Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #Fact checked

ලාල්කාන්ත මෑතකදී කළ ප්‍රකාශයක් ද?

Factual
Factual

තම පාලනයක් යටතේ ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉවත් කර ගන්නා බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත කළ ප්‍රකාශයක් පසුගිය දින කිහිපය පුරා සමාජ මාධ්‍ය හරහා හුවමාරු විය.

by Anonymous |

ජූලි 24, 2024

මෙම ප්‍රකාශය උපුටා දක්වමින් ලංකා සී නිවුස් සහ elakiri (එළකිරි) නැමැති වෙබ් අඩවිය මෙම ප්‍රකාශය පිළිබද ප්‍රවෘත්ති පළ කර තිබිණි. මේ අතර “අපි ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉවත් කරනවා. අපේ පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඒක ලිඛිතව සඳහන් කරලා තියෙනවා. ලාල් කාන්ත කියයි.” යනුවෙන් ජාතික පුවත්පතක සිරස්තලයක් උපුටා දක්වන අයුරින් පළකර තිබිණි.

මේ පිළිබඳව අප කළ සොයා බැලීමේදී එබඳු සිරස්තලයක් මෑතකාලීන ජාතික පුවත්පත්වල පළ වී නොමැති බව අපට තහවුරු විිය.

 

බ්‍රිතාන්‍ය රැජිනගේ ආධිපත්‍යයෙන් යටත් කර ගත් රටවල් ඉන් මිදුණු පසු එම රටවල් වෙනත් ආකාරයකින් යටත්ව තබා ගැනීමට පොදු රාජ්‍ය මණ්ඩලය පිහිටවූ බව ලාල්කාන්ත හිටපු මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කර තිබිණි.

බ්‍රිතාන්‍ය මහ රැජිනගේ ආධිපත්‍ය සහිත පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ශ්‍රී ලංකාව ඉවත් වන බව තම පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ද සදහන් වන බව හෙතෙම එහිදී සදහන් කර ඇත.

ලාල්කාන්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙවැනි ප්‍රකාශයක් කළේ ද? යන්න පිළිබදව Fact seeker සොයා බැලුවෙමු.

එහිදී ලාල්කාන්ත හිටපු මන්ත්‍රීවරයා කළ මෙම ප්‍රකාශයේ වීඩියෝවක් X පිටුව හරහා මීට දින කිහිපයක සිට හුවමාරු වෙමින් පැවැති බව නිරීක්ෂණය විය.

මෙම ප්‍රකාශය ලාල්කාන්ත විසින් මෑතකදී කළ ප්‍රකාශයක් ද යන්න පිළිබද සොයා බැලීමේදී අනාවරණය වූයේ ඔහු  2013 නොවැම්බර් මාසයේදී කළ ප්‍රකාශයක් බව ය.

මෙම වීඩියෝව 2013.11.03 වෙනි දින JVP ශ්‍රී ලංකා (JVP Sri Lanka) යූ ටියුබ් නාලිකාව මගින් ප්‍රචාරය කළ වීඩියෝවක් බව ද එහිදී හෙළි විය.

මෙම වීඩියෝව පිළිබඳව ජාතික ජන බලවේගයේ මාධ්‍ය අංශයෙන් අප කළ විමසීමකදී ඔවුන් ප්‍රකාශ කළේ , මෙය ලාල් කාන්ත විසින් මෑත කාලයේ කළ ප්‍රකාශයක් නොවන බවත් පැරණි වීඩියෝවකින් උපුටා ගන්නා ලද කොටසක් මෙසේ යළි සංසරණය වන බවත්ය.

එම වීඩියෝව https://youtu.be/h2gjO05ZWJA?t=1009

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී.ලාල්කාන්ත හිටපු මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශය මෑතකදී කළ ප්‍රකාශයක් නොව 2013 වසරේදී කළ ප්‍රකාශයක් බව Factseeker තහවුරු කරයි.

 

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

ජනපති අනුරගේ ජර්මනියේ සංචාරය පෞද්ගලික සංචාරයක් ද?

අගෝස්තු 26, 2025

චතුරංග හා කොට්ටහච්චි ටේබල් ටෙනිස් ගැහුවේ, පාර්ලිමේන්තුවේ වාර්ෂික තරඟයකට

මාර්තු 25, 2025

වීරකැටිය සමූපකාර නිලවරණය පැවැත්වුණේ පුංචි ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුවද?

මාර්තු 24, 2025

ජනපති අනුර පළමු අයවැයෙන් දුන් පොරොන්දු ඉටු කළා ද?

පෙබරවාරි 21, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection