Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #explainer

මෙවර ජනාධිපතිවරණයේ නාමල් රාජපක්ෂලා දෙන්නෙක් ?

Factual
Factual

මෙවර ජනාධිපතිවරණයේ නාමල් රාජපක්ෂ නමින් අපේක්ෂකයන් දෙදෙනෙක් තරඟ කරයි. එක් නාමල් රාජපක්ෂ කෙනෙකු හිටපු ජනාධිපතිවරයෙකු වන මහින්ද රාජපක්ෂගේ පුත්‍රයා මෙන්ම අමාත්‍යංශ කිහිපයක අමාත්‍ය ධූර දැරූ ජනප්‍රිය චරිතයකි. අනෙක් නාමල් රාජපක්ෂ වෘත්තියෙන් නීතීඥවරයෙකි.

by Anonymous |

අගෝස්තු 23, 2024

මෙම අපේක්ෂකයින් සම්බන්ධයෙන් ප්‍රධාන ධාරා‌වේ මාධ්‍යවල පමණක් නොව සමාජ මාධ්‍යවල කතා බහට ලක් විය. එමෙන්ම ඔවුන් දෙදෙනාගේ නම ඡන්ද දායකයින් නොමග යන ආකාරයට පවතින නිසා මේ පිළිබද පැහැදිළි කරන ලෙස Factseeker පාඨකයින්ගෙන් ඉල්ලීම් ද ඉදිරිපත් වී තිබිණි. පාඨකයින්ගේ කාරුණික ඉල්ලීම මත මෙය පැහැදිළි කිරීමට Factseeker අදහස් කළෙමු.

නාමල් රාජපක්ෂ –

දේශපාලන පක්ෂය – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

ඡන්ද ලකුණ – පොහොට්ටුව

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන එක් නාමල් රාජපක්ෂ කෙනෙකු වන්නේ, ලක්ෂ්මන් නාමල් රාජපක්ෂයි. ඔහු ̒පොහොට්ටුව̕ ලකුණ යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කරයි.  නාමල් රාජපක්ෂ යන නමින් ප්‍රචලිත ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත්‍රයායි. එමෙන්ම ඔහු 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරග කර පාර්ලිමේන්තුවට තේරී පත් විය. ඔහු වත්මන් පාර්ලිමේන්තුවේ ද මන්ත්‍රීවරයෙක් වන අතර අමාත්‍යංශ කිහිපයක ම කැබිනට් අමාත්‍ය ධූර දැරූ අයෙකි.

මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කළ ජනාධිපතිවරණය සදහා ඇප තැන්පත් කළ අපේක්ෂකයින්ගේ නාමලේඛනයේ ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ ලෙස සදහන් වෙයි. https://elections.gov.lk/web/wp-content/uploads/media-release/2024/PRE_2024_37_S.pdf නමුත් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නාමයෝජනා භාර දුන් අයගේ නාමලේඛනයේ සදහන් වන්නේ නාමල් රාජපක්ෂ යනුවෙනි. https://elections.gov.lk/web/wp-content/uploads/media-release/2024/PRE_2024_32_S.pdf

නාමල් රාජපක්‍ෂ

දේශපාලන පක්ෂය – සමබිම පක්ෂය

ඡන්ද ලකුණ – ලියුම් කවරය

මෙවර ජනාධිපතිවරණයේ අනෙක් නාමල් රාජපක්ෂ වන්නේ, සමබිම පක්ෂයේ ජනාධිපති අපේකෂක ලෙස තරග කරන රාජපක්ෂ ආරච්චිලාගේ නාමල් අජිත් රාජපක්‍ෂ ය. ඔහු වෘත්තියෙන් නීතීඥවරයෙකි. ඔහුගේ ඡන්ද ලකුණ වන්නේ ලියුම් කවරයයි.

මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කළ අපේක්ෂකයින්ගේ ඇප මුදල් තැන්පත් කිරීමේ නාමලේඛනයේ සදහන් වන්නේ නාමල් රාජපක්ෂ නමිනි. නමුත් නාමයෝජනා භාර දීමෙන් පසුව මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපත් කළ නාමලේඛනයේ ඔහුගේ නම සදහන් වන්නේ “නාමල් රාජපක්‍ෂ” ලෙස බැදි අකුරෙනි.

නමුත් මොවුන් දෙදෙනා එකම නමකින් පෙනී සිටිය ද නම්  ලියන ආකාරය වෙනස් ය. ඒ හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ “නාමල් රාජපක්ෂ” යනුවෙන් මේ ආකාරයට නම ලියන අතර නීතීඥ නාමල් රාජපක්ෂ “නාමල් රාජපක්‍ෂ” ලෙස බැදි අකුරුවලින් සිය නම ලියයි.නාම යෝජනා ලැයිස්තුවේ සදහන් වන්නේ ඒ ආකාරයෙනි.

 

 

 

 

 

 

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදන සහ දේශපාලන විවේචන පිළිබද පැහැදිලි කිරීමක්

දෙසැම්බර් 10, 2025

ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිස නේපාලයෙන් පිටුවහල් කළේ අත්අඩංගුවට ගැනීමට පෙර ද?

ඔක්තෝබර් 21, 2025

නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ හැකිද ?

සැප්තැම්බර් 24, 2025

රුපියල් 76 000 ක් වන ඖෂධය රජයේ රෝහල්වලින් “නොමිලේ” ලබාදුන් එන්නතක්

ජනවාරි 30, 2025

චීනයේ පැතිර යන HMPV වෛරසය පිළිබඳ සමාජ මාධ්‍යයේ අසත්‍ය පළ කිරීම් රැසක්

ජනවාරි 6, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection