Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

යාපනයේ අහසේ හඳුනා නොගත් ආලෝක කඳම්භයක් මතු වූවාද?

Misleading
Misleading

පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේ පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ඒ පිළිබඳව විවිධ මාධ්‍යවල බොහෝ පුවත් ප්‍රචාරය විය.

by Anonymous |

නොවැම්බර් 29, 2024

මේ අතර පැවති කාලගුණික තත්වය හේතුවෙන් “ඊයේ යාපනයේ හංදිය” ලෙස දක්වමින් අහසේ යම් ආලෝක කදම්භයන් සහිත ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ ව්‍යාප්තවෙමින් තිබුණි.

මේ පිළිබඳව කරුණු තහවුරු කර ගැනීම සඳහා එම ඡායාරූප Reverse Image ඔස්සේ නිරීක්ෂණය කර බැලීමට FactSeeker කටයුතු කරන ලදී. එහිදී මෙම ආලෝක කදම්භයන් ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ දැකගන්නට ලැබුණු ඒවා බව සඳහන් කරමින් විදෙස් පරිශීලකයින් විසින් පළ කරන ලද සමාජ පෝස්ට් බොහෝමයක් හඳුනා ගැනීමට හැකි විය.

ඒ අනුව 2024 වසරේ මාර්තු මස 22වන දින ඇරිසෝනා හි මෙම හඳුනානොගත් ආලෝක කදම්භයන් තිබූ බව මෙම පළ කිරීම්හි සඳහන් වී තිබුණි. මෙම මූඛ්‍ය පද යොදාගනිමින් අදාල දිනයේදී ඇරිසෝනා හි එවැනි සිදුවීමක් සිදුව ඇතිදැයි තව දුරටත් කරුණු සොයා බැලීමට FactSeeker කටයුතු කළේය.
එහිදී මාර්තු 24 වනදා UFO Sightings නැමති ෆේස්බුක් පිටුවේ මෙම ඡායාරූප පළ කර තිබූ බව හඳුනා ගැනීමට හැකි විය. ඊට අමතරව මෙම ආලෝක කඳම්භයන් පිළිබද Irish Star සහ Daily Star වැනි විදෙස් වෙබ්අඩවි වල පල කර තිබූ ලිපි කිහිපයක් FactSeeker අපට හමු විය.

එම ලිපි කියැවීමට මෙතැනින් පිවිසෙන්න :
https://www.irishstar.com/news/us-news/bizarre-ring-shaped-ufos-sky-32435777

https://www.dailystar.co.uk/news/us-news/ring-shaped-ufos-caught-bizarre-32434194

මෙම ලිපිවල අන්තර්ගතය නිරීක්ෂණය කිරීමේදී මෙම ඡායාරූප පිළිබඳ විශේෂ සඳහනක් අපට හමු විය.

Note: not everyone believes the pictures are real. One person said: “Looks like a photoshop job to me.” Another person wasn’t sure either, saying: “Sorry but it clearly looks like a reflection from the picture taken out a window reflecting indoor lighting.”

එනම් එම ඡායාරූප සැබෑවක් යැයි සියළුම පුද්ගලයින් විශ්වාස නොකරන බවත්, ඇතමුන් එය photoshop මෘදුකාංගයෙන් සකසන ලද්දක් හෝ එය ගෘහස්ථ කවුළුවක් හරහා ගත් නිසා සිදු වූ ආලෝක පරාවර්ථනයක් බවත් විශ්වාස කරන බවත් ය. ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්ථාවන්ට අනුව ද මෙහි සත්‍ය අසත්‍යතාව පිළිබද නිශ්චිතව සඳහනක් නොමැත.

ඒ අනුව මෙම ඡායාරූප කිසිවක් ශ්‍රී ලංකාවේ පැවති අයහපත් කාලගුණ තත්වය මත යාපනයේ සිදුවූ සංසිද්ධියකට ආදාළ ඒවා නොවන බවත් එය පුද්ගලයින් නොමඟ යැවීමේ සමාජ මාධ්‍ය පළ කිරීමක් බවත් FactSeeker තහවුරු කරයි.

Latest updates

#false

හෝර්ටන් තැන්නේ නෙලූ ශාක විනාශ කර නෑ.

ඔක්තෝබර් 9, 2025

#false

සිරිපා වන්දනාවේ යන හස්තියාගේ වීඩියෝව AI නිර්මාණයකි.

ඔක්තෝබර් 9, 2025

#fake

STARLINK සමාගමෙන් ජංගම දුරකථනයක් හදුන්වා දී නොමැත.

ඔක්තෝබර් 7, 2025

uncategorized

මෙරට තේ නිශ්පාදනයක් වෙනුවෙන් නොබෙල් ත්‍යාගයක් හිමි වී නොමැත

සැප්තැම්බර් 30, 2025

Related Content

හුවමාරු වන වීඩියෝව ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී අනතුරට ලක්වූ බස් රථයේදී ගත් වීඩියෝවක් නෙවෙයි.

සැප්තැම්බර් 10, 2025

පළමු මාස හයට සංචාරක ඉපැයීම් ඩොලර් බිලියන 1.7 ක් පමණයි

අගෝස්තු 6, 2025

සංසරණය වන තල්මසුන්ගේ වීඩියෝව රුසියානු භූකම්පනයේදී වූවක් නොවේ

අගෝස්තු 1, 2025

සිනොපෙක් ශ්‍රී ලංකාවට ආවේ මාලිමා ආණ්ඩුවෙන් ද?

ජූලි 22, 2025

සීතාවක ප්‍රාදේශීය සභාව සදහා නව සභාපතිවරයකු පත් කර ගත්තා ද?

ජූලි 17, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection