Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #explainer

මනාළ යුවල ශ්‍රී දළදා මාලිගාව තුළ ඡායාරූප ගත්තේ ඇයි?

Factual
Factual

මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ සිට ඡායාරූප ගත් මනාළ යුවලකගේ ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය හරහා වේගයෙන් හුවමාරු වෙමින් තිබිණි. මෙම ආන්දෝලනාත්මක ඡායාරූප පෙළ මගින් ශ්‍රී දළදා මාලිගාවට අපහාසයක් සිදු වූ බවට සමාජ මාධ්‍ය හරහා විවේචන එල්ල වීම නිසා FactSeeker ඒ පිළිබඳ සොයා බැලීය.

by Anonymous |

සැප්තැම්බර් 11, 2024

සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන එම පෝස්ටු හා ලිපි පහතින්.

 

https://www.facebook.com/share/p/RwRLvjqexYUWhuTH/

https://www.facebook.com/share/p/EFtGTAPXF75MdVRk/

https://www.facebook.com/share/e98otgu6kiD8viZ1/

මේ සම්බන්ධයෙන් FactSeeker ශ්‍රී දළඳා මාලිගාවේ පරිපාලන අංශයෙන් විමසූ විට ඔවුන් සඳහන් කළේ, මෙවැනි ඡායාරූප ගැනීමක් සිදු වී ඇතිද? යන්න පිළිබඳව සීසීටීවී දර්ශන පරීක්ෂා කර විමර්ශනයක් කරන ලෙස ශ්‍රී දළදා මාලිගාවේ පොලිස් ස්ථානයට දැනුම් දී තිබෙන බවයි. මෙම ඡායාරූප ගැනීම සිදු කර ඇත්තේ සාමාන්‍ය ඡායාරූපකරණ සීමාවෙන් ඔබ්බට ගොස් හානිකර කෘත්‍රිම ආලෝක භාවිත කර නම් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගතහැකි බව ද පරිපාලන අංශයේ නිලධාරියෙකු අනාවරණය කළේ ය.

මේ සම්බන්ධව ශ්‍රී දළඳා මාලිගාවේ පොලිස් ස්ථානයෙන් කළ විමසීමේදී පොලිස් ස්ථානාධිපති සී. අයි. සේනාධීර පැවැසුවේ, යම් යුවලක් සම්ප්‍රදායික මුල් ඇඳුමින් සහ උඩරට මනාලියක ලෙස(මාල හත පැළඳ) මාලිගාවට පැමිණීම වැරදි බවයි. එමෙන්ම මෙය සාමාන්‍ය ඡායාරූපගත කිරීමක් බව තමන්ගේ අදහස වන බව ද ඔහු පෙන්වා දුන්නේ ය. එමෙන්ම ඔවුන් සංවර ඇඳුමකින් සැරසී සිටින බව පවසන පොලිස් ස්ථානාධිපතිවරයා මෙම ඡායාරූප ගැනීමේදී හානිකර උපාංග පාවිච්චි කර තිබේද? යන්න පිළිබඳ ව විමර්ශනය කරන බව ද පැවැසීය.

එමෙන්ම සමාජ මාධ්‍යවල සඳහන් වන පරිදි මෙය වාණිජ අරමුණකින් කළ ඡායාරූප ගැනීමක් නොවන බව පෙන්වා දුන් ශ්‍රී දළඳා මාළිගාවේ පොලිස් ස්ථානාධිපතිවරයා මේ සම්බන්ධ විමර්ශනයක් කිරීම සඳහා මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට භාර දී තිබෙන බව වැඩිදුරටත් පැවැසීය.

මේ පිළිබඳව මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයෙන් කළ විමසීමේදී එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක පැවසුවේ, එම සිදුවීමේ විමර්ශන කටයුතු කරගෙන යන බවත් එම මනාල යුවල කැඳවීමට අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඒ සඳහා පියවර ගන්නා බවත්ය.

මෙම ඡායාරූප පෙළ රංගන ශිල්පී දෙව්නක පෝරගේ සහ හෂිනි වෑදණ්ඩගේ විවාහ ගිවිස ගැනීම වෙනුවෙන් ගත් ඡායාරූප වෙයි. මෙම චෝදනා සම්බන්ධයෙන් ඔහුගේ ඡායාරූප ශිල්පියා වන ලක්මාල් සිංහාරගේ සිය ෆේස්බුක් පිටුවේ මේ සම්බන්ධව සටහනක් එක් කර තිබිණි. එම පෝස්ටුව පහතින්.

https://www.facebook.com/share/p/T16qoJJyA4Xi944K/

කෙසේ වෙතත් Lakmal Sinharage Photography ෆේස්බුක් පිටුවේ පළ කර ඇති අදාළ යුවලගේ ඡායාරූප ඇල්බමයෙන් ශ්‍රී දළඳා මාලිගාවේදී ඔවුන් ලබාගත් ඡායාරූප ඉවත් කර ඇති බව අපට නිරීක්ෂණය විය.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදන සහ දේශපාලන විවේචන පිළිබද පැහැදිලි කිරීමක්

දෙසැම්බර් 10, 2025

ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිස නේපාලයෙන් පිටුවහල් කළේ අත්අඩංගුවට ගැනීමට පෙර ද?

ඔක්තෝබර් 21, 2025

නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ හැකිද ?

සැප්තැම්බර් 24, 2025

රුපියල් 76 000 ක් වන ඖෂධය රජයේ රෝහල්වලින් “නොමිලේ” ලබාදුන් එන්නතක්

ජනවාරි 30, 2025

චීනයේ පැතිර යන HMPV වෛරසය පිළිබඳ සමාජ මාධ්‍යයේ අසත්‍ය පළ කිරීම් රැසක්

ජනවාරි 6, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection