Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

යාපනයේ අහසේ හඳුනා නොගත් ආලෝක කඳම්භයක් මතු වූවාද?

Misleading
Misleading

පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේ පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ඒ පිළිබඳව විවිධ මාධ්‍යවල බොහෝ පුවත් ප්‍රචාරය විය.

by Anonymous |

නොවැම්බර් 29, 2024

මේ අතර පැවති කාලගුණික තත්වය හේතුවෙන් “ඊයේ යාපනයේ හංදිය” ලෙස දක්වමින් අහසේ යම් ආලෝක කදම්භයන් සහිත ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ ව්‍යාප්තවෙමින් තිබුණි.

මේ පිළිබඳව කරුණු තහවුරු කර ගැනීම සඳහා එම ඡායාරූප Reverse Image ඔස්සේ නිරීක්ෂණය කර බැලීමට FactSeeker කටයුතු කරන ලදී. එහිදී මෙම ආලෝක කදම්භයන් ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ දැකගන්නට ලැබුණු ඒවා බව සඳහන් කරමින් විදෙස් පරිශීලකයින් විසින් පළ කරන ලද සමාජ පෝස්ට් බොහෝමයක් හඳුනා ගැනීමට හැකි විය.

ඒ අනුව 2024 වසරේ මාර්තු මස 22වන දින ඇරිසෝනා හි මෙම හඳුනානොගත් ආලෝක කදම්භයන් තිබූ බව මෙම පළ කිරීම්හි සඳහන් වී තිබුණි. මෙම මූඛ්‍ය පද යොදාගනිමින් අදාල දිනයේදී ඇරිසෝනා හි එවැනි සිදුවීමක් සිදුව ඇතිදැයි තව දුරටත් කරුණු සොයා බැලීමට FactSeeker කටයුතු කළේය.
එහිදී මාර්තු 24 වනදා UFO Sightings නැමති ෆේස්බුක් පිටුවේ මෙම ඡායාරූප පළ කර තිබූ බව හඳුනා ගැනීමට හැකි විය. ඊට අමතරව මෙම ආලෝක කඳම්භයන් පිළිබද Irish Star සහ Daily Star වැනි විදෙස් වෙබ්අඩවි වල පල කර තිබූ ලිපි කිහිපයක් FactSeeker අපට හමු විය.

එම ලිපි කියැවීමට මෙතැනින් පිවිසෙන්න :
https://www.irishstar.com/news/us-news/bizarre-ring-shaped-ufos-sky-32435777

https://www.dailystar.co.uk/news/us-news/ring-shaped-ufos-caught-bizarre-32434194

මෙම ලිපිවල අන්තර්ගතය නිරීක්ෂණය කිරීමේදී මෙම ඡායාරූප පිළිබඳ විශේෂ සඳහනක් අපට හමු විය.

Note: not everyone believes the pictures are real. One person said: “Looks like a photoshop job to me.” Another person wasn’t sure either, saying: “Sorry but it clearly looks like a reflection from the picture taken out a window reflecting indoor lighting.”

එනම් එම ඡායාරූප සැබෑවක් යැයි සියළුම පුද්ගලයින් විශ්වාස නොකරන බවත්, ඇතමුන් එය photoshop මෘදුකාංගයෙන් සකසන ලද්දක් හෝ එය ගෘහස්ථ කවුළුවක් හරහා ගත් නිසා සිදු වූ ආලෝක පරාවර්ථනයක් බවත් විශ්වාස කරන බවත් ය. ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්ථාවන්ට අනුව ද මෙහි සත්‍ය අසත්‍යතාව පිළිබද නිශ්චිතව සඳහනක් නොමැත.

ඒ අනුව මෙම ඡායාරූප කිසිවක් ශ්‍රී ලංකාවේ පැවති අයහපත් කාලගුණ තත්වය මත යාපනයේ සිදුවූ සංසිද්ධියකට ආදාළ ඒවා නොවන බවත් එය පුද්ගලයින් නොමඟ යැවීමේ සමාජ මාධ්‍ය පළ කිරීමක් බවත් FactSeeker තහවුරු කරයි.

Latest updates

#false

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

Related Content

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ නායයෑමක් සිදුවී ඇති බවට පළවන වාර්තා සත්‍යයි.

දෙසැම්බර් 2, 2025

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප නොවැ.21 රැළියේ දී ගත් ඒවා නොවේ.

නොවැම්බර් 24, 2025

පොලිස් සේවයෙන් විසිදහසක් විශ්‍රාම යන බව චාමර සම්පත් කළ ප්‍රකාශය සාවද්‍යයි.

නොවැම්බර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection