මොරගහකන්ද , වික්ටෝරියා , කොත්මලේ ජලාශ වල වේලි බිදී ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් අසත්‍යයි.

ප්‍රධාන ජලාශ කිහිපයක වේලි පවතින ආපදා තත්වය හමුවේ බිදී යාමේ අවධානමක් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ පුවතක් හේතුවෙන් එම ප්‍රදේශ වලින් ඉවත්ව යන පිරිස්හි වීඩියෝ දර්ශන කිහිපයක් නිරීක්ෂණය කළේය.
by Anonymous |
දෙසැම්බර් 1, 2025

පවතින අයහපත් කාලගුණය යටතේ ජලාශ කිහිපයක වේලි කැඩී යාමේ අවදානමක් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් පළ වී තිබුණි. කොත්මලේ මොරගහකන්ද හා වික්ටෝරියා යන ජලාශ වල වේලි කැඩී යාමේ අවදානමක් පවතින බව මේ අයුරින් සංසරණය වී තිබුණි. මෙම තොරතුරු සමාජගත වීමත් සමග බොහෝ පිරිස් එම ප්‍රදේශ වලින් ඉවත්වීමට කටයුතු කර තිබුණි.
https://www.facebook.com/share/r/1Cuf6axxWt/
මෙම පුවත් වල සත්‍යතාවයක් පවතී ද? යන්න සම්බන්ධයෙන් FactSeekr විමර්ශනය කළේය.
ඒ අනුව එම අවස්ථාවේම කොත්මලේ ජලාශය ආසන්නයේ රැදී සිටිමින් රජයේ නිලධාරිනියක විසින් එවැනි උවදුරක් නොමැති බවට සමාජ මාධ්‍ය හරහාම පවසා තිබුණි.ඇය සදහන් කරන ආකාරයට තත්පරයට ඝන මීටර් 80ක වාන් දැමීමක් පමණක් සිදුවී ඇත. එයින් කිසිදු ආපදාවක අවදානමක් ඇති නොවන බවට වැඩිදුරටත් සදහන් කළේය.
https://www.facebook.com/share/r/1DC12BDZ11/
එමෙන්ම ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් වික්ටෝරියා , මොරගහකන්ද හා කොත්මලේ යන ජලාශ වල වේලි බිදීයාමේ අවදානමක් නොමැති බව ප්‍රකාශයට පත්කර තිබුණි. මේ සම්බන්ධයෙන් බොහෝ මාධ්‍ය වාර්තා කර තිබූ අතර විශේෂයෙන් කොත්මලේ ජලාශයේ කාර්යයේ නියුතු ඉංජිනේරුවෙකුගේ ප්‍රකාශයක් ද උපුටා දක්වා තිබුණි.
https://srilankamirror.com/news/reservoir-dams-have-not-breached-disaster-management-centre/?hl=en-GB&=1
https://hirunews.lk/433549/there-is-no-risk-of-moragahakanda-and-kotmale-dams-breaking-dmc?hl=en-GB

පසුව බොහෝ පිරිස් මේ සම්බන්ධයෙන් යාවත්කාලීන තොරතුරුද ඉදිරිපත් කර තිබුණි.
https://www.facebook.com/share/r/1By2fmWzvr/
https://www.facebook.com/share/v/1CiHPsapKS/
ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ වික්ටෝරියා , කන්තලේ සහ මොරගහකන්ද යන ජලාශ වල වේලි කැඩී යාමේ අවදානමක් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන පුවත් අසත්‍ය බව FactSeeker තහවුරු කරන ලදී.