Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #Fact checked

පිටිදූවේ සිරිධම්ම හිමි සංඝයාවහන්සේලාට LouisVuitton වර්ගයේ පිරිකර ලබාදුන්නේද?

Factual
Factual

පිටිදූවේ සිරිධම්ම හිමි හෙවත් සිරි සමන්ත භද්‍ර හිමියන්ගේ උපන් දිනය නිමිත්තෙන් පැවැත්වූ දානමය පිංකමකට වැඩම කළ මහා සංඝරත්නයට ලොව ජනප්‍රියතම සන්නාමයක් වන LouisVuitton වර්ගයේ පිරිකර පූජා කළ බව සදහන් ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය හරහා වේගයෙන් සංසරණය වෙමින් පවතී.

by Anonymous |

ජූලි 26, 2024

මෙම ඡායාරූප පෙළ LouisVuitton, FENDI බෑග් සහිත සාංඝික දානයක ක්, #සම්මාBranded #මහාLouisVuitton පිංකම ලෙස සඳහන් කරමින් සංසරණය වන ආකාරය Factseeker නිරීක්ෂණය කළේ ය.

සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන මෙම ඡායාරූප පෙළ සත්‍යද? යන්න පිළිබදව Factseeker විමසීමක් කළෙමු.

එහිදී අනාවරණය වූයේ, මෙම ඡායාරූප 2019 පෙබරවාරි  24 දිනට අදාළව පල කරන ලද බවයි. ඊට අමතරව එදින ම ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න තම Facebook පිටුවේ මේ පිළිබඳව සටහනක් ද තබා තිබුණි. (Iraj FB Statment Image)

වැඩිදුර විමසා බැලීමේදී “ඉරාජ් සමඟ සමන්ත භද්‍ර හිමියන් – කෝටි 2ක පිරිකරවල ඇත්ත කතාව” යනුවෙන් 2019 පෙබරවාරි 26 දින  කරනු ලැබූ සාකච්ඡාවක වීඩියෝවක් ද FactSeeker  සොයා ගත්තේ ය.

එම වීඩියෝවේ සමන්ත භද්‍ර හිමි විසින් සඳහන් කරන්නේ චීනයේ සල්පිලකින් මෙම LouisVuitton, FENDI බෑග්  මිලදී ගත් බවයි. එසේම එහි අඩංගු සෙසු පිරිකර භාණ්ඩ ද  LouisVuitton හෝ FENDI සන්නාමයන් සහිත භාණ්ඩ නොවන බව එම වීඩියෝව නිරීක්ෂණය කිරීමේදී  FactSeeker ට හඳුනාගත හැකි විය.

මේ අනුව සමන්ත භද්‍ර හිමි විසින්  සිදු කරන ලද මෙම දානමය පිංකම 2019 වර්ෂයට අදාළ වූවක් බවත්, එය 2024 වර්ෂයේ යළිත් වරක් සංසරණය වෙමින් පවතින බවත් Factseeker තහවුරු කරයි.

Latest updates

#false

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

Related Content

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

ජනපති අනුරගේ ජර්මනියේ සංචාරය පෞද්ගලික සංචාරයක් ද?

අගෝස්තු 26, 2025

චතුරංග හා කොට්ටහච්චි ටේබල් ටෙනිස් ගැහුවේ, පාර්ලිමේන්තුවේ වාර්ෂික තරඟයකට

මාර්තු 25, 2025

වීරකැටිය සමූපකාර නිලවරණය පැවැත්වුණේ පුංචි ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුවද?

මාර්තු 24, 2025

ජනපති අනුර පළමු අයවැයෙන් දුන් පොරොන්දු ඉටු කළා ද?

පෙබරවාරි 21, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection