Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

පොල් පෝලිමේ කතාව

Factual
Factual

වෙළඳපොළේ පොල් මිල මේ වන විට බොහෝ සෙයින් ඉහළ ගොස් ඇති පසුබිමක පොල් පෝලිමක ඡායාරූපයක් ලෙස දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වන ඡායාරූපයකට විවිධ අර්ථකථන සපයමින් පෝස්ටු නිර්මාණය කර ඇති ආකාරය FactSeeker හට නිරීක්ෂණය විය.

by Anonymous |

ඔක්තෝබර් 24, 2024

ඒ අනුව මෙම පෝලිම කුමක්ද? යන්න පිළිබඳ පරීක්ෂා කිරීමට අපි කටයුතු කළෙමු.

අදාළ ඡායාරූපයේ ‘පොල් වගාකිරීමේ මණ්ඩලය’ ලෙස දැක්වෙන නාම පුවරුවක් හඳුනාගත හැකිය. Google සිතියම් යොදාගෙන අදාළ ප්‍රදේශය නිරීක්ෂණය කිරීමේදී එය බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි පොල් වගාකිරීමේ මණ්ඩල භූමිය බව තහවුරු කරගත හැකි විය.

මේ පිළිබඳව කරුණු පැහැදිළි කර ගැනීම සඳහා පොල් වගාකිරීමේ මණ්ඩලයේ නිල ෆේස්බුක් පිටුව අපි පරීක්ෂා කළෙමු. ඊයේ(23) දින එහි පළ කළ පෝස්ටුවක් මගින් දැක්වුණේ මේ දිනවල පොල් මිල ඉහළ යාම හේතුවෙන් මහජනතාව වෙත සහනයක් සැලසීම අරමුණු කර ගනිමින් සහන මිලට පොල් ලබාදීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි. පොල් වගා කිරීමේ මණ්ඩලය සහ රාජ්‍ය වැවිලි සමාගම්  එක්ව දිවයිනේ තදාසන්න ප්‍රදේශවල ක්‍රියාත්මක කරන බව එහි සඳහන් කර තිබිණි.

https://www.facebook.com/share/p/LGPWbRde8LzqErtt/

එහි සමාරම්භක වැඩසටහන ඊයේ (23) පෙ.ව 8.30 සිට පොල් වගා කිරීමේ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාල භූමියේදී ආරම්භ කර තිබේ.

එමෙන්ම නාගරික තදාසන්න ප්‍රදේශවලදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන අතර, ඊයේ (23)  දින බත්තරමුල්ල අවට ප්‍රදේශවලදී දවස පුරා ජංගම ලොරි රථයක් මගින් මෙම සහන මිලට පොල් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කළ බව ද පොල් වගාකිරීමේ මණ්ඩලයේ නිල ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබිණි.

මේ පිළිබඳව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සිය ප්‍රවෘත්ති විකාශනයන්වල ප්‍රචාරය කර තිබුණේ මේ අයුරිනි.

https://youtu.be/15x8bzb2-9E

https://youtu.be/YyUsoyhBQK0

https://youtu.be/ejJnWrvju8E

පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපති සමන් දේවගේ සහභාගී වූ මාධ්‍ය සාකච්ඡාවකදී ද මේ පිළිබඳ ප්‍රකාශ කර තිබේ.

එහි සබැඳිය පහතින්.

https://fb.watch/vpEQJHWoz7/

එම මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු සඳහන් කරන්නේ බත්තරමුල්ල, සෙත්සිරිපාය අවට ප්‍රදේශවලට අමතරව තංගල්ල, මහරගම, දෙහිවල හා ඒ අවට ප්‍රදේශවල ද මෙම විශේෂ වැඩසටහන ඉදිරි දිනවල ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව පොල් මිලදී ගැනීම සඳහා ජනතාව පෝලිමක රැඳී සිටින ඡායාරූපය, පොල් වගාකිරීමේ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාල භූමියේදී ජංගම ලොරි රථයක් මගින් සහන මිලට පොල් මිලදී ගැනීමේ අවස්ථාවක් බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection