Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

වත්මන් ආණ්ඩුව ආහාර ද්‍රව්‍යවලට නව බදු පැනවූවාද?

Misleading
Misleading

වත්මන් රජය පැනවූ බදු සම්බන්ධයෙන් මැතිවරණ ප්‍රචාරණ රැස්වීමකදී හිටපු අමාත්‍යවරයෙකු වූ මනූෂ නානායක්කාර පසුගිය දිනෙක කළ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් පවතී.

by Anonymous |

නොවැම්බර් 8, 2024

එහිදී ඔහු සඳහන් කළේ , “මේ ආණ්ඩුව ආවම බදු අඩු කරනවා කිව්වා නේද? මොකක්ද කළේ ආපු ගමන් ළූණුවලට බදු ගැහුවා, අලවලට, පරිප්පුවලට හාල්මැස්සොවලට උම්බලකඩවලට බදු ගැහුවා.අද ඔන්න සීනිවලටත් රුපියල් 50 ක බද්දක් ගහලා තියෙනනවා. බදු අඩු කරනවා කියපු අය අද වෙනකොට සීනිවලටත් බද්දක් ගහලා. රනිල් බද්ද කිය කියනේ හිටියේ. කලින් තිබුණ බදු අඩු කරනවා කියපු අය දැන් ඔන්න අනුර බද්ද ගහලා.” යනුවෙනි.

එම වීඩියෝව මෙතැනින් – https://www.facebook.com/share/v/1FUgPHneqM/

වතුමන් ආණ්ඩුව ආහාරවලට නව බදු පැන වූවා ද? යන්න පිළිබඳව Factseeker විමසා බැලුවෙමු.

මීට පෙර අවස්ථාවකදීද සැමන් උම්බලකඩ සහ පරිප්පු සඳහා බදු පැනවීමක් සම්බන්ධව ද සමාජ මාධ්‍ය තුළ විවිධ මත ප්‍රචාරය විය.

ඒ අනුව මනූෂ නානායක්කාර විසින් සිදුකළ මෙම ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාවය සොයා බැලීමේදී  මේ සම්බන්ධව මුදල් අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ඇතුළත් තොරතුරු වෙත අවධානය යොමු කළේ ය.

මනූෂ නානායක්කාර සඳහන් කරන පරිදි අලුතින් පැනවූ බදු අතර පරිප්පු  හා සීනි   ඇතුළත් වේ.  කරුණු පරික්ෂා කිරීමේදී පැහැදිලි වූයේ මෙය වසරක කාලයකින් පසු කල් පිරෙන බදු නැවත යාවත්කාලීන කිරීමක් ලෙසය.

නව වාර්තාව – https://www.treasury.gov.lk/api/file/4e7e4248-8e29-4ee0-8254-84e45380d3b6

පැරණි වාර්තාව – https://www.treasury.gov.lk/api/file/4a7629af-034a-4938-b07a-cfdbfd5f2d3a

නව වාර්තාව – https://www.treasury.gov.lk/api/file/0bad9fc3-fc71-4f9b-becb-d1a157275054

පැරණි වාර්තාව – https://www.treasury.gov.lk/api/file/47a167ad-f3e8-4dd4-83fa-8017dae63242

එමෙන්ම එහි සඳහන් පරිදි අල සහ ළූණු සඳහා ද නව බදු පනවා ඇති බව FactSeeker ට අනාවරණය කර ගත හැකි විය.

මේ සම්බන්ධව වැඩිදුරටත් පැහැදිලි වීම සඳහා මෙම ප්‍රකාශයේ ඇතුළත් සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ  කිහිපයක් සම්බන්ධයෙන් කර ඇති පහත දත්ත සටහන අධ්‍යයනය කළ හැකිය.

ඒ අනුව මනූෂ නානායක්කාර විසින් සිදුකර ඇති ප්‍රකාශයේ සීනි සහ පරිප්පු සඳහා පනවා ඇති යැයි සඳහන් බදු වසරක කාලය ඉක්මවීමෙන් පසු යාවත්කාලීන කරන ලද ඒවාය.

මේ අනුව මනූෂ නානායක්කාර පවසන පරිදි නව බදු පැනවීමක් සිදුවී නොමැති බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection