Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #Factchecked

වතුරෙන් දුවන මෝටර් රථයක් නිර්මාණය කළ බවට පළ වූ පුවත අසත්‍යයි

Factual
Factual

ලාංකීය තරුණයෙකු වතුරෙන් ධාවනය කළ හැකි මෝටර් රථයක් නිර්මාණය කර ඇති බව "ලංකාදීප" පුවත්පතේ ඉකුත් මාර්තු මස 29 වනදා විදු සෙවණ පිටුවේ පළ වූ ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයට ලක් විණි.

by Anonymous |

අප්‍රේල් 1, 2025

මෙම මෝටර් රථය රත්නපුර ඔකපතන විද්‍යාලයේ ආදි සිසුවෙකු විසින් නිෂ්පාදනය කර ඇති බව එම ප්‍රවෘත්තියේ සඳහන් කර තිබූ අතර එය අන්තර්ජාලයෙන් උපුටා ගත් බව දක්වා තිබිණි.

“සියත” රූපවාහිනියේ  උදෑසන විකාශය වන “සියත පත්තරේ” වැඩසටහනේදී එය ඉදිරිපත් කරන ජනප්‍රිය නිවේදක රංගන ද සිල්වා ද මෙම ප්‍රවෘත්තිය උපුටා දැක්වීය. එහිදී එම ප්‍රවෘත්තිය විස්තර කරන ඔහු, “ඔකපතන” යන නම නොමැතිව රත්නපුරේ විද්‍යාලයක සිසුවෙක් යනුවෙන් සඳහන් කරයි.

එය මෙතැනින් –  https://www.facebook.com/watch/?v=3870258506558124&rdid=DSA5NzLzbdryVU9A

ඔකපතන විද්‍යාලයේ “ඔකපතන” යන නම බොහෝ දෙනෙකු හාස්‍යයට ලක් කරමින් සමාජ මාධ්‍යයේ විවිධ පෝස්ටු පළ කර තිබීම නිසා Factseeker ඒ පිළිබඳ සොයා බැලීය.

මෙම පුවත අසත්‍ය පුවතක් බව තහවුරු කිරීමට සාධක කිහිපයක් හඳුනා ගන්නා ලදී. එනම් අදාළ නිපැයුම කළ සිසුවා සම්බන්ධයෙන් තහවුරු කළ හැකි කිසිදු තොරතුරක් සඳහන් නොවීම, අදාළ සිසුවාගේ සහ නිපැයුමේ ඡායාරූප පළ නොවීම මෙන්ම වෙනත් කිසිදු ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක මෙවැනි සිදුවීමක් රත්නපුර ප්‍රදේශයෙන් වාර්තා වී නොතිබීම සහ තොරතුරු ලබාගත් නිශ්චිත මුලාශ්‍රයක් හෝ පුද්ගලයෙකු පිළිබඳ සඳහනක් නොවීම නිරීක්ෂණය කළ හැකිය. ලංකාදීප පුවත්පත ද මෙම ප්‍රවෘත්තිය උපුටා ගෙන තිබුණේ අන්තර්ජාලයෙන් බව සඳහන් කර තිබිණි.

ඔකපතන විද්‍යාලය නමින් පාසලක් තිබේද? යන්න පිළිබඳව අප රත්නපුර කලාප කාර්යාලයෙන් කළ විමසීමකදී ඔවුන් ප්‍රකාශ කළේ, එවැනි පාසලක් රත්නපුර කලාපය තුළ නොමැති බවයි.

කෙසේ නමුත් මෙම පළ කිරීම සම්බන්ධයෙන් “ලංකාදීප” පුවත්පතේ ප්‍රධානියෙකුගෙන් අප කළ විමසුමකදී මෙම ප්‍රවෘත්තිය අත්වැරදීමක් බවත් ඒ සම්බන්ධයෙන් නිවැරදී කිරීමක් ඊයේ  (31) ලංකාදීප පුවත්පතේ 06 වන පිටුවේ පළ කර තිබෙන බවත් ප්‍රකාශ කළේ ය.

ඒ අනුව වතුරෙන් දුවන මෝටර් රථයක් මෙරට සිසුවෙකු නිෂ්පාදනය කර නැති අතර “ඔකපතන” නමින් පාසලක් ද රත්නපුර කලාපයේ නැති බවත් Factseeker තහවුරු කරයි. එමෙන්ම ලංකාදීප පුවත්පතේ පළ කරන ලද ප්‍රවෘත්තිය සාවද්‍ය බව Factseeker වැඩිදුරටත් තහවුරු කරයි.

Latest updates

#fake

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

#fake

Spa Ceylon වෙනත් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන බව සඳහන් ප්‍රචාරය අසත්‍යයි

ජූනි 23, 2025

#fake

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ජූනි 20, 2025

#fake

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

ජූනි 20, 2025

Related Content

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වු‌ණේ ධම්මික දසනායකයි

මැයි 14, 2025

පුංචි ආණ්ඩුව නොදින්නොත් ජනාධිපතිවරයාට මුදල් නොදී ඉන්න පුළුවන්ද?

මැයි 2, 2025

අගමැති කාර්යාලය පොලිසියෙන් ඉල්ලුවේ හයේෂිකාට ප්‍රභූ ආරක්ෂාව නොවේ!

අප්‍රේල් 24, 2025

හුවමාරු වන ඡායාරූපය 88/89 භීෂණ සමයේ නොවේ

මාර්තු 17, 2025

පාසැල්වල කටයුතු සඳහා දේශපාලනඥයින් සහභාගී කර නොගන්නැයි අගමැතිනිය නියෝග කළා ද?

මාර්තු 14, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection