Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

මොරගහකන්ද , වික්ටෝරියා , කොත්මලේ ජලාශ වල වේලි බිදී ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් අසත්‍යයි.

False
False

ප්‍රධාන ජලාශ කිහිපයක වේලි පවතින ආපදා තත්වය හමුවේ බිදී යාමේ අවධානමක් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ පුවතක් හේතුවෙන් එම ප්‍රදේශ වලින් ඉවත්ව යන පිරිස්හි වීඩියෝ දර්ශන කිහිපයක් නිරීක්ෂණය කළේය.

by Anonymous |

දෙසැම්බර් 1, 2025

පවතින අයහපත් කාලගුණය යටතේ ජලාශ කිහිපයක වේලි කැඩී යාමේ අවදානමක් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් පළ වී තිබුණි. කොත්මලේ මොරගහකන්ද හා වික්ටෝරියා යන ජලාශ වල වේලි කැඩී යාමේ අවදානමක් පවතින බව මේ අයුරින් සංසරණය වී තිබුණි. මෙම තොරතුරු සමාජගත වීමත් සමග බොහෝ පිරිස් එම ප්‍රදේශ වලින් ඉවත්වීමට කටයුතු කර තිබුණි.

https://www.facebook.com/share/r/1Cuf6axxWt/
මෙම පුවත් වල සත්‍යතාවයක් පවතී ද? යන්න සම්බන්ධයෙන් FactSeekr විමර්ශනය කළේය.

ඒ අනුව එම අවස්ථාවේම කොත්මලේ ජලාශය ආසන්නයේ රැදී සිටිමින් රජයේ නිලධාරිනියක විසින් එවැනි උවදුරක් නොමැති බවට සමාජ මාධ්‍ය හරහාම පවසා තිබුණි.ඇය සදහන් කරන ආකාරයට තත්පරයට ඝන මීටර් 80ක වාන් දැමීමක් පමණක් සිදුවී ඇත. එයින් කිසිදු ආපදාවක අවදානමක් ඇති නොවන බවට වැඩිදුරටත් සදහන් කළේය.

https://www.facebook.com/share/r/1DC12BDZ11/

එමෙන්ම ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් වික්ටෝරියා , මොරගහකන්ද හා කොත්මලේ යන ජලාශ වල වේලි බිදීයාමේ අවදානමක් නොමැති බව ප්‍රකාශයට පත්කර තිබුණි. මේ සම්බන්ධයෙන් බොහෝ මාධ්‍ය වාර්තා කර තිබූ අතර විශේෂයෙන් කොත්මලේ ජලාශයේ කාර්යයේ නියුතු ඉංජිනේරුවෙකුගේ ප්‍රකාශයක් ද උපුටා දක්වා තිබුණි.
https://srilankamirror.com/news/reservoir-dams-have-not-breached-disaster-management-centre/?hl=en-GB&amp=1
https://hirunews.lk/433549/there-is-no-risk-of-moragahakanda-and-kotmale-dams-breaking-dmc?hl=en-GB

පසුව බොහෝ පිරිස් මේ සම්බන්ධයෙන් යාවත්කාලීන තොරතුරුද ඉදිරිපත් කර තිබුණි.
https://www.facebook.com/share/r/1By2fmWzvr/
https://www.facebook.com/share/v/1CiHPsapKS/

ඒ අනුව සමාජ මාධ්‍ය‍ ඔස්සේ වික්ටෝරියා , කන්තලේ සහ මොරගහකන්ද යන ජලාශ වල වේලි කැඩී යාමේ අවදානමක් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන පුවත් අසත්‍ය බව FactSeeker තහවුරු කරන ලදී.

Latest updates

#false

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

Related Content

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection