Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #faka

ලොස් ඇන්ජලීස් ලැව් ගින්නේදී සතුන් බේරගත් බව දැක්වෙන වීඩියෝව ව්‍යාජ නිර්මාණයක්.

False
False

පසුගිය ජනවාරි හත්වනදා සිට සැන්ට් ඇනා හි අධික සුළං තත්වයත් සමඟ ඇමෙරිකාවේ ලොසැන්ජලිස් නගරයේ ඇති වූ ගින්න වේගයෙන් පැතිර ගිය අතර එමගින් සැලකිවයුතු මට්ටමක දේපල සහ ජීවිත හානි සිදු විය.

by Anonymous |

ජනවාරි 23, 2025

මේ හේතුවෙන් ලොසැන්ජලීස් නගරයේ ඇතිවූ ගින්න වෙත ජාත්‍යන්තර වශයෙන් විශාල මාධ්‍ය අවධානයක් යොමු විය. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් විවිධ පුවත් පළ වූ අතර  බොහෝ අසත්‍ය ප්‍රචාරයන් ද ඒ අතර විය.

FactSeeker දිගින් දිගටම මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රචාරය වන අසත්‍ය පුවත් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් සිටි අතර  එවැනි පළකිරීම් කිහිපයකම කරුණු පරීක්ෂාවන් සිදු කරන ලදී. මේ ආකාරයෙන් “රැකියාවට එහා ගිය මනුස්සකම”  යනුවෙන් සඳහන්ව කැලිෆෝනියාවේ ඇති වූ ගින්නෙන් සතුන් බේරාගන්නා බව දැක්වෙන වීඩියෝ දර්ශන කිහිපයක් සමාජ මාධ්‍යයේ හුවමාරු වන ආකාරය FactSeeker ට නිරීක්ෂණය විය.

එම වීඩියෝ නිරීක්ෂණය කිරීමේදී දිවි ගලවා ගැනීමට උත්සාහ දරණ පුද්ගලයින් සහ  සතුන්ගේ චලනයන් හි අසාමාන්‍ය බවක් ඇති බව හඳුනා ගැනීමට හැකි විය. කැලිෆෝනියාවේ ගින්නෙන් සතුන්ගේ දිවි බේරා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන්  අන්තර්ජාලයේ පිළිගත හැකි මූලාශ්‍ර පවතින්නේ ද? යන්න සොයා බැලීමේදී එවැනි කිසිදු මූලාශ්‍රයක් FactSeeker ට හමු නොවුණි. ඒ අනුව මෙම වීඩියෝව කෘත්‍රීම බුද්ධිය (AI) ඔස්සේ නිර්මාණය කරන ල්ද්දේ ද? යන්න තහවුරු කර ගැනීමට කටයුතු කරන ලදී. එම වීඩියෝවේ ඇතැම් අවස්ථා කෘත්‍රීම බුද්ධිය යොදාගෙන නිර්මාණය කර ඇති බව  Is it AI වෙබ් අඩවිය හරහා තහවුරු විය.

මීට අමතරව දිවිගලවාගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටින පුද්ගලයින්ගේ ඇස් සබඳතාවය පවත්වාගැනීම පැහැදිලි නොවීම, සතුන්ගේ හැසිරීම්වල අතාත්විකභාවය මෙන්ම ගින්න පැතිරෙමින් තිබෙන ප්‍රදේශය අවට හිම සහිත භූමියක් පැවතීම වැනි අතාත්වික ස්වභාවයන් මත මෙය ව්‍යාජ ලෙස නිර්මාණය කරන වීඩියෝවක් බවට කරුණු තහවුරු කළ හැකිය.

මේ අනුව ” රැකියාවට එහා ගිය මනුස්සකම”  යනුවෙන් සඳහන්ව හුවමාරු වන සතුන් බේරා ගන්නා වීඩියෝව කෘත්‍රීම බුද්ධිය යොදාගෙන නිර්මාණය කරන ලද බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

සජිත් ජයග්‍රහණය කිරීමෙන් ශ්‍රී ලාංකිකයින්ට සුබ කාලයක් උදා වනු ඇතැයි මෝදි කිව්වාද?

සැප්තැම්බර් 18, 2024

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection