Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

Misleading
Misleading

යාපනය, අල්ලපිඩ්ඩි ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් මියගිය අයුබ්රාජ් අරුල් පයාස් නැමති දරුවාගේ වයස සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ජාල තුළද දැඩි කතාබහක් මතු වී තිබේ. මෙම ගැටලුව මේ වන විට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ පවා අවධානයට ලක් වී ඇත.

by Anonymous |

පෙබරවාරි 16, 2026

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 13 වන සිකුරාදා  ‘වීරකේසරී’ පුවත්පතේ, “පොලිස් වෙඩි පහරින් මියගියේ දරුවෙක්ද? තරුණයෙක්ද?” යන සිරස යටතේ ප්‍රවෘත්තියක් පළ කර තිබුණි. එම පුවත් වාර්තාවට අනුව, මියගිය පුද්ගලයාගේ වයස සම්බන්ධයෙන් පොලිසිය නිකුත් කළ නිවේදනවල සත්‍ය නොවන තොරතුරු අඩංගු බවත්, මියගිය පුද්ගලයා 17 හැවිරිදි වියේ පසුවන දරුවෙකු බවත් සඳහන් විය.

කෙසේ වෙතත්, පොලිසිය නිකුත් කළ නිල වාර්තාවේ මියගිය පුද්ගලයාගේ වයස අවුරුදු 19ක් ලෙස සටහන් කර ඇත.

 

මෙම කරුණ සමාජය තුළ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වීමත් සමඟ, මෙහි සත්‍ය අසත්‍යතාව සොයා බැලීමට FactSeeker කටයුතු කළේය. ඒ අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 10 වනදා පොලිසිය නිකුත් කළ මාධ්‍ය නිවේදනය සහ ඊට පසුදින (11 වනදා) නිකුත් කළ මාධ්‍ය නිවේදනය අතර මියගිය අයගේ වයස සම්බන්ධයෙන් පරස්පර තොරතුරු දෙකක් අඩංගු වන බව නිරීක්ෂණය විය.

සිංහල සහ දෙමළ මාධ්‍ය ආයතන කිහිපයක්ම මොහු 17 හැවිරිදි දරුවෙකු බව වාර්තා කර තිබුණේ ජනවාරි 10 වනදා පොලිසිය නිකුත් කළ පළමු නිවේදනය පදනම් කරගනිමිනි.

මේ පිළිබඳව FactSeeker පොලිස් මාධ්‍ය ඒකකයෙන් කළ විමසීමේදී, ඔවුන් ප්‍රකාශ කළේ, මියගිය පුද්ගලයා 19 හැවිරිදි තරුණයෙකු බවයි.

නමුත්, මියගිය අයියුබ්රාජ් අරුල් පයාස්ගේ ඥාතීන් සම්බන්ධ කරගෙන ඔහුගේ උප්පැන්න සහතිකය පරීක්ෂා කිරීමේදී, ඔහු 2008 සැප්තැම්බර් මස 11 වන දින උපත ලබා ඇති බව තහවුරු විය. ඒ අනුව, මියයන විට ඔහුගේ වයස අවුරුදු 17යි මාස 3ක් වන බැවින් ඔහු දරුවෙකු බව තහවුරු වේ.

එමෙන්ම, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධ්‍යයනය කිරීමේදී, අධිකරණ වෛද්‍ය නිලධාරී රුද්‍රපසුපති මයෝදරන් විසින් මහේස්ත්‍රාත් එම්.එන්.එන්. හුසේන් වෙත යොමු කරන ලද වාර්තාවේද මියගිය පුද්ගලයාගේ වයස අවුරුදු 17ක් ලෙස දක්වා ඇත.

මීට අමතරව, මියගිය අයියුබ්රාජ්ගේ අවමංගල්‍ය උත්සවයේදී ප්‍රදර්ශනය කරන ලද මරණ දැන්වීම් පුවරුවේද ඔහුගේ උපන් දිනය සහ මියගිය දිනය පැහැදිලිව සඳහන් කර තිබුණි.

නිගමනය:

මෙම මරණය සම්බන්ධයෙන් පොලිසිය නිකුත් කළ වාර්තාවල වයස් පරස්පරතාවන් පැවතියද, පොලිසිය අවසාන වශයෙන් තහවුරු කරන ‘අවුරුදු 19’ යන ප්‍රකාශය වැරදි සහගතය. මියගිය අයියුබ්රාජ් අරුල් පයාස්ගේ උප්පැන්න සහතිකය සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව, මියගිය පුද්ගලයාගේ වයස අවුරුදු 17ක් බව නිශ්චිතවම තහවුරු වේ.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

#false

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

Related Content

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection