Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #true

පොලිස් නිලධාරියෙක් කාන්තාවක් පැහැර ගෙන ගියාද?

Factual
Factual

පොලිස් නිල ඇඳුමෙන් සිටින පුද්ගලයෙකු බලහත්කාරයෙන් කාන්තාවක් වෑන් රියක නංවාගෙන යන වීඩියෝවක් පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය කළඹන සිදුවීමක් විය.

by Anonymous |

ජනවාරි 22, 2025

දහවල් කාලයේදී පවා කිසිදු අපහසුවකින් තොරව කාන්තාවන් පැහැරගෙන යන බව සඳහන් කරමින් මෙම වීඩියෝව හුවමාරු කර තිබිණි.

මෙම පැහැර ගැනීම  ලංකාවේ සිදු වූවක් ද ? යන්න පිළිබඳව සමාජ මාධ්‍ය පරිශීලකයින් විමසා තිබුණි. ඊට අමතරව  මෙම වීඩියෝව සම්බන්ධයෙන් විමසා බලන ලෙස ඉල්ලීම් කර තිබූ බැවින් Factseeker මේ පිළිබඳ ව සොයා බැලීය.

එම වීඩියෝව මෙතැනින්

https://x.com/viinooooooo/status/1880609217960452310

වෑන් රථයකින් පැමිණෙන පිරිමි පුද්ගලයන් කිහිපදෙනෙක් මෙම පැහැර ගැනීම සිදුකරන අතර එහි පොලිස් නිල ඇඳුමට සමාන නිල ඇඳුමකින් සැරසී සිටි පුද්ගලයෙක් ද සිටින බව පැහැදිලිව පෙනේ. ඒ අසලින් තවත් තරුණියන් සතර දෙනෙකු ද වීඩියෝවේ දර්ශනය වෙයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලීස් මාධ්‍ය ඒකකයෙන් Factseeker විමසීමක් කළෙමු.

එහිදී සඳහන් කළේ මෙම සිදුවීම ඉකුත් 2025. 01.18 වන දින අංක 50 , කල්‍යාණි පාර, වැල්ලවත්ත  යන ලිපිනයේ “ලංකා හොස්පිටල් ” පුද්ගලික සමාගමට අයත් නේවාසිකාගාරයක් ඉදිරිපිටදී සිදුවී ඇති බවයි.

ලංකා හොස්පිටල් හි සේවය කරන හෙද නිලධාරිනියක් මෙලෙස පැහැරගෙන ගොස් ඇත. පැහැරගෙන යාමට ඇයගේ ස්වාමි පුරුෂයා ලෙස සඳහන් අයෙක් හා තවත් තිදෙනෙකු සම්බන්ධ වී ඇත.

මෙම පිරිස අතර සිටින පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී සිටින පුද්ගලයා සම්බන්ධයෙන් Factseeker කළ විමසීමේදී සඳහන් කළේ ඔහු මීට පෙර පොලිස් සේවයේ නිරතව සිටි අයෙක් බවයි. ඔහු 2024 වසරේ සේවයට වාර්තා නොකිරීම නිසා සේවයෙන් ඉවත් වූවා සේ සලකා ඇති සේවකයෙකු බවයි.

එසේම පැහැර ගැනීමෙන් අනතුරුව කාන්තාව සතු මුදල් කොල්ල කා වැලිකඩ පොලිස් වසමේ දමාගොස් ඇති බව හෙළි විය. මේ සඳහා යොදා ගත් වෑන් රථය පන්නිපිටිය ප්‍රදේශයෙන් කුලී පදනම මත ගෙන ඇති බව විමර්ෂණවලදී හෙළි වූ බවද පොලිස් මාධ්‍ය ඒකකය වැඩිදුරටත් අනාවරණය කළේ ය.

අදාළ සැකකරුවන් මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව සමාජ මාධ්‍ය වල සංසරණය වන මෙම වීඩියෝව සත්‍ය වීඩියෝවක් බවත් වැල්ලවත්ත ප්‍රදේශයේ දී  සිදුවූවක් බවත් Factseeker  තහවුරු කරයි.

Latest updates

#fake

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

#fake

Spa Ceylon වෙනත් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන බව සඳහන් ප්‍රචාරය අසත්‍යයි

ජූනි 23, 2025

#fake

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ජූනි 20, 2025

#fake

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

ජූනි 20, 2025

Related Content

පාදෙණිය රජමහා විහාරාධිපති හිමියන්ගේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය අත්හිටුවීමේ ලිපිය සත්‍යයි

මැයි 20, 2025

මෝදි අගමැතිගේ ආරක්ෂාව තහවුරු කිරීමට වීදි සුනඛයින් මැරුවාද?

අප්‍රේල් 4, 2025

කථානායක රන්වලගේ ආචාර්ය පදවිය වෙබ් අඩවියෙන් ඉවත් කළා ද?

දෙසැම්බර් 11, 2024

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection