Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

වරාය අධිකාරියේ රැකියා ඇබෑර්තු සම්බන්ධයෙන් හුවමාරු වන පණිවුඩය බොරුවක්

False
False

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ තනතුරු පිරවීම සඳහා නව සේවකයින් බඳවා ගන්නා බව දැක්වෙන දැන්වීමක් මේ දිනවල සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් පවතී.

by Anonymous |

ජනවාරි 28, 2025

මෙම පණිවිඩයේ සඳහන් සබැඳිය වෙත ගොස් බැලීමේදී එම සබැඳියට සිය අයදුම්පත් යොමු කරන ලෙස දැනුම් දී ඇත.

නමුත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිල වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් පසු සිදු කරන ලද නිරීක්ෂණවලදී, රැකියා පුරප්පාඩු සම්බන්ධයෙන් යාවත්කාලීන තොරතුරු කිසිවක් හෝ එවැනි අයදුම්පත් භාරගන්නා තොරතුරු කවුළුවක් (Information Portal) එහි නොවන බව තහවුරු විය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිල වෙබ් අඩවිය: https://www.slpa.lk/port-colombo/opportunities

වට්ස්ඇප් පණිවිඩයේ සඳහන් සබැඳිය වෙත පිවීසීමේදී එහි අතුරු මුහුණත (Interface) වරාය අධිකාරියේ නිල වෙබ් අඩවියේ අතුරු මුහුණතට බොහෝ සෙයින් සමාන බව නිරීක්ෂණය කළ හැකි විය. මෙවැනි ව්‍යාජ වෙබ් පිටු සකස් කිරීම සඳහා GitHub, GitLab, AWS Code Commit වැනි වේදිකා භාවිතා කරයි. GitHub යනු අන්තර්ජාල කේත නිර්මාණය කිරීම, මෘදුකාංග වැඩසටහන් නිර්මාණය කිරීම සහ කළමනාකරණය කිරීම ආදීය සඳහා යොදාගනු ලබන වේදිකාවකි.  ඒ අනුව මෙම ව්‍යාජ වෙබ් අඩවිය නිර්මාණය කිරීම සඳහා මෙවැනි වේදිකාවක් භාවිත කිරීමට බොහෝ ඉඩක් පවතින බව පැහැදිළි වේ.

කෙසේ නමුත් මේ පිළිබඳ වරාය අධිකාරියෙන් කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ එවැනි රැකියා පුරප්පාඩු පවතින්නේ නම් ඔවුන් ඒ බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිල වෙබ් අඩවිය හරහා දැනුම් දෙන අතර නැතිනම් රජයේ නිල ගැසට් පත්‍රය මගින් දැනුම් දෙන බවත් ය.

ඒ අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ තනතුරු පිරවීම සඳහා නව සේවකයින් බඳවා ගන්නා බව දැක්වෙමින් හුවමාරු වන වට්ස් ඇප් පණිවිඩය ව්‍යාජ එකක් බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection