩොලර් 6.89 ක් වැය වෙයි. ඉදිරියේදී ඒ සදහා වැය වන විශාල මුදල් ප්‍රමාණය ද ඉතිරි කර ගත හැකි බව ද ඉලුක්පිටිය මහතා සදහන් කළේ ය.
ගමන් බලපත්‍රයක් අත්‍යාවශ්‍ය නොවන පුද්ගලයින්ට මේ සදහා අයදුම් නොකරන ලෙස ඉල්ලා සිටිය ද එය නොසලකා හරින නිසා එය පාලනය කිරීම සදහා මෙම ඔන්ලයින් අයදුම්කිරීම ආරම්භ කළ බව ද ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා වැඩිදුරටත් පැවැසීය.
Voice Of Sri Lanka වෙබ් අඩවියේ පළ කළ තොරතුරු අසත්‍ය බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක සහ ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා අවධාරණය කළේ ය.