Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

හෙට (27) සහ අනිද්දා (28) පාර්ලිමේන්තුව හදිසියේ කැදවනවාද?

පාර්ලිමේන්තුව ජුනි මාසයට අදාළව ඉකුත් 20 වෙනිදා අවසන් කර තිබුණ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියෝගයෙන් ඉතා හදිසියේ මෙම 27 සහ 28 හදිසියේ පාර්ලිමේන්තුව රැස් කිරීමට තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා පළ කර තිබිණි.

by Anonymous |

ජූනි 26, 2024

“පාර්ලිමේන්තුව ඉතා හදිසියේ අමුතු සෙල්ලමකට රැස් කරයි” යන ශීර්ෂ පාඨය යටතේ Lanka truth වෙබ් අඩවිය පුවතක් පළ කර තිබිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතිය අමතා  විශේෂ ප්‍රකාශයක් කර 27 සහ 28 දෙදින තුළ රනිල් පිළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ ප්‍රචාරක කටයුත්තක් සිදු කර ගැනීමට සූදානම් වන බව ආණ්ඩුවෙන් ලැබෙන වාර්තා අනුව හෙළි වී ඇතැයි එම පුවතේ සදහන් කර තිබිණි.ඒ අනුව 27 සහ 28 දෙදින පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයි එහි වැඩිදුරටත් සදහන් කර තිබිණි.

පාර්ලිමේන්තුව නැවත රැස්වීමට නියමිතව තිබුණේ ලබන මස 09 වෙනි දින බැවින් Lanka truth වෙබ් අඩවිය පළ කළ පුවත සත්‍ය ද? යන්න පිළිබදව Factseeker සොයා බැලීය.

එහිදී අනාවරණය වූයේ අගමැති දිනේෂ් ගුණවර්ධනගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුව ජූලි මස 02 දා පෙරවරු 9.30 ට රැස්වීමට නියමිත බවය.
කතානායක මහින්ද යාපා අබේවර්ධන ඊයේ  (25) ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබිණි. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 වෙනි ස්ථාවර නියෝගයට අනුව මෙම විශේෂ රැස්වීම කැදවා ඇති බව කතානායකවරයා විසින් නිකුත් කළ නිවේදනයේ සදහන් වේ.

ඒ අනුව මෙම මස 27 සහ 28 දෙදින පාර්ලිමේන්තුවේ හදිසි රැස්වීමක් කැදවා ඇති බව Lanka truth වෙබ් අඩවියේ පළ කළ පුවත අසත්‍ය බව Factseeker තහවුරු කරයි.

Latest updates

#misleading

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

#misleading

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

#false

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

#false

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

Related Content

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

මොරගහකන්ද , වික්ටෝරියා , කොත්මලේ ජලාශ වල වේලි බිදී ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් අසත්‍යයි.

දෙසැම්බර් 1, 2025

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection