Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • දේශපාලන

මන්ත්‍රී අසංක නවරත්න සජිත් පිලට ගියාද?

Misleading
Misleading

ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න “සජිත් පිලට එක් වෙයි”

by Anonymous |

සැප්තැම්බර් 11, 2023

ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න “සජිත් පිලට එක් වෙයි” යනුවෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙන්ම වෙබ් අඩවි පළ කළ ප්‍රවෘත්තියක පරස්පරතාවක් Fact seeker නිරීක්ෂණය කළේ ය.

අසංක නවරත්න ඉකුත් 04 දා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබූ අතර ඒ හමුවීම සම්බන්ධයෙන් පළවූ වාරතා පරස්පර වීම නිසා ඒ පිළිබද සොයා බැලීමට අපි අදහස් කළෙමු.

2023.09.05 වෙනි දින දිනපතා පුවත්පත් නිරීක්ෂණය කිරීමේදී දැක ගත හැකි වූයේ අසංක නවරත්න සමගි ජනබලවේගයට එක් වී ඇති බවයි. මෙම පුවත්පත් වාර්තා පළවීමෙන් පසු පුවත්පත් සාකච්ඡාවක් කැදවා ඇති අසංක නවරත්න සදහන් කර තිබුණේ, තමා ජාතික සමගි ජනබලවේගයට එක් නොවූ බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉදිරි ජනාධිපතිවරණයේදී පිහිටුවීමට නියමිත පුළුල් ජාතික සන්ධානය සදහා දේශපාලන පක්ෂ සමග කරන සාකච්ඡාවේදී තම පක්ෂයට සාකච්ඡා සදහා ආරාධනා කර තිබූ බවත් ඒ සදහා තම පක්ෂයේ නියෝජිතයින් සමග සජිත් ප්‍රේමදාස සමග සාකච්ඡාවක් පැවැත්වූ බවත් අසංක නවරත්න සදහන් කර තිබිණි.

එසේ නම්, මෙම ප්‍රවෘත්තිය පළ කිරීමේදී ජනතාව නොමග යවන ලෙස මාධ්‍ය වාර්තා පළ කළේ ද? යන්න පිළිබදව විමසීමට අපි කටයූතු කළෙමු.

එහිදී අසංක නවරත්න ඇතුළු කණ්ඩායම සජිත් ප්‍රේමදාස හමුවීමෙන් පසු විපක්ෂ නායක කාර්යාලයේ මාධ්‍ය ඒකකය මාධ්‍ය නිවේදනයක් සහිත වීඩියෝවක් මාධ්‍ය වෙත මුදා හැර තිබිණි. “මන්ත්‍රී අසංක නවරත්න විපක්ෂ නායක හා අත්වැල් බැද ගනී” යන්න එම නිවේදනයේ සිරස්තලය වී තිබිණි. ඒ සමග පළ වූ වීඩියෝවේ හඩ අක්‍රීය වී තිබිණි.

Latest updates

#fake

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

#fake

Spa Ceylon වෙනත් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන බව සඳහන් ප්‍රචාරය අසත්‍යයි

ජූනි 23, 2025

#fake

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ජූනි 20, 2025

#fake

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

ජූනි 20, 2025

Related Content

ගෝඨාභය රාජපක්ෂගේ මසක වියදම රුපියල් දහ තුන් ලක්ෂයක්

නොවැම්බර් 14, 2023

ජෙරම් ප්‍රනාන්දුට මන්ත්‍රී පදවියක් දෙන්න සැරසුන පක්ෂය කුමක්ද?

නොවැම්බර් 14, 2023

එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දිය ඩොලර් අටලක්ෂ හැත්තෑ අටදහසක් ලෙස නිවැරදි විය යුතුයි.

නොවැම්බර් 14, 2023

අරගලයේදී රටින් පැන ගියේ නාමල්ගේ තාත්තා නොවේ.

නොවැම්බර් 13, 2023

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection