Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

මාලිමා ජාතික ලයිස්තුවේ ද්විත්ව පුරවැසියෙක් සිටී ද?

False
False

ඕස්ට්‍රේලියානු සහ ශ්‍රී ලාංකික ද්විත්ව පුරවැසිභාවය හිමි පුබුදු නුවන් සමරවීර යන අය ජාතික ජන බලවේගයේ ජාතික ලයිස්තුව සඳහා ඇතුළත් කර ඇති බවට සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස කතාබහට ලක් වී ඇත.

by Anonymous |

ඔක්තෝබර් 21, 2024

ද්විත්ව පුරවැසිබාවය ඇති අයෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරිය නොහැකි බවට 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පැනවූ තහනම නිසා මේ පිළිබඳව සොයා බැලීමට factseker කටයුතු කළේය.

මැතිවරණ නීතියට අනුව මහජන නියෝජිතයින් ලෙස ඉදිරිපත් වන සියලු දෙනා ශ්‍රී ලාංකිකයින් විය යුතු බවටත් ද්විත්ව පුරවැසිභාවය හිමි අය මැතිවරණයට තරඟ කළ නොහැකි බවටත් සඳහන් කර තිබේ.

එහි සඳහන් වන්නේ, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 20 (4) වන වගන්තිය මගින් (XIII) වන අනුඡේදය ඇතුළත් කරන ලදී.

( වෙනත් රටක ද පුරවැසියකු වන ශ්‍රී ලංකාවේ පුරවැසියකු යන්න(XIII) එම අනුඡේදයයි  )

ඉන්පසු මෙය 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 15. (2) වන වගන්තිය මගින් එකී අනුඡේදය ඉවත් කරන ලද අතර

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 8. (3) වන වගන්තිය මගින් 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ තිබූ (XIII) වන අනුඡේදය යළි ඇතුළත් කරන ලදී.

මෙවර මහ මැතිවරණය සඳහා ජාතික ජනබලවේගය ඉදිරිපත් කළ අපේක්ෂකයින් අතර ද්විත්ව පුරවැසියන් ඉදිරිපත්ව ඇති ද යන්න පිළිබඳව නිහාල් අබේසිංහ පැවසුවේ එය අසත්‍යයක් බවත් ඉදිරිපත් කර ඇති සියලුදෙනා ශ්‍රී ලාංකික පුරවැසියන් බවත්ය.

මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වන පුබුදු නුවන් සමරවීරගෙන් ද  factseker විමසීමක් කළේය. පුබුදු නුවන් සමරවීර ඕස්ට්‍රේලියාවේ සත්ව නිෂ්පාදන ක්ෂේත්‍රයේ තත්ව පාලන නිලධාරියෙකු ලෙස සේවය කරන  අතර එහිදී හෙතෙම පැවසුයේ  තමාට එරෙහිව එල්ල කරන චෝදනා අසත්‍ය බවය. ඕස්ට්‍රේලියාවේ රැකියාව කළ ද තමා තවමත් ශ්‍රී ලාංකික පුරවැසියෙකු බවත් ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගෙන නොමැති බවද හෙතෙම සඳහන් කෙළ්ය.

මෙය තහවුරු කිරීම සඳහා ඔහුගේ විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක් factseker වෙත යොමු කර ඇති අතර ඔහුගේ ඉල්ලීම මත එය පළ නොකිරීමට අපි තීරණය කළෙමු.

ඒ අනුව පුබුදු නුවන් සමරවීර ද්විත්ව පුරවැසියෙකු නොව ශ්‍රී ලාංකික පුරවැසියෙකු බව  factseker තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection