Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #true

වරංගනා කැකුළාවල ලොතරැයි දිනුමක් ලැබූ පුවත ඇත්තක්!

Factual
Factual

"සූර වීර කෙල්ලෝ" නම් ජනප්‍රිය ෆේස්බුක් පිටුව පවත්වාගෙන යන වරංගනා කැකුළාවල ලොතරැයි දිනුමක් ලබා ඇති බව පෙන්වන ඡායාරූපය සත්‍ය බවත්, ඇය එම දිනුම් ඇදීමේ රුපියල් ලක්ෂ 20ක ජයග්‍රාහකයෙකු බවත් FactSeeker කරුණු පරීක්ෂා කර තහවුරු කරයි.

by Anonymous |

ජූලි 8, 2025

“සූර වීර කෙල්ලෝ” ෆේස්බුක් පිටුව පවත්වාගෙන යන වරංගනා කැකුළාවල ලොතරැයි දිනුමක් ලබා ඇති බව පෙන්වන ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය. ඇතැම් පෝස්ටුවල අදහස් තීරයේ එහි සත්‍යතාව ප්‍රශ්න කර තිබූ බැවින් එහි කරුණු පරීක්ෂා කිරීමට FactSeeker කටයුතු කළේය.

වරංගනා කැකුළාවල විසින් එවැනි ඡායාරූපයක් සිය පුද්ගලික ෆේස්බුක් පිටුව වෙත මුදාහැර තිබේද? යන්න අප විසින් පරීක්ෂා කරන ලද අතර එහිදී පහත පෝස්ටුව අපට හමුවිය.

ජාතික රූපවාහිනියේ විකාශය කරන ලොතරැයි ප්‍රතිඵල විකාශය පසුබිමෙන් පෙනෙන සේ ඇය සිය ජයග්‍රාහී ලොතරැයිපත අතැතිව එම ඡායාරූපයට පෙනී සිටී. මෙම ප්‍රතිඵල විකාශය පරීක්ෂා කිරීමේදී ඇගේ පසුබිමෙන් ඇති තිරයේ දැක්වෙන ජයග්‍රාහී අංක නිවැරදි බව තහවුරු විය. තවද ලොතරැයි ප්‍රතිඵල විකාශයේ සම්ප්‍රවේශක වන සමන් බණ්ඩාර විසින් ද එම පෝස්ටුවේ අදහස් තීරයේ ඇයට සුබ පැතුම් එක් කර තිබෙනු දක්නට ලැබුණි.

එම ඡායාරූපයට අමතරව ලොතරැයි අලෙවි නියෝජිත මහතා සමග පෙනීසිටින වීඩියෝ පටයක්ද ඇය තම පුද්ගලික ෆේස්බුක් පිටුවට එක් කර තිබුණි. එම වීඩියෝව අවසානයේදී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නිවේදනයක් ප්‍රදර්ශනය කරයි. එහි සඳහන් අන්දමට ඇය ජයග්‍රහණය කර ඇත්තේ සුපිරි ත්‍යාගය නොව රුපියල් ලක්ෂ 20 ත්‍යාගයකි. එහි ඇතුළත් අලෙවි නියෝජිතයාගේ නම ප්‍රතිඵල විකාශයේදී ප්‍රදර්ශනය කරන නම බව දර්ශන ඔස්සේ තහවුරු විය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ දිනුම් ඇදීමේ රටාව අනුව අංක 4ක් ගැළපීමෙන් හිමි ත්‍යාග මුදල රුපියල් මිලියන 2ක් හෙවත් ලක්ෂ 20ක් බව අපගේ පරීක්ෂාවේදී තහවුරු විය. එහිදී ජයග්‍රාහී අංක අනුපිළිවෙළින් යෙදීම මෙම ලොතරැයිය සඳහා අවශ්‍යතාවක් නොවේ.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නිල ෆේස්බුක් පිටුව පරීක්ෂා කිරීමේදී වරංගනා කැකුළාවල විසින් සිය ෆේස්බුක් පිටුවේ පළ කළ පෝස්ටු බෙදා ගනිමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලය (DLB) විසින් ඇයට සුබ පැතුම් එක් කර ඇති ආකාරය FactSeeker නිරීක්ෂණය කළේය.

මේ අනුව, වරංගනා කැකුළාවල ලොතරැයි දිනුමක් ලබා ඇති බව පෙන්වන ඡායාරූපය සත්‍ය බවත්, ඇය එම දිනුම් ඇදීමේ රුපියල් ලක්ෂ 20ක ජයග්‍රාහකයෙකු බවත් FactSeeker තහවුරු කරයි.

Latest updates

#misleading

සිනොපෙක් ශ්‍රී ලංකාවට ආවේ මාලිමා ආණ්ඩුවෙන් ද?

ජූලි 22, 2025

#AI

මුඛයේ ඇස් ඇති ගෙම්බා ගැන ඇත්ත කතාව

ජූලි 17, 2025

#misleading

සීතාවක ප්‍රාදේශීය සභාව සදහා නව සභාපතිවරයකු පත් කර ගත්තා ද?

ජූලි 17, 2025

#PARTIALLYFACTUAL

ආණ්ඩුවේ ඇප නැතුව ණය දෙන බව කී කතාවේ ඇත්ත නැත්ත

ජූලි 14, 2025

Related Content

පාදෙණිය රජමහා විහාරාධිපති හිමියන්ගේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය අත්හිටුවීමේ ලිපිය සත්‍යයි

මැයි 20, 2025

මෝදි අගමැතිගේ ආරක්ෂාව තහවුරු කිරීමට වීදි සුනඛයින් මැරුවාද?

අප්‍රේල් 4, 2025

පොලිස් නිලධාරියෙක් කාන්තාවක් පැහැර ගෙන ගියාද?

ජනවාරි 22, 2025

කථානායක රන්වලගේ ආචාර්ය පදවිය වෙබ් අඩවියෙන් ඉවත් කළා ද?

දෙසැම්බර් 11, 2024

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection