Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #explainer

මුදල් ඉල්ලමින් ලැබෙන වට්ස්ඇප් පණිවුඩ පිළිබඳ සැලකිලිමත් වන්න?

Factual
Factual

වට්ස්ඇප් ගිණුම් වෙත අනවසරයෙන් ප්‍රවේශ වී (හැක් කර) මුදල් වංචා කිරීමේ සිදුවීම් මේ දිනවල වැඩි වශයෙන් ශ්‍රී ලංකාව තුළ වාර්තා වන බැවින් මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කිරීමට factseeker තීරණය කළේය.

by Anonymous |

දෙසැම්බර් 14, 2024

විවිධ ආකාරයේ චංවනික ක්‍රම ඔස්සේ පරිශීලකයින් රවටා ඔවුන්ගේ වට්ස්ඇප් ගිණුම්වලට ඇතුල්වීමට අවශ්‍ය මුරපද ලබාගැනීම මෙහිදී වංචනිකයින් විසින් සිදුකරයි. එහිදී ඔබගේ දුරකථනයට ලැබෙන එක්වරක් පමණක් භාවිතා කළ හැකි මුරපදය (OTP) අංකය ලබාගෙන  මෙලෙස වට්ස්ඇප් ගිණුම් හැක් කිරීම කරනු ලබයි.

එසේ වට්ස්ඇප් ගිණුමට ඇතුළු වීමෙන් පසුව එහි ඇති දුරකතන නාමාවලියේ සිටින පුද්ගලයින් වෙත පණිවුඩ යවමින් මුදල් ඉල්ලා සිටීම සිදු කරන අතර බැංකු ගිණුම් ලබා දී  ඒවාට මුදල් තැන්පත් කරන ලෙස ඉල්ලා සිටියි.

මේ ආකාරයට සිදුවන වට්ස්ඇප් ගිණුම් වංචාවන් පසුගිය සති 03 ක කාලය තුළ වැඩි වශයෙන් වාර්තා වු බවත් එම කාලය තුළ එවැනි පැමිණිලි 74 ක් ලැබුණු බවත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතාගේ වට්ස්ඇප් ගිණුම ද මෙලෙස වංචනික ලෙස හැක් කර ඇති අතර එහිදී ඔහු ලෙස පෙනී හිදිමින් හිතවතුන්ගෙන් මුදල් ඉල්ලා පණිඩුඩ යවා ඇති බවද ඔහු පැවසීය. මේ සම්බන්ධයෙන් වහාම සොයා බලන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බවද හෙතම සඳහන් කළේය.

ලංකාදීප පුවත්පතේ හිටපු කතෘ සිරි රණසිංහ මහතාගේ වට්ස්ඇප් ගිණුම ද මෙලෙස හැක් කිරීමට ලක්වී ඇති අතර මුදල් ඉල්ලා හිතවතුන්ට පණිඩුඩ යවා ඇති බව ඔහු ද පැවසීය. මේ සම්බන්ධයෙන්ද සොයා බලන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව සිරි රණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කෙළ්ය.

මේ සම්බන්ධයෙන් ජාතික මාධ්‍ය වාර්තා කර තිබු අයුරු පහත සබැදියෙන්

https://youtu.be/0TBIYz9YFVM?si=PAHxTBBOJzTKqvRQ

https://youtu.be/1pp-v8r8X8U?si=HupEhl0NHbY2sfgw

වට්ස්ඇප් ගිණුම් මෙලෙස හැක් කිරීමට ලක්වන්නේ පරිශිලකයින්ගේම නොසැලකිලිමත්කම හේතුවෙන් බවත් කිසිදු පුද්ගලයෙකුට  එක්වරක් පමණක් භාවිතා කළ හැකි මුරපදය (OTP) අංක ලබාදීමක් හෝ තහවුරු කරගැනීමකින් තොරව මුදල් තැන්පත් කිරීම් සිදු නොකරන ලෙස පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ චාරුක දමුණුපොල මහතා මේ සම්බන්ධයෙන් මෙසේ සඳහන් කෙළ්ය,

“ඔබට ලැබෙන නොහඳුන දුරකථන ඇමතුමක් හෝ ඔන්ලයින් සාකච්ඡාවකට සහභාගී වන ලෙස එවන ලද link එකකට අදාළ කෝඩ් එකක් හෝ එක්වරක් පමණක් භාවිතා කළ හැකි රහස් පද අංකයක්  (OTP)  මගින් මෙම වට්ස්ඇප් හැක් කිරීම් කරනවා. ඔබ දන්නා හඳුනන පුද්ගලෙයකු වුව ද යම්කිසි කේතයක් ඉල්ලමින් ඉල්ලීමක් ලැබුණහොත් එය කිසි විටක නිරාවණය කිරීමෙන් වළකින ලෙස අපි ඉල්ලා සිටිනවා.”  යනුවෙන් ඔහු සඳහන් කළේය.

වට්ස්ඇප් ගිණුම ආරක්ෂා කර ගැනීමට කළ හැක්කේ කුමක්ද?

two-step verification

two-step verification හෙවත් ද්විත්ව සත්‍යාපනය මඟින් වට්ස්ඇප් ගිණුමේ ආරක්ෂාකාරී බව තහවුරු කර ගැනීමට හැකියාව තිබේ. දුරකතන අංකයට අදාළව වට්ස්ඇප් ගිණුමක් නිර්මාණය කර ගැනීමෙන් පසුව ද්විත්ව සත්‍යාපනය සක්‍රීය කර ගැනීමට හැකිය. මෙහිදී ඔබේ වට්ස්ඇප් ගිණුමට දුරකථනයක් ඔස්සේ යොමුවීමක දී ද්විත්ව සත්‍යාපනය සඳහා ඔබටPIN අංකයක් SMS මාර්ගයෙන් ඉලක්කම් 6 ක ඛේතයක් ලෙස ලැබෙනු ඇත . මේ හරහා ඔබේ ගිණුමේ ආරක්ෂාකාරී බව තහවුරු කර ගැනීමට ගැනීමට හැකියාව පවතී. මේ සම්බන්ධයෙන් වට්ස්ඇප් ආයතනය මගින් සිදුකර ඇති දැනුවත් කිරීම පහත සබැදියෙන්

https://faq.whatsapp.com/1278661612895630?helpref=security

මේ අනුව අන්තර්ජාලය හරහා සිදුකෙරන වංචාවලට හසු නොවීමට ඔබගේ වට්ස්ඇප් ගිණුම සුරක්ෂිත කරගැනීමට ඉහත උපෙදස් අනුගමනය කරන්න.

Latest updates

#fake

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

#fake

Spa Ceylon වෙනත් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන බව සඳහන් ප්‍රචාරය අසත්‍යයි

ජූනි 23, 2025

#fake

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ජූනි 20, 2025

#fake

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

ජූනි 20, 2025

Related Content

රුපියල් 76 000 ක් වන ඖෂධය රජයේ රෝහල්වලින් “නොමිලේ” ලබාදුන් එන්නතක්

ජනවාරි 30, 2025

චීනයේ පැතිර යන HMPV වෛරසය පිළිබඳ සමාජ මාධ්‍යයේ අසත්‍ය පළ කිරීම් රැසක්

ජනවාරි 6, 2025

කසකස්තානයේ ගුවන් අනතුරින් සියල්ලන් ජීවිතක්ෂයට පත්වුණාද?

දෙසැම්බර් 27, 2024

පාසල් නිල ඇඳුම් නොමිලේ ගත්තේ සුසිල් ද? හරිනිද?

දෙසැම්බර් 17, 2024

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන වසරේ සිට අහෝසි ද ?

දෙසැම්බර් 2, 2024

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection