Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

වත්මන් ජනපති අනුරගේ අත්සනින් යුත් මුදල් නෝට්ටු ඉදිරියේදී මුද්‍රණය විය හැකියි.

Factual
Factual

ඉදිරියේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් යුත් මුදල් නෝට්ටු සංසරණය විය හැකි බවට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සිදු කළ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අර්ථකථන දෙමින් සංසරණය වන ආකාරය FactSeeker නිරීක්ෂණය කළේය.

by Anonymous |

නොවැම්බර් 5, 2024

මෙහි කරුණුමය නිරවද්‍යතාව පරීක්ෂා කිරීමට FactSeeker කටයුතු කළේය.

ඔක්තෝබර් මස 30 වන දින පැවති ජාතික ජන බලවේගයේ ව්‍යාපාරික හමුවකදී මාධ්‍යවේදියෙකු විමසන පැනයකට ඇය ලබාදුන් පිළිතුර මෙසේය.

“මහ බැංකුව කොහොමටත් පරණ නෝට්ටු විනාශ කරල අලුත් නෝට්ටු මුද්‍රණය කරනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒ මේ තියෙන මුදල් ප්‍රමාණය වැඩි කරන්න අලුත් මුදල් ප්‍රමාණයක් එකතු කරනවා නෙවෙයි. අර පරණ නෝට්ටු විනාශ කරනවා. ඉතින් ඉදිරියට අනුර සහෝදරයගෙ අත්සනින් නෝට්ටු එන්න පුළුවන්. හැබැයි ඒ අර සාමාන්‍ය ක්‍රියාවලියක්; නැත්තන් මේ අලුතින් මුද්‍රණය කරන සල්ලි නෙවෙයි.”

එම සබැඳිය මෙතැනින් – https://youtu.be/xThOaC4w4HU?t=210

ඇය ප්‍රකාශ කරන අන්දමට පැරණි හෝ භාවිතයට නුසුදුසු තත්ත්වයේ මුදල් නෝට්ටුවලට සිදු වන්නේ කුමක්ද යන්න සහ ඒ වෙනුවට නව මුදල් නෝට්ටු නිකුත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව අපි විමසා බැලුවෙමු.

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතට අනුව ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ අධිකාරී බලය ශ්‍රී ලංකා මහ බැංකුව සතු වේ. ඒ අනුව, මෙම කාර්යය සිදු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් නෝට්ටු සහ කාසි නිර්මාණය කිරීම, මුද්‍රණය(නෝට්ටු) ටංකනය (කාසි) කිරීම හා බෙදාහැරීම ශ්‍රී ලංකා මහ බැංකුවට පැවරී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව මහජන අවශ්‍යතා හා ව්‍යාපාර කටයුතු සඳහා අවශ්‍ය ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් වන අයුරින් කාසි හා නෝට්ටු තොග පවත්වා ගනිමින් සැපයුම් කරනු ලබයි. එම මුදල් නැවත වාණිජ බැංකු තැන්පතු ආකාරයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට පිවිසේ.

මෙම මුදල් නෝට්ටු, නෝට්ටු සැකසුම් යන්ත්‍ර යොදා ගනිමින් නෝට්ටු හරි වැරදි බැලීම, ගණනය කිරීම හා වර්ග කිරීම සිදුකෙරේ. භාවිතයට නුසුදුසු නෝට්ටු මෙම ක්‍රියාවලිය තුළදීම කුඩා කොටස්වලට කැපී යයි. භාවිතයට සුදුසු නෝට්ටු නැවත වාණිජ බැංකුවලට නිකුත් කෙරේ. මේසය මත තැබිය හැකි කුඩා ගණක යන්ත්‍ර මගින් ගණිනු ලබන නෝට්ටු ද සංසරණය සඳහා නැවත වාණිජ බැංකුවලට නිකුත් කරන අතර භාවිතයට නුසුදුසු නෝට්ටු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විනාශ කරනු ලබයි.

ඉරී යාම, අපිරිසිදුවීම, දිරාපත්වීම, මුදල් නෝට්ටුව මත යම් යම් දේ ලියා තිබීම නිසා හඳුනා ගැනීම අපහසු වීම, සංසරණයේ දී සිදු වන සුළු හානිවීම් හා හිතාමතා විකෘති කිරීම ආදිය මගින් භාවිතයට නුසුදුසු තත්ත්වයට පත් වලංගු මුදල් නෝට්ටු “භාවිතයට නුසුදුසු මුදල් නෝට්ටු” ලෙස සැලකේ.

මෙසේ භාවිතයට නුසුදුසු නෝට්ටු විනාශ කිරීමෙන් අනතුරුව නව මුදල් නෝට්ටු නිකුත් කිරීම සිදුවන ආකාරය පිළිබඳව අපි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතාගෙන් විමසුවෙමු.

ඔහු සඳහන් කළේ, භාවිතයට නුසුදුසු නෝට්ටු විනාශ කිරීම සහ ඒ වෙනුවට නව ව්‍යවහාර මුදල් සංසරණයට එක් කිරීම ශ්‍රී ලංකා මහ බැංකුව ව්‍යවහාර මුදල් කළමනාකරණ කටයුත්තක් වශයෙන් අවස්ථානුකූලව සිදු කරන බවයි. මහජනතාවගේ මුදල් භාවිත කිරීමේ චර්යා අනුව ඇතැම් මුදල් නෝට්ටු කාණ්ඩ ඉක්මනින් අපිරිසිදු වන බවත්, ඒ අනුව රුපියල් 100 වැනි නෝට්ටු මාස 2කට වරක් ද, රුපියල් 5000 වැනි නෝට්ටු මාස 6කට වරක් ද අලුතින් එක් කෙරේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වසර 3කට ප්‍රමාණවත් වන අයුරින් ව්‍යවහාර මුදල් නෝට්ටු හා කාසි පවත්වා ගනිමින් සැපයුම් කරනු ලබයි. මෙම ව්‍යවහාර මුදල් තොග බෙදාහැරීම සඳහා මාස 6ක පමණ කාලයක් ගත වන බව ද හිටපු නියෝජ්‍ය අධිපතිවරයා සඳහන් කළේය.

නව මුදල් අමාත්‍යවරයෙකු හෝ නව මහ බැංකු අධිපතිවරයෙකු ධුරයට පත්වූ පසුව ඔහුගේ හෝ ඇයගේ ආදර්ශ අත්සන(specimen signature) ලබාගෙන එය තෝමස් ඩිලාරෝ සමාගම වෙත යොමු කරන ලබන බව ඩබ්ලිව්. ඒ. විජේවර්ධන සඳහන් කළ අතර, අලුතින් මුදල් නෝට්ටු නිර්මාණය කිරීමේදී එම අත්සන් යොදා ගනු ලැබේ.

මේ අනුව විමසා බැලීමේදී ඉදිරියේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් නෝට්ටු නිකුත් විය හැකි බවට ද, ඒවා අලුතින් මුදල් අච්චු ගැසීමක් ලෙස නොසැලකිය යුතු බවට ද සිදු කළ ප්‍රකාශය කරුණු සහගත බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#fake

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

#misleading

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

#misleading

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

#false

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

Related Content

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection