Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

මියෙන්මාරයේ භූකම්පනයේදී අනතුරට ලක්වූ බිළිදෙකුගේ වීඩියෝව AI නිර්මාණයක්

False
False

මියෙන්මාරය, තායිලන්තය මුල් කරගනිමින් මැග්නිටියුඩ් 7.7ක ප්‍රභලත්වයෙන් යුත් භූ කම්පනයක් පසුගිය සිකුරාදා (28) දින ඇති විය. දැනට වාර්තා වන පරිදි මෙම භූ කම්පනය හේතුවෙන් පුද්ගලයින් දෙදහසකට ආසන්න ප්‍රමාණයකට ජීවිතය අහිමි වී ඇත.

by Anonymous |

මාර්තු 31, 2025

කෙසේ නමුත්  මෙම පුවත සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් විශාල අවධානයක් යොමු වූ අතර විශේෂයෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ භූකම්පනයට අදාළ කෙටි වීඩියෝ දර්ශන රැසක් හුවමාරු වෙමින් පැවතිණි.

මේ අතර එම භූකම්පනයට අදාළ යැයි සඳහන් කරමින් ගොඩනැගිලි සුන්බුන් අතර සිටින තුවාල සහිත බිළිදෙකුගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය වේදිකාවල හුවමාරු වනු FactSeeker නිරීක්ෂණය කළේය.

එම වීඩියෝව මෙතැනින්,

https://www.instagram.com/vijayakumar5735/reel/DHIH1ImKxtT/

https://www.facebook.com/share/v/1BUHMKg6Fu/

මෙම වීඩියෝව Google Reverse Image හරහා නිරීක්ෂණය කිරීමේදී  විදෙස් සමාජ මාධ්‍ය ගිණුම් හරහා ද එම වීඩියෝව හුවමාරු වී තිබෙන ආකාරය හඳුනාගත හැකි විය. නමුත් ප්‍රධාන මාධ්‍ය කිසිවක එවැනි ආකාරයේ දර්ශන සහිත පරිසරයකින් ළදරුවෙකු බේරාගන්නා ප්‍රවෘත්තියක් සොයා ගැනිමට නොහැකි විය.

අදාළ වීඩියෝවේ සිටින ළදරුවාගේ චලනයන් හි අස්වාභාවික බව, දිවි ගලවා ගැනීමට පැමිණි අයගේ ඉරියව් සහ ඇස් සබඳතාවල අසාමාන්‍ය ලක්ෂණ හේතුවෙන් එය සත්‍ය වීඩියෝවක් ද යන්න තහවුරු කර ගැනීමට Deepware වෙබ් අඩවිය ඔස්සේ කරුණු නිරීක්ෂණය කළ අතර එහිදී ලැබූ ප්‍රතිඵල අනුව මෙම වීඩියෝව කෘත්‍රීම බුද්ධියෙන් නිර්මාණය කරන ලද්දක් බවට තහවුරු කර ගැනීමට හැකි විය.

ඒ අනුව සුබුන්වලට යට වී තුවාල ලබා සිටින බිළිඳාගේ වීඩියෝව මියෙන්මාර භූකම්පන සිද්ධියට අදාළ නොවන බවත්, එය කෘත්‍රීම බුද්ධියෙන් නිර්මාණය කරන ලද වීඩියෝවක් බවත් FactSeeker තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection