Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

මහාචාර්ය මෙත්තිකා විතානගේ සජිත් ප්‍රේමදාසට සහය දෙනවාද?

False
False

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය මෙත්තිකා විතානගේ මෙවර ජනාධිපතිවරණයේදී සමගි ජන සන්ධානය ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයෝගය පළ කරන බව දැක්වෙන සමාජ මාධ්‍ය සටහනක් FactSeeker අපගේ අවධානයට යොමු විය.

by Anonymous |

සැප්තැම්බර් 4, 2024

ඒ බව සඳහන් පෝස්ටුවේ දැක්වුණේ “ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය මෙත්තිකා විතානගේ සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.“ යනුවෙනි.

මෙහි සත්‍ය අසත්‍යතාව සනාථ කරගැනීම සඳහා FactSeeker මහාචාර්ය මෙත්තිකා විතානගේගෙන් මේ පිළිබඳව විමසීමක් කළෙමු. එහිදී ඇය සඳහන් කළේ ජීවිතයේ කිසිදිනක තමා සජිත් ප්‍රේමදාස මුණගැසී නොමැති බවයි. මෙම පෝස්ටුවේ ඇතුළත් ඡායාරූපය ව්‍යාජ ලෙස සැකසූ එකක් බව ඇය තහවුරු කළාය.

තවද සංස්කරණය සඳහා යොදාගනු ලැබූ ඇය පෙනී සිටි මුල් ඡායාරූපය ද සොයා ගත හැකි විය. එය 2024.03.28 දින ජාතික මූලික අධ්‍යයන ආයතනයේ වාර්ෂික පර්යේෂණ සමුළුවේදී ඇය ලබාගත් ඡායාරූපයක් වූ අතර එය ජාතික මූලික අධ්‍යයන ආයතනයේ නිල ෆේස්බුක් පිටුවේද පළ කර තිබිණි.

මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මාධ්‍ය ඒකකයෙන් අප කළ විමසීමේදී එම පුවතේ කිසිදු සත්‍යතාවක් නොමැති බව එම පාර්ශ්වය විසින්ද තහවුරු කරනු ලැබීය.

ඒ අනුව, මහාචාර්ය මෙත්තිකා විතානගේ මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට සහයෝගය ලබාදීමට තීරණය කර තිබේ යනුවෙන් සංසරණය වන පෝස්ටුව අසත්‍ය බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection