Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

මහවිරු දිනය සැමරීමට වත්මන් ජනපති අවසර දුන් බවට පළ වන පුවත් සාවද්‍යයි.

False
False

"ශ්‍රී ලංකාවේ මහවිරු දිනය සැමරීමට මින් ඉදිරියට කිසිඳු බාධාවක් නැති බවට ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ." යනුවෙන් "අදිර්වු" නැමැති දමිළ භාෂාවෙන් පළවන වෙබ් අඩවියේ ප්‍රවෘත්තියක් පළ කර ඇත.

by Anonymous |

නොවැම්බර් 18, 2024

එම ප්‍රවෘත්තියට https://www.athirvu.in/?p=15323   අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් යුතුව 2024.11.17 වන දිනැතිව දමිළ භාෂාවෙන් නිකුත් කළ ලිපියක් බව සඳහන් ඡායාරූපයක් ද එම ප්‍රවෘත්තියට අමුණා ඇත.

එම ලිපියෙහි මෙසේ සඳහන් කර ඇත.

“ආයුබෝවන් දෙමළ ජනතාවනි. ඔවුන් දිගු කලක් තම නිදහස වෙනුවෙන් සටන් කළහ. යුද්ධයේදී ජීවිත අහිමි වූ ඔබේ දරුවන් සහ දෙමාපියන් ජීවිත දහස් ගණනක් අහිමි වූ දෙමළ ජනතාවයි. මිතුරනි, ඔබ බොහෝ දුෂ්කරතා මධ්‍යයේ වුව ද මෙම මාසයේ ඥාතීන්ට නමස්කාර කරයි. ඒ වගේම මේ නොවැම්බර් මාසයේ සාමයෙන් සහ ආරක්‍ෂාවෙන් කිසිම බාධාවකින් තොරව ඔබ වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ අයව සිහිපත් කරන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ වෙසෙන සියලුම දෙමළ ජනතාව කිසිදු බාධාවකින් තොරව ඉතා සාමකාමීව මියගිය අය සැමරීමට පන්සල්, පාසල්, කාර්යාල සහ පොදු ස්ථානවලට රැස්වන සාමකාමී පරිසරයක් අද අප උදාකර තිබෙනවා”. යනුවෙනි.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් එවැනි අවසරයක් ලබා දෙමින් ලිපියක් හෝ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ ද? යන්න පිළිබඳව Factseeker විමසා බැලීමක් කළෙමු. ඒ සම්බන්ධයෙන් ජනධිපති මාධ්‍ය අංශයෙන් කළ විමසීමේදී ඔවුන් පැවැසුවේ, මෙය සම්පූර්ණයෙන් අසත්‍ය බවයි. මෙවැනි ලිපියක් ජනාධිපතිවරයා විසින් නිකුත් කර නැති බව ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කළේ ය.

මහවිරු දිනය යනු සෑම වසරකම නොවැම්බර් 27වනදාට යෙදී ඇති,  යුධ සමයේදී එල්.ටී.ටී.ඊ සංවිධානය වෙනුවෙන් ජීවිතක්ෂයට පත්වූ සාමාජිකයින් සැමරීමේ දිනයකි. නමුත් මෙය උත්සවාකාරයෙන් සැමරීමට මෙතෙක් පැවති රජයන්ගේ අවසරය ලැබී නොතිබූ අතර වත්මන් ජනපති යටතේ ඊට අවසර හිමි වී ඇති බවට උක්ත වෙබ් පළකිරීමවලින් අදහස් දක්වා ඇත.

ඒ අනුව මහ විරු දිනය සැමරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක අවසර දී ඇති බව සඳහන් ප්‍රවෘත්ති මෙන්ම ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව හුවමාරු වන ලිපිය ව්‍යාජ ලිපියක් බව Factseeker තහවුරු කරයි.

 

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection