Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

බ්‍රාහ්මණ නෙළුම් නමින් නෙළුම් විශේෂයක් තිබේද?

False
False

බ්‍රාහ්මණ නෙළුම් ලෙස හඳුන්වමින් සාමන්‍ය නෙළුම් මලට සමාන මල් වර්ගයක ජායාරූප පෙළක් ෆේස්බුක් සහ යූ ටියුබ් සමාජ මාධ්‍යවල සංසරණය වන බව FactSeeker නිරීක්ෂණය කළේ ය.

by Anonymous |

සැප්තැම්බර් 10, 2024

මෙලෙස හුවමාරු වන මල කන්දක හටගත් ශාකයක පිපී ඇති බවක් දිස්වෙයි.

මේ සම්බනධයෙන් වන පෝස්ටු සමාජ මාධ්‍ය වේදිකාවල සීග්‍රයෙන් සංසරණය වීම නිසා FactSeeker ඒ පිළිබඳ සොයා බැලුවෙමු. අපි මුලින්ම විමසා බැලුවේ ̒බ්‍රාහ්මණ නෙළුම් නමින් මලක් තිබෙන්නේ ද? යන්න පිළිබඳව ය.

FactSeeker ඒ පිළිබඳ දැන ගැනීමට උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂිකා ලුමාලි බණ්ඩාරගෙන් විමසීමක් කළේ ය. එහිදී ඇය සඳහන් කළේ, මේ වන විට ‘බ්‍රාහ්මණ නෙළුම්’ නමින් කිසිදු ශාක විශේෂයක් හෝ මල් විශේෂයක් පිළිබඳ කිසිදු පර්යේෂණයක් කර නොමැති බවත් මෙය Ai හරහා නිර්මාණය කරනු ලැබූවක් බවත් ය.

̒බ්‍රාහ්මණ නෙළුම් පිළිබඳ විද්‍යාත්මක තොරතුරු සනාථ කර ගැනීම සදහා FactSeeker කැලණි විශ්වවිද්‍යාලයේ ශාක සහ අනුක ජීව විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය ප්‍රියංගනී සේනානායකගෙන් ද විමසීමක් කළේ ය.

එහිදී ඇය පැවසුවේ එවැනි ශාකයක් පිළිබඳ මෙතෙක් විද්‍යාත්මක තහවුරු කර ගැනීමක් සිදු වී නැති බවයි. එමෙන්ම නෙළුම් හෙවත් Nelumbo Nucifera යනු ජලජ ශාක විශේෂයක් වන බැවින් එය කිසිදු විටක ජලයෙන් පිටත උපස්ථරයක් මත වර්ධනය වීමට ඉඩක් නැති බව මහාචාර්ය ප්‍රියංගනී සේනානායක වැඩිදුරටත් ප්‍රකාශ කළා ය.

පෙරදිග බෞද්ධ, හින්දු ආගමික සහ චීන විශ්වාසයන් තුළ මෙම බ්‍රාහ්මණ නෙළුම් හෙවත් Mystical rock lotus විපත්වලට ඔරොත්තු දීම, පාරිශුද්ධ භාවය, සෞභාග්‍යයේ සංකේතයක් ලෙස සලකනු ලැබේ. නමුත් විද්‍යාත්මක පසුබිමක් තුළ මෙවැනි ශාකයක් පිළිබඳ තහවුරු කරගැනීමක් තවමත් සිදුවී නැති බව ඒ පිළිබඳව අන්තර්ජාලය තුළ කළ සොයා බැලීමේදී අනාවරණය විය.

මෙය ආගමික විශ්වාසයන් තුළ Brahmin Lotus ලෙස හඳුන්වන අතර බටහිර රටවල මෙය හඳුන්වන්නේ, Mythical Rock Lotus නමිනි.

ඒ අනුව බ්‍රාහ්මණ නෙළුම් ලෙස හදුන්වමින් සමාජ මාධ්‍යයේ සංසරණය වන නෙළුම් මල්වලට සමාන  ඡායාරූප AI හරහා කළ නිර්මාණයක් බවට FactSeeker තහවුරු කරයි.

 

Latest updates

#fake

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

#misleading

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

#misleading

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

#false

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

Related Content

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

නව ආදායම් මාර්ගයකින් මුදල් උපයා ගත හැකි බව අගමැතිනි හරිනි ප්‍රකාශ කරන වීඩියෝ සියල්ල අසත්‍යයි!

ඔක්තෝබර් 22, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection