Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleding

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා පිළිබඳ උපහාසාත්මක පළකිරීමක්

Misleading
Misleading

අද(19) දින කොළඹ - අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා බව සඳහන් කරමින් උපහාසාත්මක කෝණයෙන් සමාජ මාධ්‍යවල හුවමාරු වන ඡායාරූප කිහිපයක් FactSeeker අවධානයට ලක් විය.

by Anonymous |

පෙබරවාරි 19, 2025

අද(19) දින කොළඹ – අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා බව සඳහන් කරමින් උපහාසාත්මක කෝණයෙන් සමාජ මාධ්‍යවල හුවමාරු වන ඡායාරූප කිහිපයක් FactSeeker අවධානයට ලක් විය.

මෙම සිද්ධියට අදාළව නිකුත් කර ඇති සීසීටීවී දර්ශනවල සටහන් වී ඇති සැකකරුගේ මුහුණ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාගේ මුහුණ සමාන බව දක්වමින් එවැනි සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වන බව අපට නිරීක්ෂණය විය.

මේවා උපහාසාත්මක ලෙස බෙදා ගත් පළකිරීම් වුවත් බොහෝ දෙනෙකු ඒ ගැන ප්‍රශ්න කර තිබෙනු නිරීක්ෂණය විය. ඒ ඔස්සේ ඇතැමෙකු එම පළකිරීම් සත්‍ය ලෙස විශ්වාස කිරීමට ඇති හැකියාව සලකා FactSeeker මෙහි කරුණු පරීක්ෂා කළේය.

අද උදෑසන මෙම වෙඩි තැබීම සිදු වන අවස්ථාව වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා පාර්ලිමේන්තු විවාදය සඳහා සහභාගී වෙමින් සිටියේය.

මේ අතර අද දින උදෑසන සිදු වූ ඝාතනයේ ප්‍රධාන සැකකරු පුත්තලම පාලවිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව, මෙවැනි පළකිරීම් උපහාසාත්මක ලෙස සමාජ මාධ්‍යවල බෙදා ගන්නා නමුත්, ඒවා සමාජය තුළ බොහෝ වැරදි වැටහීම් ඇති වීමට පාදක විය හැක. එබැවින්, එවැනි අවස්ථාවලදී, විනෝදය පිණිස හෝ එවැනි වැරදි තොරතුරු බෙදා ගැනීමෙන් වළකින ලෙස FactSeeker ඔබට සිහිපත් කරයි.

Latest updates

#fake

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ජූනි 20, 2025

#fake

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

ජූනි 20, 2025

#fake

තල්මසෙකු බේරාගන්නා බව දැක්වෙන AI වීඩියෝ නිර්මාණ කිහිපයක්!

ජූනි 20, 2025

#misleding

පළාත් පාලන කොමසාරිස්ට අභිමතය පරිදි කටයුතු කිරීමට පනත මගින් බලය තිබේද?

ජූනි 19, 2025

Related Content

පළාත් පාලන කොමසාරිස්ට අභිමතය පරිදි කටයුතු කිරීමට පනත මගින් බලය තිබේද?

ජූනි 19, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection