Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

වත්කම් – බැරකම් ප්‍රකාශ කර ඇත්තේ මැතිසබේ මන්ත්‍රීවරු 16 දෙනාද?

False
False

වත්කම් ප්‍රකාශ ලබා නොදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව සම්බන්ධව පසුගිය දින කිහිපයේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ගණනාවක් මගින් පුවත් වාර්තා කර තිබුණි.

by Anonymous |

අගෝස්තු 14, 2024

ඒ අතර, ‘වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනෙකු පමණක් බවත්, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඒ අතර නොවන බවත්’ දැක්වෙන සමාජ මාධ්‍ය සටහන් කෙරෙහි Factseeker අවධානය යොමු විය.

අදාළ සමාජ මාධ්‍ය පෝස්ටු පහත පරිදි විය.

ඒවායේ සඳහන් වන්නේ, “වත්කම් ප්‍රකාශ කරල තියෙන්නේ මුළු පාර්ලිමේන්තුවෙන්ම 16 දෙනයි. ජේවීපියේ එකම එක මන්ත්‍රී කෙනෙක්වත් නෑ..!“ යනුවෙනි.

මෙම ඇතැම් සමාජ මාධ්‍ය පෝස්ටු සමග ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ නිල වෙබ් අඩවියට අයත් මෙම www.tisrilanka.org/mpassets/ සබැඳිය අමුණා ඇති අයුරු අපට නිරීක්ෂණය කළ හැකි විය. ඒ වෙත පිවිසීමේදී අනාවරණය වූයේ, හිටපු සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 17 දෙනෙකුගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ පමණක් එහි ප්‍රදර්ශනය කර ඇති බවයි. තවද එහි දැක්වෙන වත්කම් ප්‍රකාශ අතර “2023/2024 වර්ෂයේ“ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර තිබුණේ , දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් පමණක් බව අපගේ නිරීක්ෂණය විය.

වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාදී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව තහවුරු කර ගැනීම සඳහා Factseeker  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය පරීක්ෂා කළෙමු. එහිදී 2024.06.30 වන දින තෙක් කොමිසම වෙත ලබාදී ඇති තොරතුරු අනුව සකස් කළ පහත වගුව අපගේ අවධානයට යොමු විය.

 

වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 169 දෙනා අතරින් 116 දෙනෙකු සිය වත්කම් ප්‍රකාශ ලබාදී ඇති බවත්, 53 දෙනෙකු 2024.06.30 වන දින තෙක් ඒවා ලබාදී නොමැති බවත් එහි දැක්විණි.

තවදුරටත් මේ සම්බන්ධයෙන්  Factseeker කළ සොයා බැලීමේදී, 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතේ විධිවිධාන ප්‍රකාරව “2023/2024 වර්ෂයේ“ වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමට නියමිත නිලධාරීන් ඇතුළු පුද්ගලයන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ http://ads.ciaboc.lk නිල වෙබ් අඩවිය මගින් ප්‍රසිද්ධ කර තිබෙන ආකාරය Factseeker ට නිරීක්ෂණය කළ හැකි විය.

එහිදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජාතික ජන බලවේගය පක්ෂය නියෝජනය කරන අනුර කුමාර දිසානායක, හරිනි අමරසූරිය සහ විජිත හේරත් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනා විසින්ම සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර තිබෙන අයුරු අපට අනාවරණය විය.

ඒ අනුව, “වත්කම් ප්‍රකාශ කරල තියෙන්නේ මුළු පාර්ලිමේන්තුවෙන්ම 16 දෙනයි. ජේවීපියේ එකම එක මන්ත්‍රී කෙනෙක්වත් නෑ..!“ ලෙස සඳහන් වූ සමාජ මාධ්‍ය පෝස්ටුවේ දැක්වෙන ප්‍රකාශ මුළුමනින් සාවද්‍ය බව Fact Seeker තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection