Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

රාවණා රජු සැඟවූ ගුවන් යානා සොයන බවට පළ වන පුවත් සාවද්‍යයි

False
False

රාවණා රජු විසින් නිර්මාණය කරන ලදැ යි සදහන් ගුවන් යානා සෙවීම සදහා සුදානම් වන බවට පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව FactSeeker නිරීක්ෂණය කළේය.

by Anonymous |

සැප්තැම්බර් 8, 2025

මෙරට ඉතිහාසයේ පුරාවෘතයක් ලෙසින් පවතින රාවණා රජ සමය සහ එහි තාක්ෂණය පිළිබදව බොහෝ මත සමාජය තුළ පවතී. මේ අතර රාවණා රජු විසින් සඟවා ඇති ගුවන් යානා සෙවීම සදහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ පර්යේෂණ ඒකකය සුදානම්ව සිටින බවට පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව FactSeeker ට නිරීක්ෂණය විය.
https://www.ceylonwire.lk/civil-aviation-authority-is-preparing-to-search-for-aircraft/

රාවණා විසින් ස්ථාන 25 ක සගවා ඇති ගුවන් යානා 19ක් මේ අයුරින් සෙවීම සදහා සැලසුම් කර ඇත. එමෙන්ම දැනට තිබෙන තොරතුරුවලින් මෙම ගුවන් යානා කුරුණැගල, වාරියපොළ, සීගිරිය, දඹුල්ල, බදුල්ල, මහියංගනය සහ හම්බන්තොට ඇතුළු කඳුකර ප්‍රදේශවල ගුහාවල සහ භූගතව සඟවා ඇති බවට අනාවරණය වී ඇති බවද මෙහි වැඩිදුරටත් සදහන් වෙයි.
එමෙන්ම ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ පර්යේෂණ, සංවර්ධන සහ සැලසුම් අංශයේ කළමනාකාරවරයාගෙන් ද මේ සම්බන්ධව කරුණු විමසූ බවත් ඔහුගේ අදහසක්ද මෙම ප්‍රවෘත්තියට ඇතුළත් කර තිබුණි.

ඒ අනුව මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබදව FactSeeker කරුණු පරීක්ෂා කළේය.
මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ පර්යේෂණ , සංවර්ධන සහ සැළසුම් අංශයේ කළමණාකාරවරයාගෙන් විමසීය. එහිදී ඔහු සඳහන් කළේ, එම පුවතේ කිසිදු සත්‍යතාවක් නොමැති බවය. තමා එවැනි ප්‍රකාශයක් නොකළ බවත් මීට වසර 5 හෝ 6 කට ඉහතදී එවැනි පර්යේෂණයක් කළ නමුත් එය සාර්ථක වී නැති බවත් වැඩිදුරටත් කරුණු විමසීමේදී ඒ මහතා සදහන් කළේය. ඔහුගේ facebook ගිණුම තුළ ද මේ සම්බන්ධයෙන් සටහනක් තබා තිබුණි.
https://www.facebook.com/share/p/1AB6rmz2zX/
මේ සම්බන්ධයෙන් තවදුරටත් කළ කරුණු විමර්ෂණයේදී ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක්ද හමුවිය.
https://www.facebook.com/share/p/1FN2AoAsVM/

මෙම කරුණු අනුව රාවණා විසින් සඟවා ඇති ගුවන් යානා 19ක් පිළිබදව සෙවීම සදහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ පර්යේෂණ ඒකකය සුදානම් වන බවට පළවන වාර්තා අසත්‍ය බවට FactSeeker තහවුරු කරයි.

Latest updates

#false

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

Related Content

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection