Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #explaner

මොකක්ද මේ ? ලංකාවට ගේන ඉලෝන් මස්ක්ගේ Starlink

Factual
Factual

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලොව ප්‍රමුඛතම ධනවතෙක් වන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක මෙන්ම X සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් ව හමුවක් පසුගිය දා ඉන්දුනීසියාවේදී සිදුවිය.

by Anonymous |

මැයි 29, 2024

එහිදී  ශ්‍රී ලංකාව තුළ ස්ටාර්ලින්ක් (Starlink)  ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනාධිපතිවරයා ඉලෝන් මස්ක් සමග සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

මේ සමගම ස්ටාර්ලින්ක් (Starlink) සම්බන්ධයෙන් විවිධ කතාබහ සහිත පෝස්ට් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන බැවින් මේ පිළිබඳව සොයාබැලීමට Fact seeker තීරණය කළෙමු.

ස්ටාර් ලින්ක්  (Starlink) නිල වෙඩ් අඩවියට අනුව https://www.starlink.com/  Starlink යනු රටවල් 70කට අධික සංඛ්‍යාවකට ආවරණය සපයන ඇමරිකානු අභ්‍යවකාශ සමාගමක් වන SpaceX හි පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන Starlink Services, LLC විසින් මෙහෙයවනු ලබන චන්ද්‍රිකා අන්තර්ජාල පද්ධතියකි. එමෙන්ම ගෝලීය ජංගම බ්‍රෝඩ්බෑන්ඩ්  සැපයීම ද එහි අරමුණ වී ඇත. SpaceX Starlink චන්ද්‍රිකා දියත් කිරීම 2019 දී ආරම්භ කර තිබේ.

Starlink සේවාව ගෘහස්ථ දෘඩාංග (hardware) සඳහා පවුම් 299 ක් ද සේවාව සඳහා පවුම් 75 ක් ද අය කෙරේ.  කාර්යාල සහ දුරස්ථ ප්‍රදේශ වෙත සේවා සැපයීම සඳහා දෘඩාංග (hardware) සඳහා පවුම් 299 ක් ද සේවාව සඳහා පවුම් 85 සිට ආරම්භ කරන බව ඔවුන් සඳහන් කර තිබේ.

නාවික ගමනාත්ත සඳහා අන්තර්ජාලය ලබාගැනීමේදි ජලය මත අධිවේගී අන්තර්ජාලය සඳහා  පවුම් 2,470ක දෘඩාංග පිරිවැයක් සමඟින් පවුම් 247  සිට සේවාව  ආරම්භ වන බවද සඳහන් කර තිබේ.

Starlink ලෝකය පුරාම විහිදී ඇති බැවින් ලෝකය පුරාම එකම අන්තර්ජාල සබඳතාවක් හරහා කටයුතු කළ හැකි අතර රෝමිං සේවා ලබාගැනීමට අවශ්‍ය නොවේ. 4G හෝ 5G සබඳතා සහිත  උපාංගයක් (දුරකථන පරිගණක) මේ සඳහා සම්බන්ධ කර ගැනීමට හැකියාව ඇත.  නමුදු මේ සඳහා වැයවන පිරිවැය ඉහළ මට්ටමක ඇත.  මේවනවිට Starlink ජාලය ලෝකය පුරාම විදිහි තිබෙන අතර ඒ ඒ රටවල සන්නිවේදන නියාමන ආයතන අනුමත කළ පසුව  ඒ ඒ රටවලට Starlink සේවාව සක්‍රිය වෙ .

Starlink සේවාව දැනට ක්‍රියාත්මක වන රටවල් ඉහත සිතියමෙන් දිස්වේ.

ශ්‍රී ලංකාවේ මෙතෙක් එය සක්‍රීයර කර ැත.

මාලදිවයින තුළ මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇති අතර දකුණු ආසියාවේ අනෙනෙත් රටවල් මෙතෙක් එය ආරම්භ කර නැැත

මුලාශ්‍ර – https://www.starlink.com/

 

Latest updates

#fake

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

#fake

Spa Ceylon වෙනත් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන බව සඳහන් ප්‍රචාරය අසත්‍යයි

ජූනි 23, 2025

#fake

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ජූනි 20, 2025

#fake

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

ජූනි 20, 2025

Related Content

ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර දෙකකින් දීර්ඝ කළ හැකිද?

ජූනි 11, 2024

ඩයනාගේ නඩු තීන්දුවෙන් සජබ මන්ත්‍රී ධූරත් අහෝසි වෙයිද?

මැයි 10, 2024

කාන්තාවක් සම්බන්ධ සිදුවීමේදී පහර කෑමට ලක් වූ හිමිනම මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධ හිමිනමක් නොවේ

මැයි 2, 2024

අසත්‍ය හා දුස් තොරතුරු ඉදිරි මැතිවරණවලදී තර්ජනයක් විය හැකියි.

ජනවාරි 31, 2024

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection