Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

මෙගන් මාර්ක්ල්ට පිළිකාවක් ඇති බව සඳහන් පුවත් අසත්‍යයි.

False
False

බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිනගේ මුනුපුරු හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ වන මේගන් මාර්කල් කෙරෙහි ලෝක මාධ්‍ය අවධානය යොමු වීම නිරායාසයෙන් සිදුවන්නකි.

by Anonymous |

පෙබරවාරි 6, 2025

මේ අතර පසු ගිය දිනක හැරී කුමරු තම බිරිඳ වන මේගන් පිළිබඳව ඉතා ශෝකාකූල පුවතක් වාර්තා කළ බවට තොරතුරු සමාජ මාධ්‍යයේ සටහන් වී තිබුණි. එසේම මේගන් මාර්ක්ල් පිළිකා රෝගයෙන් පීඩා විඳින බව අතැම් පළ කිරීම්වල සඳහන් විය.

මේ සම්බන්ධයෙන් දෙස් විදෙස් සමාජ මාධ්‍ය වේදිකා කිහිපයකම පුවත් පළ වී තිබුණ ආකාරය FactSeeker නිරීක්ෂණය කළේය.

නමුත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හෝ සමාජ මාධ්‍ය කිසිවක මේගන් මාර්කල්හට හදීසි පිළිකාවක් පවතින බව හෝ එවැනි හදීසි අසනීප තත්වයක් ඇති වූ බව පිළිගත හැකි ප්‍රවෘත්ති කිසිවක් පල වී නැත.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සොයා බැලීමේදී, බ්‍රිතාන්‍ය රජ පවුලේ විලියම් කුමරුගේ බිරිද වන වේල්ස් කුමරිය හෙවත් කේට් මිඩෙල්ටන් පසුගිය වර්ෂයේ මාර්තු මාසයේදී තමන්ට පිලිකාවක් ඇති බවට රෝග විනිශ්චය හෙළි කර තිබේ. මේ පිළිබඳ CBS හි පළවූ ප්‍රවෘත්තිය මෙතැනින්:

https://www.cbsnews.com/news/kate-middleton-medical-record-breach-report-princess-of-wales-health/

නමුත් මෙම වසරේ ජනවාරි මාසය වන විට ඇය සුව අතට හැරෙමින් සිටින බවත්, ඇය ප්‍රතිකාර ලැබූ රෝහලේ වෙනත් රෝගීන් හමු වූ ආකාරය පිලිබඳවත් පිළිගත හැකි විදෙස් ප්‍රවෘත්ති මාධ්‍යයන් හි කරුණු සඳහන් විය. කේට් කුමරියගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් යාවත්කාලීන පුවත් කිහිපයක් මෙතැනින්:

https://www.bbc.com/news/articles/cx2m8g2vp41o

https://abcnews.go.com/GMA/Culture/kate-middleton-surgery-photo-timeline/story?id=108017783#:~:text=Culture-,Kate%20Middleton:%20A%20timeline%20of%20her%20cancer%20diagnosis%2C%20surgery%20and,her%20cancer%20diagnosis%20in%20March.&text=In%20March%2C%20Kate%2C%20the%20Princess,at%20the%20timeline%20of%20events

මීට අමතර කේට් කුමරිය තම නිල සමාජ මාධ්‍ය ගිණුම්වල ඇගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සටහන් කර තිබූ ආකාරය FactSeeker නිරීක්ෂණය ක‌ළේ ය.

එසේම කේට් කුමරියගේ අසනීප තත්වය පිළිබඳ විමසා බැලීමට හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ වන මේගන් මාර්කල්ගේ පැමිණීම පිළිබඳව ද අන්තර්ජාතික මාධ්‍යයන්හි තොරතුරු සඳහන් විය.

https://www.cbsnews.com/news/harry-and-meghan-speak-out-after-princess-kate-cancer-diagnosis/

මේ අනුව හැරී කුමරුගේ බිරිඳ වන මේගන් මාර්කල් අසනීප තත්වයෙන් සිටින බවත්, ඇයට පිළිකාවක් අති බවත් සඳහන් කරමින් සමාජ මාධ්‍යයේ හුවමාරු වන තොරතුරු අසත්‍ය බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection