Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාලගේ ඡායාරූපයක් ද?

False
False

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පත්මේ ඇතුළු පාතාල කණ්ඩායම් සාමාජිකයන් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන ලංකාවට රැගෙන ආ අවස්ථාවේදී එම මෙහෙයුමට සහය දුන් දෙරටෙහිම ( ඉන්දුනීසියාවේ හා ලංකාවේ )පොලිස් නිලධාරීන් ඇගයීම වෙනුවෙන් උත්සවයක් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලේදී ඉකුත් 30 වන දින පැවැත්විණි.

by Anonymous |

සැප්තැම්බර් 2, 2025

එම උත්සව අවස්ථාව සදහා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ද සහභාගී විය. මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරයා හැඳ සිටි ආකාරයේම ඇඳුමින් සැරසී සිටි අයෙකු ටයිල් යෙදූ භූමිය වන්දනා කරන ආකාරයේ ජායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අයුරු Factseeker අපට දැකගත හැකි විය.

බැලු බැල්මට එය ආනන්ද විජේපාල ඇමැතිවරයා බවට පෙනී යන බැවින් ආනන්ද විජේපාල ඇමැතිවරයාගේ සමාජ මාධ්‍ය පිටුවල හෝ ගිණුම්වල එවැනි  ඡායාරූපයක් හුවමාරු කර ගෙන ඇති ද? යන්න පිළිබඳව මුලින්ම සොයා බැලීය.

එහිදී ඇමතිවරයා එම අවස්ථාවට සහභාගී වූ අවස්ථාවේ ගත් ඡායාරූප කිහිපයක් ශ්‍රී ලංකා පොලීසිය පල කල ජායාරූප කිහිපයක් අපට හමු විය.

එය මෙතැනින් – https://www.facebook.com/share/p/19tQjyQaHu/?mibextid=wwXIfr

මෙම භූමි වන්දනය සිදු කරන ආකාරය හා එහි වටපිටාවේ අස්වාභාවික බව නිසා ඒ පිළිබද වැඩිදුර කරුණු පරීක්ෂා කිරීමට Factseeker කටයුතු කරනු ලැබීය.

ඒ අනුව 2025/08/31 දින මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ යැයි හැගෙන ලෙස ව්‍යාජව සකස් කරන ලද ජායාරූප හා ව්‍යාජ ප්‍රවෘත්ති සම්බන්ධයෙන් කරන ලද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය කියා සිටියේ එම ජායාරූපය සම්පූර්ණයෙන්ම ව්‍යාජ ජායාරූපයක් බවයි.

එම මාධ්‍ය නිවේදනය පහතින්:

එසේම 2025/09/01 දින පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය සියලුම මාධ්‍ය ආයතන වෙත නිකුත්කරනු ලැබූ ලිපියෙහි සදහන් වන්නේ පොලිස්පති විසින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙම ව්‍යාජ ප්‍රවෘත්ති සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර අදාළ පුද්ගලයන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කල බවයි.

එම නිවේදනය පහතින්:

තවදුරටත් කරුණු පරීක්ෂා කිරීමේදී ජායාරූපයේ මුල් හිමිකරු ලෙස සැලකෙන කවිදු ප්‍රදීප් කස්තුරිආරච්චි යන අය ෆේස්බුක් පණිවිඩයක් යොමුකරමින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා භූමිවන්දනය සිදුකිරීමේ ජායාරූපය AI තාක්ෂණය යොදාගනිමින් කරන ලද ජායාරූපයක් බවට ෆේස්බුක් සටහනක් එක් කරමින් දක්වා ඇති අයුරු ද නිරීක්ෂණය විය

එම පණිවුඩය පහතින්:


ඒ අනුව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල භූමි වන්දනය කරන ආකාරයේ ජායාරූපය ව්‍යාජ ජායාරූපයක් බව Factseeker  තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection