Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

පාසල් අධ්‍යාපනයෙන් සෞන්දර්ය විෂය ඉවත් කරනවා ද?

False
False

පාසල් පද්ධතිය තුළ මෙතෙක් ඉගැන්වූ සෞන්දර්ය විෂයය ඉවත් කිරීමට බලධාරීන් යෝජනා සකස් කර තිබෙන බව පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරයේ ලේකම් නාගස්තැන්නේ අරුණ හිමියෝ ප්‍රකාශ කළ බව අද (16) ̒මව්බිම පුවත්පත වාර්තා කර තිබිණි.

by Anonymous |

ජූලි 16, 2024

“සෞන්දර්ය විෂයයන් පාසලෙන් ඉවත් කිරීමේ යෝජනාවක් – පාසල් සුරැකීමේ ව්‍යාපාරය කියයි” යන ශීර්ෂ පාඨය යටතේ ̕මව්බිම පුවත්පතේ මුල් පිටුවේ මෙම පුවත පළ කර ඇත.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා අනුව බලධාරීන් මෙම තීරණය ගෙන ඇතැයි ඒ හිමියෝ එහිදී ප්‍රකාශ කර ඇති අතර හික්මුණු මෙන්ම දරාගැනීම සහිත පුද්ගලයෙකු ගොඩනැගීමට සෞන්දර්ය විෂය ඉවහල් වන බව නාගස්තැන්නේ අරුණ හිමි ප්‍රකාශ කළ බව එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සදහන් කර තිබේ.

මෙම පුවත සත්‍ය ද යන්න පිළිබද සොයා බැලීමට Factseeker අධ්‍යාපන අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකයෙන් කළ විමසීමකදී ඔවුන් ප්‍රකාශ ක‌ළේ, එම පුවත සම්පූර්ණයෙන් අසත්‍ය බවයි.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර තිබේ.

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුව සෞන්දර්ය විෂය සාමාන්‍ය අධ්‍යාපනයේ අත්‍යාවශ්‍ය අංගයක් වන බව එම නිවේදනයේ සදහන් වෙයි.

කණිෂ්ඨ, ද්විතීයික අධ්‍යාපනයේ හා ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනයේදී සෞන්දර්ය විෂයයන් වැඩිදුරටත් අධ්‍යාපනය කළ හැකි අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සහ උසස් පෙළ විභාගයේදී සිසුන්ට සෞන්දර්ය විෂයයන් සදහා පෙනී සිටිය හැකි බව ද එම නිවේදනයේ සදහන් වේ.

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සැකයක් ඇති වන ප්‍රකාශ හා විවිධ මාධ්‍ය උපයෝගී කර ගෙන කරනු ලබන සාවද්‍ය ප්‍රකාශ අධ්‍යාපන අමාත්‍යංශය විසින් බැහැර කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් කර ඇත.

ඒ අනුව පාසල් පද්ධතියෙන් සෞන්දර්ය විෂයය ඉවත් කරන බවට ̒මව්බිම පුවත්පත පළ කළ පුවත සාවද්‍ය බව Factseeker තහවුරු කරයි.

අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙසේ ය.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection