Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

බාමියන් බුදු පිළිම විනාශ කිරීම 2001 වසරේ සිදුවූවකි

Misleading
Misleading

ඇෆ්ගනිස්ථානයේ බුදුපිළිමයක් 1992 වසරේ විනාශ කිරීමට පෙර පැවති ආකාරය ලෙස දක්වමින් සමාජ මාධ්‍ය තුළ ඡායාරූපයක් සංසරණය වන බව FactSeeker නිරීක්ෂණය කළේය.

by Anonymous |

දෙසැම්බර් 2, 2024

https://x.com/historyinmemes/status/1863356538959601778?s=46&t=7p4CLXtAH44oQQ-dqagsCg

මෙම පළකිරීම තුළ ඇතැම් පරිශීලකයින් මෙය 2001 වසරේදී සිදු වූ බවද දක්වා තිබුණි. මේ නිසා සත්‍ය ලෙසම මෙම සිදුවීම සිදුව ඇති කාල වකවානුව පිළිබඳ ව FactSeeker සොයා බැලීය.

මෙලෙස සංසරණය වන්නේ තලෙයිබාන් සටන්කාමීන් විසින් විනාශ කර දමනු ලැබූ බාමියන් බුදු පිළිමයක සේයාරුවකි. ඇෆ්ගනිස්ථානයේ හින්දුකුෂ් කඳුවැටියෙන් ඇරඹී ගලා යන බාමියන් ගංඟාව ආශ්‍රිතව පිහිටා තිබූ කන්දහාර් හි බාමියන් නිම්නයේ වැලි ගුහා තුළ මෙම පිළිම ඉදිකරනු ලැබ ඇත.
90 දශකයේදී ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලාගනු ලබන තලෙයිබාන් සටන්කාමීන් පසුව ඓතිහාසික දේ විනාශ කිරීමට පටන් ගත්තේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2001 පෙබරවාරි 07 දා තලෙයිබාන් සටන්කාමීන් බාමියන් බුදු පිළිම විනාශ කිරීමට අදහස් කරගෙන සිටින බව නිවේදනය කළේය. මීට බොහෝ විරෝධතා පැමිණිය ද ඔවුන් තම අදහස ක්‍රියාවට නැංවීය.

ඒ අනුව මෙම විනාශ කිරීම 2001 මාර්තු 02 වනදා ආරම්භ කළේය. පසුව මාසයක් පුරා සිදුකරනු ලැබූ වෙඩි තැබීම් මඟින් ඒවා විනාශ කර දැමීය.

මේ සම්බන්ධව බොහෝ ලිපි ද පලවී ඇත.

https://outboundtoday.com/bamiyan-buddhas-is-histry-to-be-repeated/
https://archive.roar.media/sinhala/main/features/the-death-of-the-buddhas-of-bamiyan
https://www.washingtonpost.com/world/2023/06/15/afghan-buddhas-taliban-bamian/

පසුව එයින් ඉතිරි වූ අවශේෂ 2003 වසරේදි යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුම ලෙස නම් කරනු ලැබීය.
ඒ අනුව මෙම සිදුවීම 1992 වසරේදි නොව 2001 වසරේදි සිදුවූ බව සහ මෙම පළකිරීම නිවැරදි නොවන බව FactSeeker තහවුරු කරගන්නා ලදී.

Latest updates

#false

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

#false

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

#misleading

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

#fake

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

Related Content

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

“වර්නොලැක් ” යනු ඖෂධයක් නොව පෝෂණ අතිරේකයකි.

ඔක්තෝබර් 13, 2025

හුවමාරු වන වීඩියෝව ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී අනතුරට ලක්වූ බස් රථයේදී ගත් වීඩියෝවක් නෙවෙයි.

සැප්තැම්බර් 10, 2025

පළමු මාස හයට සංචාරක ඉපැයීම් ඩොලර් බිලියන 1.7 ක් පමණයි

අගෝස්තු 6, 2025

සංසරණය වන තල්මසුන්ගේ වීඩියෝව රුසියානු භූකම්පනයේදී වූවක් නොවේ

අගෝස්තු 1, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection