Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

බුදුදහම පවත්වාගෙන යන්න මාලිමාවේ ආණ්ඩුවකින් අනුග්‍රහය දෙන්නේ නැති බව හඳුන්නෙත්ති කිව්වාද?

False
False

"බුදුදහම පවත්වාගෙන යන්න මාලිමාවේ ආණ්ඩුවකින් අනුග්‍රහය දෙන්නේ නෑ - මාලිමාවේ මුදල් ඇමති සුනිල් හඳුන්නෙත්ති කියයි" යනුවෙන් පුවත්පතක පළවූ පුවතක් ලෙස සටහනක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් පවතී.

by Anonymous |

අගෝස්තු 29, 2024

මෙය සත්‍යද? යන්න පිළිබඳ ව සොයා බලන ලෙස Factseeker වට්ස්ඇප් (Whatsapp) සමූහය වෙත ඉල්ලීමක් ලැබී තිබිණි.

ජනාධිපතිවරණ උණුසුමත් සමග ජාතික ජන බලවේගය සහ බෞද්ධාගම සම්බන්ධ කර ගනිමින් වරින් වර ව්‍යාජ පුවත් හුවමාරු වීම නිසා Factseeker ඉහත ප්‍රකාශය පිළිබඳව අවධානය යොමු කළෙමු.

එහිදී පසුගිය දිනවල මෙරට ජාතික පුවත්පත්වල මෙවැනි ප්‍රවෘත්තියක් පළ කර ඇති ද? යන්න පිළිබඳව මුලින්ම නිරීක්ෂණය කළෙමු. නමුත් එවැනි ප්‍රවෘත්තියක් ජාතික පුවත්පත්වල පළ කර ඇති බවක් නිරීක්ෂණය නොවුණි.

ඉන් පසු මේ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ මාධ්‍ය ඒකකයෙන් කළ විමසීමේදී ඔවුන් ප්‍රකාශ කළේ, මෙවැනි ප්‍රකාශයක් සුනිල් හඳුන්නෙත්ති විසින් ප්‍රකාශ නොකළ බවයි.

එමෙන්ම කිසිදු පුවත්පතක මෙවැනි පුවතක් පළ කර නැති බව ද ඔවුන් අවධාරණය කළේ ය.

ඒ අනුව “බුදුදහම පවත්වාගෙන යන්න මාලිමාවේ ආණ්ඩුවකින් අනුග්‍රහය දෙන්නේ නෑ – මාලිමාවේ මුදල් ඇමති සුනිල් හඳුන්නෙත්ති කියයි” පෝස්ටුව පුවත්පතක පළ කළ ප්‍රවෘත්තියක් ලෙස නිර්මාණය කර හුවමාරු කර ගත් සටහනක් බව Factseeker තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection