Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • සෞඛ්‍ය

මධ්‍යසාර හෘදයාබාධවලට මුළුමනින්ම අහිතකරයි

Misleading
Misleading

මධ්‍යසාර හෘද රෝග සඳහා හිතකරද? නැද්ද යන්න පිළිබඳව සංවාද වරින් වර ඇති වෙමින් පැවැතිණි.

by Anonymous |

නොවැම්බර් 13, 2023

මධ්‍යසාර හෘද රෝග සඳහා හිතකරද? නැද්ද යන්න පිළිබඳව සංවාද වරින් වර ඇති වෙමින් පැවැතිණි.

ඒ පිළිබඳ ව මෑතකදී වඩාත් කතා බහට ලක් වූයේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය වසන්ත හෙට්ටිආරච්චි මහතා ,මධ්‍යසාර යම්කිසි ප්‍රමාණයක් ගැනීම ශරීරයට අහිතකර නොවන බවට ජාතික රූපවාහිනියේ “නුගසෙවන” වැඩසටහනේ දී ප්‍රකාශ කළ ප්‍රකාශයත් සමගයි.

විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුළ මෙම ප්‍රකාශය පිළිබඳ වැඩි කතාබහක් ඇති වී තිබෙන බව factseeker නිරීක්ෂණය කළෙමු.

Factseer වෙත ලැබුනු විශේෂ ඉල්ලීමකට අනුව මෙම ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව පිළිබඳ ව අපි නිරීක්ෂණයක්  කළෙමු.

එහිදී factseekr හෘදරෝග විශේෂඥ වෛද්‍ය අනිදු පතිරණ මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, සෞඛ්‍යමය වශයෙන් සහ සමාජයීය වශයෙන් මධ්‍යසාර යනු ගැටලුකාරි ද්‍රව්‍යයක්  බවයි. එමෙන්ම ඕනෑම පුද්ගලයෙකුට පෞද්ගලික මත තිබිය හැකි නමුත් සමස්තයක් ලෙස මධ්‍යසාර භාවිතය හෘදරෝගවලට හානිකර වන බවයි.

එමෙන්ම අද දෙරණ Big Focus රූපවාහිනී වැඩසටහන සමග සම්බන්ධ වෙමින් විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සදහන් කර තිබුණේ මධ්‍යසාර පොඩි ප්‍රමාණයක් ගැනීමත් ශරීරයට අහිතකර වන බවයි.https://www.facebook.com/watch/?v=1076357520402240&extid=CL-UNK-UNK-UNK-AN_GK0T-GK1C&ref=sharing&mibextid=Nif5oz

Factseeker තව දුරටත් කරුණු සොයා බැලීමේ දී, මේ වසරේ (2023) ජනවාරි මස ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ප්‍රකාශයට පත් කල වාර්තාවට අනුව මධ්‍යසාර භාවිතය ශරීරයට අහිතකර බව පෙන්වා දෙයි.https://www.who.int/europe/news/item/04-01-2023-no-level-of-alcohol-consumption-is-safe-for-our-health

සමස්තයක් ලෙස, ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාව සහ විශේෂඥ වෛද්‍ය මතයන්ට අනුව මධ්‍යසාර යම් පමණක් හෝ භාවිතා කිරීම සෞඛ්‍යට අහිතකර බව Factseeker තහවුරු කරයි.

Latest updates

#fake

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

#fake

Spa Ceylon වෙනත් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන බව සඳහන් ප්‍රචාරය අසත්‍යයි

ජූනි 23, 2025

#fake

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ජූනි 20, 2025

#fake

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

ජූනි 20, 2025

Related Content

අමිතාබ් බච්චන් මිය ගිය බව කියන පුවත් අසත්‍යයි

දෙසැම්බර් 26, 2024

p/ 500 නම් පැරසිටමෝල් වර්ගය මෙරරට ගෙන්වන්නේ නෑ.

නොවැම්බර් 13, 2023

ඔමික්‍රෝන් ප්‍රභේදය එන්නත්කරණයෙන් පාලනය කළ නොහැකි බවට වෛද්‍ය පද්මා ගුණරත්න විසින් ප්‍රකාශ කළා ද?

සැප්තැම්බර් 11, 2023

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection