Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

මියෙන්මාරයේ භූකම්පනයේදී අනතුරට ලක්වූ බිළිදෙකුගේ වීඩියෝව AI නිර්මාණයක්

False
False

මියෙන්මාරය, තායිලන්තය මුල් කරගනිමින් මැග්නිටියුඩ් 7.7ක ප්‍රභලත්වයෙන් යුත් භූ කම්පනයක් පසුගිය සිකුරාදා (28) දින ඇති විය. දැනට වාර්තා වන පරිදි මෙම භූ කම්පනය හේතුවෙන් පුද්ගලයින් දෙදහසකට ආසන්න ප්‍රමාණයකට ජීවිතය අහිමි වී ඇත.

by Anonymous |

මාර්තු 31, 2025

කෙසේ නමුත්  මෙම පුවත සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් විශාල අවධානයක් යොමු වූ අතර විශේෂයෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ භූකම්පනයට අදාළ කෙටි වීඩියෝ දර්ශන රැසක් හුවමාරු වෙමින් පැවතිණි.

මේ අතර එම භූකම්පනයට අදාළ යැයි සඳහන් කරමින් ගොඩනැගිලි සුන්බුන් අතර සිටින තුවාල සහිත බිළිදෙකුගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය වේදිකාවල හුවමාරු වනු FactSeeker නිරීක්ෂණය කළේය.

එම වීඩියෝව මෙතැනින්,

https://www.instagram.com/vijayakumar5735/reel/DHIH1ImKxtT/

https://www.facebook.com/share/v/1BUHMKg6Fu/

මෙම වීඩියෝව Google Reverse Image හරහා නිරීක්ෂණය කිරීමේදී  විදෙස් සමාජ මාධ්‍ය ගිණුම් හරහා ද එම වීඩියෝව හුවමාරු වී තිබෙන ආකාරය හඳුනාගත හැකි විය. නමුත් ප්‍රධාන මාධ්‍ය කිසිවක එවැනි ආකාරයේ දර්ශන සහිත පරිසරයකින් ළදරුවෙකු බේරාගන්නා ප්‍රවෘත්තියක් සොයා ගැනිමට නොහැකි විය.

අදාළ වීඩියෝවේ සිටින ළදරුවාගේ චලනයන් හි අස්වාභාවික බව, දිවි ගලවා ගැනීමට පැමිණි අයගේ ඉරියව් සහ ඇස් සබඳතාවල අසාමාන්‍ය ලක්ෂණ හේතුවෙන් එය සත්‍ය වීඩියෝවක් ද යන්න තහවුරු කර ගැනීමට Deepware වෙබ් අඩවිය ඔස්සේ කරුණු නිරීක්ෂණය කළ අතර එහිදී ලැබූ ප්‍රතිඵල අනුව මෙම වීඩියෝව කෘත්‍රීම බුද්ධියෙන් නිර්මාණය කරන ලද්දක් බවට තහවුරු කර ගැනීමට හැකි විය.

ඒ අනුව සුබුන්වලට යට වී තුවාල ලබා සිටින බිළිඳාගේ වීඩියෝව මියෙන්මාර භූකම්පන සිද්ධියට අදාළ නොවන බවත්, එය කෘත්‍රීම බුද්ධියෙන් නිර්මාණය කරන ලද වීඩියෝවක් බවත් FactSeeker තහවුරු කරයි.

Latest updates

#false

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

#false

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

#misleading

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

#fake

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

Related Content

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection