Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ මියගිය බවට පළ වන පුවත් අසත්‍යයි.

False
False

මෙරට ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන අයිරාංගනී සේරසිංහ මියගොස් ඇති බවට පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව FactSeeker නිරීක්ෂණය කළේය.

by Anonymous |

සැප්තැම්බර් 9, 2025

ප්‍රවීණ රංගන ශිල්පිනියක වන අයිරාංගනී සේරසිංහ මහත්මිය මිය ගොස් ඇති බවත් ඇයට නිවන් සුව පතමිනුත් මෙම පෝස්ටු සංසරණය වී තිබුණි.
එමෙන්ම ඇය මෙරට කලා ක්ෂේත්‍රයට කළ අනුපමේය සේවය අගයමින් බොහෝ දෙනෙකු මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිය සංවේගය පළ කර තිබූ අතරම ඇතැම් පිරිස් ඇය මිය ගිය බව කියන පුවත අසත්‍ය බව දක්වා තිබුණි.

ඇත්තෙන්ම ඇය මිය ගියේද? යන්න පිළිබදව FactSeeker සොයා බැලීය.
ඒ අනුව අයිරාංගනී සේරසිංහ මහත්මිය මිය යාම සම්බන්ධයෙන් නිල වශයෙන් හෝ විශ්වාසදායක ලෙස තහවුරු කළ හැකි පළ කිරීමක් ඇත්ද යන්න සොයා බැලූ නමුත් එවැන්නක් නිරීක්ෂණය නොවුණි. එමෙන්ම එම පුවත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී පැය කිහිපයක් ගත වන විටම එම පුවත සාවද්‍ය බවත් ඇය නිරෝගී සුවයෙන් සිටින බවටත් බොහෝ රංගන ශිල්පීන් විසින් තහවුරු කොට තිබුණි. එමෙන්ම දැනට 98 වියෙහි පසුවන ඇයට දීර්ඝායුෂ ද පතා තිබුණි.

මේ සම්බන්ධයෙන් ඇගේ සමීපතමයෙකු හා ලේඛකයෙකු ද වන කුමාර් ද සිල්වාගෙන් කළ විමසීමේදී එම පුවත සාවද්‍ය බවත් ඇය සුවෙන් සිටින බවත් සදහන් කලේය. එමෙන්ම ඇය සම්බන්ධයෙන් ඔහුගේ Facebook ගිණුමේද සටහනක් තබා තිබුණි.

https://www.facebook.com/share/p/17MbCGUztX/

එසේම ඇය සුවෙන් සිටින බවට ලබාගත් වීඩියෝපටයක් ද සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහැර තිබුණි.
https://www.facebook.com/share/v/1Cmttx9kzE/

එමෙන්ම මෙවැනිම පළකිරිම් මීට පෙරදීද සිදුකර ඇති බවත් එවැනි අවස්ථාවන් වලද මෙවැනිම වූ නිවැරදිකිරීම් පළකර ඇති බවත් සමාජ මාධ්‍ය ඔස්සේ විමර්ෂණය කිරීමේදී අනාවරණය විය.

මේ අනුව මෙරට ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ මහත්මිය මියගොස් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත් සාවද්‍ය බවත් ඇය නිරෝගී සුවයෙන් පසුවන බවත් FactSeeker තහවුරු කරයි.

Latest updates

#fake

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

#misleading

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

#misleading

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

#false

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

Related Content

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

මොරගහකන්ද , වික්ටෝරියා , කොත්මලේ ජලාශ වල වේලි බිදී ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් අසත්‍යයි.

දෙසැම්බර් 1, 2025

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection