පාසැල්වල කටයුතු සඳහා දේශපාලනඥයින් සහභාගී කර නොගන්නැයි අගමැතිනිය නියෝග කළා ද?

පාසල්වලට දේශපාලනඥයින් නොගන්නා ලෙස තමා නීතියක් පනවා නැතැයි අගමැතිනි හරිනි අමරසූරිය පසුගිය 12 දා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් පිළිබඳව සමාජ මාධ්‍ය වේදිකාවල කතා බහක් ඇති වී තිබුණි.
by Anonymous |
මාර්තු 14, 2025

පාසල්වල පවත්වන උත්සවවලට දේශපාලනඥයන් ගෙන්වීම තහනම් බව අගමැතිවරිය පවසා තිබියදී පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල හේනේගම මධ්‍ය මහා විද්‍යාලයේ උත්සවයකට සහභාගි වී සිටීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක පාර්ලිමේන්තුවේදී විමසීමක් කළේ ය.
https://www.youtube.com/live/g7hqbnqWMA0?si=1_l6taK-9mzHGZfH&t=30368
ඊට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය පවසා සිටියේ, තමා එවැනි නීතියක් පනවා නොමැති බවත් දේශපලඥයින් සම්බන්ධ කර නොගන්නා ලෙස තමන් ඉල්ලීමක් පමණක් කළ බවයි.
ඒ අනුව Factseeker මේ සම්බන්ධයෙන් කරුණු විමර්ශ කර බැලීය.
අග්‍රාමාත්‍යවරිය මේ සම්බන්ධයෙන් මීට පෙර අදහස් දැක්වූ අවස්ථාව මේ අනුව විමසුමට ලක් කළේය.
එම වීඩියෝව මෙතැනින්
https://www.facebook.com/watch/?v=1973110526469774&rdid=HvK0e5iJwvpzvCvn
මෙහිදී ඇය සඳහන් කරන්නේ අනවශ්‍ය ලෙස දේශපාලඥයින් පාසල්වල කටයුතු සඳහා සම්බන්ධ කර නොගත යුතු බවයි. ඒ අනුව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් එවැනි ප්‍රකාශයක් කර ඇති බවත් එය යෝජනාවක් ලෙසින් ගෙනෙන බවත් මෙහිදී පැහැදිලි විය.
පසුව එය නීතිමය වශයෙන් තහනම් කර ඇතිද යන්න පිළිබඳව විමර්ෂණය කර බැලීය.
එහිදී අගමැතිනි හරිනි අමරසූරිය 2024 සැප්තැම්බර් මස 25 වෙනි දින අධ්‍යාපන අමාත්‍යංශයේ සියලු අංශවල නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවකදී ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය හමු විය.
එම නිවේදනය මෙතැනින් – https://www.pmoffice.gov.lk/news.php?para=RU5vekFVR2dpQTd2VGRiMkZUNE4wTERha1RFaG1UbFhaNDFydlJnNWQwZ3hvK0Y2R2x3ZVBWSlRLYm1jQzh1bg==
එහි ” දේශපාලනඥයින් පාසල් වලට ගෙන්වීම වහාම නතර කරන්න ” යනුවෙන් විශේෂ කොට දක්වා ඇත.
එමෙන්ම අග්‍රාමාත්‍යවරිය මෙම ප්‍රකාශය සිදුකර දින 3ක් වැනි කාලයක් ඇතුළත කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති හමුවකට සහභාගි වීම නිසා සමාජ මාධ්‍ය හි පළවූ පෝස්ටු සම්බන්ධයෙන් ද මීට පෙර Factseeker විමර්ශණයක් කළේය.
මේ අනුව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් එවැනි නීතියක් හෝ නියෝගයක් පනවා නැති බව පැැදිළි ය.
නමුත් ඊට අදාළව අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයේ එය වහාම නතර කරන ලෙස දක්වා ඇති බැවින් එය යෝජනාවක් ලෙස නොව නියෝගයක් බව පහැදිළි වෙයි.
ඒ අනුව පාසැල්වල කටයුතු සඳහා දේශපාලනඥයින් ගෙන්වීම තහනම් කරමින් අගමැති හරිනි අමරසූරිය නීතියක් පනවා ඇතැයි ඩී.වී.චානක මන්ත්‍රීවරයා ප්‍රකාශ කළ ද අගමැතිනිය එවැනි නීතියක් පනවා නැතැයි Factseeker තහවුරු කරයි.