Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

පාප්වහන්සේ බුදුදහම වැළඳගත් බවට සංසරණය වන වීඩියෝව ව්‍යාජ සංස්කරණයක්!

False
False

වතිකානුවේ කතෝලික සභාවේ නායක, ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය මේ දිනවල ජාත්‍යන්තර මාධ්‍යයන්හි මෙන්ම සමාජ මාධ්‍ය තුළද විශේෂ අවධානයක් දිනා ගන්නා මාතෘකාවක් බවට පත්ව තිබේ.

by Anonymous |

මාර්තු 6, 2025

පාප්වහන්සේ පිළිබඳව පළවන විවිධ පුවත් අතර “ඔබ තවමත් ප්‍රමාද නැත! පාප්වහන්සේ ද අන්තිමේදී බුදුන් සරණ යයි!” මැයෙන් පළවී තිබූ වීඩියෝව සහ “අප අදහන්නේ එක් දෙවියෙකි” යනුවෙන් සඳහන් ආන්දෝලනාත්මක වීඩියෝවක් ෆේස්බුක් සහ X මාධ්‍යයන් හී විශාල වශයෙන් සංසරණය වන ආකාරය FactSeeker නිරීක්ෂණය කළේය.

එම වීඩියෝව මෙතැනින්.

මෙම වීඩියෝ වලට විශාල පිරිසක් ප්‍රතිචාර දක්වා තිබූ අතර එම අදහස් අතර ‘එය සංඝයා වහන්සේලා විසින් අසනීප තත්ත්වයේ සිටින පාප්වහන්සේට ආශිර්වාද කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් බවටද’ බොහෝ පිරිස් අදහස් පළකර තිබුණි.

ඒ අනුව එම වීඩියෝ සම්බන්ධයෙන් වැඩිදුර නිරීක්ෂණය කිරීමේදී ඊට අදාළ වාර්තාකරණයන් කිහිපයක් අතර්ජාල ඔස්සේ සොයා ගැනීමට FactSeeker ට හැකි විය.

අදාළ ලිපි පහතින්.

https://bit.ly/3QLYmBV

https://bit.ly/4koYxRl

මෙම ලිපි අන්තර්ගතයන් හි 2024 වර්ෂයේ ආගමික දූත සංචාරයක දී තායිලන්ත බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් වතිකානු නගරයේදී අති උතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ හමු වූ බව සඳහන් කරයි. එහිදී ආගමික වශයෙන් ගෞරව දැක්වීම, ආවේණික වත් පිළිවෙත් කිරීම පිළිබඳවද සඳහන් වේ. එම වාර්තාවල ඇතුළත් ඡායාරූපවල පසුබිම, එහි සිටින භික්ෂූන් වහන්සේලා මෙන්ම පාප්වහන්සේ සිටින ස්ථානයේ දෘශ්‍යමය ගැලපීම් අතිශය සමාන බව එම ඡායාරූප වැඩිදුර නිරීක්ෂණයෙන් හඳුනාගත හැකිය.

මීට අදාළ මුල් වීඩියෝව අපට හමු විය. එය මෙතැනින්.

ඒ අනුව අදාළ වීඩියෝව එම අවස්ථාවක ලබාගත් වීඩියෝවක් බව සනාථ කරගත හැකි අතර එය පාප්වහන්සේ අසනීප තත්ත්වයට පත්වීමට පෙර සකස් කරන ලද්දක් බවද නිරීක්ෂණය වේ.

ඒ අනුව, අති උතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ බුදු දහම වැළඳගත් බව හැඟවෙන වීඩියෝව අර්ථ විකෘති කරමින් පරිශීලකයින් නොමඟ යවන ආකාරයෙන් සම්පාදනය කරන ලද ව්‍යාජ එකක් බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

#false

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

#false

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

#fake

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

Related Content

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection