පාප්වහන්සේ බුදුදහම වැළඳගත් බවට සංසරණය වන වීඩියෝව ව්‍යාජ සංස්කරණයක්!

වතිකානුවේ කතෝලික සභාවේ නායක, ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය මේ දිනවල ජාත්‍යන්තර මාධ්‍යයන්හි මෙන්ම සමාජ මාධ්‍ය තුළද විශේෂ අවධානයක් දිනා ගන්නා මාතෘකාවක් බවට පත්ව තිබේ.
by Anonymous |
මාර්තු 6, 2025

පාප්වහන්සේ පිළිබඳව පළවන විවිධ පුවත් අතර “ඔබ තවමත් ප්‍රමාද නැත! පාප්වහන්සේ ද අන්තිමේදී බුදුන් සරණ යයි!” මැයෙන් පළවී තිබූ වීඩියෝව සහ “අප අදහන්නේ එක් දෙවියෙකි” යනුවෙන් සඳහන් ආන්දෝලනාත්මක වීඩියෝවක් ෆේස්බුක් සහ X මාධ්‍යයන් හී විශාල වශයෙන් සංසරණය වන ආකාරය FactSeeker නිරීක්ෂණය කළේය.
එම වීඩියෝව මෙතැනින්.
මෙම වීඩියෝ වලට විශාල පිරිසක් ප්‍රතිචාර දක්වා තිබූ අතර එම අදහස් අතර ‘එය සංඝයා වහන්සේලා විසින් අසනීප තත්ත්වයේ සිටින පාප්වහන්සේට ආශිර්වාද කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් බවටද’ බොහෝ පිරිස් අදහස් පළකර තිබුණි.
ඒ අනුව එම වීඩියෝ සම්බන්ධයෙන් වැඩිදුර නිරීක්ෂණය කිරීමේදී ඊට අදාළ වාර්තාකරණයන් කිහිපයක් අතර්ජාල ඔස්සේ සොයා ගැනීමට FactSeeker ට හැකි විය.
අදාළ ලිපි පහතින්.
මෙම ලිපි අන්තර්ගතයන් හි 2024 වර්ෂයේ ආගමික දූත සංචාරයක දී තායිලන්ත බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් වතිකානු නගරයේදී අති උතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ හමු වූ බව සඳහන් කරයි. එහිදී ආගමික වශයෙන් ගෞරව දැක්වීම, ආවේණික වත් පිළිවෙත් කිරීම පිළිබඳවද සඳහන් වේ. එම වාර්තාවල ඇතුළත් ඡායාරූපවල පසුබිම, එහි සිටින භික්ෂූන් වහන්සේලා මෙන්ම පාප්වහන්සේ සිටින ස්ථානයේ දෘශ්‍යමය ගැලපීම් අතිශය සමාන බව එම ඡායාරූප වැඩිදුර නිරීක්ෂණයෙන් හඳුනාගත හැකිය.
මීට අදාළ මුල් වීඩියෝව අපට හමු විය. එය මෙතැනින්.
ඒ අනුව අදාළ වීඩියෝව එම අවස්ථාවක ලබාගත් වීඩියෝවක් බව සනාථ කරගත හැකි අතර එය පාප්වහන්සේ අසනීප තත්ත්වයට පත්වීමට පෙර සකස් කරන ලද්දක් බවද නිරීක්ෂණය වේ.
ඒ අනුව, අති උතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ බුදු දහම වැළඳගත් බව හැඟවෙන වීඩියෝව අර්ථ විකෘති කරමින් පරිශීලකයින් නොමඟ යවන ආකාරයෙන් සම්පාදනය කරන ලද ව්‍යාජ එකක් බව FactSeeker තහවුරු කරයි.