වන විනාශයක් පිළිබඳ ව්‍යාජ පුවතක්

වත්මන් රජයේ අනුදැනුම මත සිංහරාජ වනාන්තරයේ දකුණු මායිම් ප්‍රදේශයක වන විනාශයක් සිදුවන බව හඟවන ඡායාරූපයක් උපහාසාත්මක ස්වරූපයෙන් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වේ.
by Anonymous |
නොවැම්බර් 14, 2023

වත්මන් රජයේ අනුදැනුම මත සිංහරාජ වනාන්තරයේ දකුණු මායිම් ප්‍රදේශයක වන විනාශයක් සිදුවන බව හඟවන ඡායාරූපයක් උපහාසාත්මක ස්වරූපයෙන් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වේ.
එම ජායාරූපයේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳව අප විසින් සිදු කරන ලද කරුණු පරීක්ෂණයේදී අනාවරණය කර ගැනීමට හැකි වූයේ මෙම ජායාරූපය ඇමේසන් වනාන්තරයේ සිදුවන වන විනාශය පිළිබඳ 2018 වර්ෂයේ පලකරන ලද ජායාරූපයක් බවයි.
(මූලාශ්‍ර : https://www.bbc.com/news/world-latin-america-46327634)
ඒ අනුව සමාජ මාධ්‍ය තුළ සංසරණය වන මෙම ඡායාරූපය සිංහරාජ වනාන්තර මායිමේ ඡායාරූපයක් නොවන බව තහවුරු වේ.