Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

මියන්මාරයේ භූකම්පනයේ වීඩියෝවක් ද?

False
False

පසුගිය සිකුරාදා (28) මියන්මාරයේ ඇති වූ රික්ටර් මාපකයේ 7.7 ක ප්‍රබල භූමිකම්පාවෙන් 2,000 කට අධික පිරිසක් මිය ගොස් විශාල දේපළ හානියක් සිදු විය.

by Anonymous |

අප්‍රේල් 4, 2025

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විවිධ AI වීඩියෝ හුවමාරු වෙමින් පවතී. මෙම සන්දර්භය තුළ, “මියන්මාර භූමිකම්පාව” යන සටහනින් යුත් වීඩියෝවක් සමාජ මාධ්‍යවල හුවමාරු වෙමින් පවතින ආකාරය FactSeeker නිරීක්ෂණය කළේය.

මෙම වීඩියෝවේ දැක්වෙන්නේ ව්‍යසනයකින් පසු හානි වූ මාර්ග සහ ගොඩනැගිලිවල ගුවනේ සිට ගනු ලැබූ දර්ශනයන් ය.  අප විසින් Google Reverse Image භාවිතයෙන් වීඩියෝව විශ්ලේෂණය කළ විට, එය ජාත්‍යන්තරව සමාජ මාධ්‍යවල බහුලව බෙදාගෙන ඇති බව නිරීක්ෂණය කිරීමට හැකි විය.  කෙසේ වෙතත්, මෙම වීඩියෝව කිසිදු නිල ප්‍රවෘත්ති වෙබ් අඩවියක ප්‍රකාශයට පත් කර නොමැති බව වැඩිදුරටත් නිරීක්ෂණය කිරීමේදී තහවුරු විය.

තවද, මෙම වීඩියෝව පරීක්ෂා කිරීමේදී, ඇතැම් භූ දර්ශනවල අංශ අපැහැදිලිව  පටිගත වී ඇති බව නිරීක්ෂණය විය. නිදසුනක් ලෙස, මෙම වීඩියෝවේ ඇති වාහන බොඳ වී ඇති අතර වීඩියෝවේ සිටින පුද්ගලයින්ගේ මුහුණු සහ ශරීර දර්ශනවලට හානි සිදුවී ඇත. මේ හේතුවෙන් වීඩියෝව AI භාවිතයෙන් නිර්මාණය කර ඇති බවට අනුමාන මතු විය.

මෙම වීඩියෝව AI  භාවිතයෙන් නිර්මාණය කර ඇත්දැයි විශ්ලේෂණය කිරීමට Deepware ක්‍රමය භාවිතා කළ අතර, ලැබූ ප්‍රතිඵල වලින් එය ‘AI වීඩියෝවක්’ බව අනාවරණය විය.

 

එසේම මෙම වීඩියෝව සම්බන්ධයෙන් වැඩිදුර නිරීක්ෂණයේදී බීබීසී ප්‍රවෘත්ති සේවය විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක්  FactSeeker ට හමු විය. ඒ ඔස්සේ ද  තහවුරු වූයේ, වීඩියෝව AI තාක්ෂණයෙන් ජනනය කරන ලද  බවයි.

එම වීඩියෝව මෙතැනින්:  https://www.instagram.com/reel/DH4TYQhIL9J/?igsh=bmo4aXpycHlnMXQ=

එබැවින්, මියන්මාර භූමිකම්පාවේ අවස්ථාවක් ලෙස සමාජ මාධ්‍යවල බෙදා ගන්නා වීඩියෝව AI තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection