Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

මැතිවරණ කොමිසමේ කාර්ය මණ්ඩල බඳවා ගැනීමක් නැහැ – හුවමාරු වන පණිඩුඩය අසත්‍යයි

False
False

ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවට නව සමාජිකයින් බඳවා ගන්නා බව සදහන් කරමින් ඉක්මනින් අයදුම් කරන ලෙස දැක්වෙන සබැඳියක් (link) සහිත පණිඩුඩයක් වට්ස් ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

by Anonymous |

දෙසැම්බර් 5, 2024

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන පණිවුඩය මෙසේය,

ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව කාර්ය මණ්ඩල බඳවා ගැනීම් 2024/2025

පවතින විවිධ තනතුරු සඳහා නව කාර්ය මණ්ඩල බඳවා ගැනීම සඳහා මාර්ගගත අයදුම්පත් ද්වාරය විවෘත කර ඇති අතර උනන්දුවක් දක්වන අයදුම්කරුවන්ට වහාම අයදුම් කළ හැකි බව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව මහජනතාවට දන්වා සිටී. උනන්දුවක් දක්වන සියලුම පුරවැසියන් සඳහා අයදුම්පත නොමිලේ වන අතර රැකියා දැනටමත් ආරම්භ කර ඇත. මේ අනගි අවස්ථාව මගහැර ගන්න එපා.

අයදුම්කරුවන් ශ්‍රී ලංකාවේ පුරවැසියන් විය යුතුය. දැන් අයදුම් කිරීමට පහත සබැඳිය ක්ලික් කරන්න.

දැන් අයදුම් කරන්න👇” යනුවෙන් එහි සඳහන් කර තිබේ.

විශාල පිරිසක් මේ සම්බන්ධයන් උනන්දු වී ඇති බැවින් මෙහි සත්‍ය අසත්‍යතාවය සොයා බැලීමට  factseeker කටයුතු කළේය.

ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවට නව සමාජිකයින් බඳවා ගන්නේ නම්, ඒ පිළිබඳව ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරන අතර එවැනි පළ කිරිමක් සිදුකර නොමැති බව මේ සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමේදි අනාවරණය විය.

එමෙන්ම  මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවෙන් විමසීමේදී, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රි රත්නායක මහතා පැවසුවේ, එලෙස කාර්ය මණ්ඩල බඳවා ගැනීමක් සිදුනොවන බවත් එය සම්පුර්ණයෙන්ම අසත්‍යයක් බවත්ය. එමෙන්ම මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට ද පැමිණිලි ලැබී ඇති බව ද සඳහන් කළේ ය.

මෙවැනි අසත්‍ය පණිඩුව තුළ ඇතුළත් කර ඇති සබැඳි (link) වෙත ප්‍රවේශවීමට පෙර එවැනි පණිඩුඩ සත්‍ය ද? අසත්‍ය ද? යන්න පිළිබඳව සොයා බලා කටයුතු කිරීම අතිශය වැදගත් බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) සඳහන් කරයි. එවැනි නොදන්නා සබැඳි (link)  වෙත ප්‍රවේශ වීමේදි තම පෞද්ගලික දත්ත වැනි දෑ සොරා ගැනීමට හැකියාව ඇති බව ද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

 

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection