ලෝක බැංකුව ආණ්ඩුවට ඩොලර් 200 ක් ණයට දුන්නා ද?
ශ්‍රී ලංකා රජය ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක ණය මුදලක් ලබා ගත් බවට සමාජ මාධ්‍ය තුළ විවිධාකාරයේ අදහස් ප්‍රකාශ වෙමින් තිබේ.
by Anonymous |
නොවැම්බර් 12, 2024
මේ සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්රය තුළ ද අදහස් හුවමාරු වන බැවින් මේ සම්බන්ධයෙන් සොයා බැලීමට factseeker කටයුතු කළේය.
“ලෝක බැංකුව අපි ඉල්ලුවෙත් නැතිව ඩොලර් මිලියන 200ක් දුන්නා පාවිච්චි කරගන්න කියලා.” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කර තිබු අතර ජාත්‍යන්තර ආයතනවල සහයෝගය උපරිම වශයෙන් රජයට හිමිව ඇති බවටත් ඒ හේතුවෙන් ලෝක බැංකුව මෙලෙස මුදල් ලබාදී ඇති බවත් හෙතෙම සඳහන් කර තිබුණි.
https://lankacnews.com/%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%b6%e0%b7%90%e0%b6%82%e0%b6%9a%e0%b7%94%e0%b7%80-%e0%b6%85%e0%b6%b4%e0%b7%92-%e0%b6%89%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%94%e0%b7%80%e0%b7%99%e0%b6%ad%e0%b7%8a/
එමෙන්ම ජාතික ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති රූපවාහිනි වැඩසටහනකට සහභාගී වෙමින් සඳහන් කර ඇත්තේ, ලෝක බැංකුවෙන් ණයක් ලබාගෙන නොමැති බවත් එය ප්‍රදානයක් බවත් ය.
මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමේදි අනාවරණය වුයේ, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ (WBG) ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මගින් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක මුල්‍ය පහසුකමක් ලබා දී ඇති බවය.
මෙය ණය මුදලක් ලෙස හිමිව ඇති අතර පසුගිය ඔක්තෝම්බර් 07 දා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක , මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන සහ ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන අධ්යක්ෂ ඩේවිඩ් සිස්ලෙන් යන අයගේ සහභාගීත්වෙයන් ණය ගිවිසුමට අත්සන් තැබීම අත්සන් සිදුව තිබේ.
මෙම වැඩසටහන 2023-2024 වසර දෙක තුළ ක්‍රියාත්මක වන අතර පළමු අදියරේ ණය ලබාදීම 2023 වසෙර්දී ක්‍රියාත්මත වී ඇත. එවක ජනාධිපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ ජනාධිපති රනිල් වික්රමසිංහයි. මේ සම්බන්ධයෙන් ලෝක බැංකුව ද සිය වෙඩ් පිටුවේ සම්පුර්ණ විස්තරයක් පළකර තිබේ.
දිළිඳු සහ අවදානමට ලක්විය හැකි අය කෙරෙහි ඇති වන බලපෑම් අවම කරමින්, සාර්ව ආර්ථික ස්ථායිතාව ඇති කිරීම අරමුණු කර ගනිමින් මෙම ණය වැඩසටහන ක්‍රියාත්මක වෙයි. මෙම වැඩසටහනේ පළමු අදියර 2023 වසරේ දී ක්‍රියාත්මක වීමෙන් පසුව ප්‍රධාන අංශ තුනක් යටතේ ප්‍රධාන පූර්ව ක්‍රියාමාර්ග හතක් සාර්ථකව සම්පූර්ණ කිරීමෙන් පසු ඩොලර් මිලියන 500 ක මූල්‍ය පහසුකම ශ්‍රී ලංකාවට ලබා ගැනීමට හැකි වී තිබේ. එම එකඟතා සම්පුර්ණ කිරීම තුළ දෙවන අදියරේ ණය මුදල මෙලෙස ශ්‍රී ලංකාවට ලබාදී ඇත.
මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය ද නිවේදනයක් නිකුත්කර ඇති අතර ඒතුළද මෙය ණය මුදලක් ලෙස දක්වා තිබේ.
ආර්ථිකය සම්බන්ධයන් තොරතුරු වාර්තා කරන economynext වෙබ් අඩවියද මේ සම්බන්ධයෙන් විස්තර වාර්තා කර තිබු අතර ඒතුළද මෙම ණය වැඩසටහන පිළිබඳ විස්තර කර ඇත.
https://economynext.com/sri-lanka-inks-us200mn-world-bank-loan-for-budget-support-182637/
ඒ අනුව ලෝක බැංකුව ලබාදී ඇත්තේ ප්‍රදානයක් නොව ණය මුදලක් බවත් මෙය නව රජය විසින් මුල්වරට ලබා ගත් ණය මුදලක් නොව 2023 වසරේ සිට ක්‍රියාත්මක වන වැඩසටහනක දෙවැනි අදියරේ ණය මුදල ලෙස ලැබී ඇති බවත් පැහැදිලි වේ.