Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #true

පාදෙණිය රජමහා විහාරාධිපති හිමියන්ගේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය අත්හිටුවීමේ ලිපිය සත්‍යයි

Factual
Factual

ඓතිහාසික පාදෙණිය රජමහා විහාරයේ විහාරාධිපති කටුමුළුවේ සුමනරතන හිමියන්ගේ දේවමැදි හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය අත්හිටුවීමට මල්වතු මහා විහාරයීය සංඝ සභාව තීරණය කර ඇති බව සඳහන් ලිපියක් ව්‍යාජ බව සමාජ මාධ්‍ය පෝස්ටු හුවමාරු වෙයි.

by Anonymous |

මැයි 20, 2025

මෙම ලිපියේ සඳහන් අන්දමට චාල්ස් තෝමස් සහෝදරතුමාගේ “සිහිනය” වැඩසටහනක් පාදෙණිය රජමහා විහාරයේදී 2025.05.17 දින පවත්වන්නට නියමිත තිබිණි. මෙම වැඩසටහන නොපවත්වන ලෙස මල්වතු මහා විහාර පාර්ශවයෙන් දැනුම් දී තිබියදීත් එය පැවැත්වීම නිසා කටුමුළුවේ සුමනරතන හිමියන්ගේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය අත්හිටුවීමට හේතු වී ඇත.

මෙම වැඩසටහන පිළිබඳ වරින් වර යොමු කරනු ලැබූ ලිපි සම්බන්ධයෙන් මෙම ලිපියේ පැහැදිලිව දක්වා ඇත.

මෙම වැඩසටහන නොපවත්වන ලෙසත් නැවත එවැනි වැඩසටහන් සංවිධානය නොකරන ලෙසත් 2025.04.15 වන දින මල්වතු මහ විහාරයෙන් පළමුව දැනුම් දී ඇත.

එසේම මේ හා සම්බන්ධව බුද්ධශාසන ,ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්ගේ අත්සනින් යුතුව කුරුණෑගල බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට යොමු කරනු ලැබූ ලිපියක් සම්බන්ධයෙන් ද අදාළ ලිපියේ දැක්වේ.

එම ලිපිය ද Factseeker ට සොයාගැනීමට හැකිවිය.

මෙම ලිපිය 2025.05.14 දින නිකුත් කර ඇති අතර පාදෙණිය පුරාණ විහාරයේ පැවැත්වීමට නියමිත චාල්ස් තෝමස් සහෝදරතුමාගේ වැඩසටහන නැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එමගින් උපදෙස් දී ඇත.

කෙසේ වෙතත් ව්‍යාජ බව දක්වා තිබූ ලිපියට අදාළ පෝස්ටුව පළ කර තිබූ සමාධි බුදුරුව සංවිධානයේ සභාපතිගෙන් Factseeker කළ විමසීමේදී ඔහු සඳහන් කළේ, එවැනි අහෝසි කිරීමක් එකවරම සිදුකළ නොහැකි බවත් අත්හිටුවීමට පමණක් හැකි බවත්‍ ය. එසේ අහෝසි කරන්නේ නම් ඊට සංඝයා වෙනුවෙන් වෙන්වුුණු විනය ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු බවත් වැඩිදුරටත් පැවැසීය.

කෙසේ වෙතත් ලිපිය පිරික්සීමේදී එහි පැහැදිලි ලෙසම අත්හිටුවා ඇති බව දක්වා තිබූ බව Factseeker ට නිරීක්ෂණය විය.

අපි මේ සම්බන්ධයෙන් මල්වතු මහා විහාරයෙන් ද විමසීමක් කළෙමු.

මෙම වැඩසටහන අවලංගු කරන ලෙස දැනුම් දී තිබියදී මල්වතු මහා විහාරයේ තීරණය නොසලකා එය පැවැත්වීම නිසා පාදෙණිය රජමහා විහාරයේ විහාරාධිපති කටුමුළුවේ සුමනරතන හිමියන්ගේ දේවමැදි හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය අත්හිටුවීමට මල්වතු මහා විහාරයීය සංඝ සභාව තීරණය කළ බව මල්වතු මහා විහාරයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී හිමියෝ පැවැසූහ.

ඒ අනුව පාදෙණිය පුරාණ විහාරයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය අත්හිටවූ බව දැක්වූ ලිපිය ව්‍යාජ වූවක් බව දක්වමින් සමාජ මාධ්‍ය වල සංසරණය වන තොරතුරු අසත්‍ය බවත් අදාළ ලිපිය සත්‍ය ලෙසම මහා විහාරයේ මහා සංඝ සභාවේ තීරණයක් බවත් Factseeker තහවුරු කරයි .

Latest updates

#fake

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

#fake

Spa Ceylon වෙනත් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන බව සඳහන් ප්‍රචාරය අසත්‍යයි

ජූනි 23, 2025

#fake

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ජූනි 20, 2025

#fake

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

ජූනි 20, 2025

Related Content

මෝදි අගමැතිගේ ආරක්ෂාව තහවුරු කිරීමට වීදි සුනඛයින් මැරුවාද?

අප්‍රේල් 4, 2025

පොලිස් නිලධාරියෙක් කාන්තාවක් පැහැර ගෙන ගියාද?

ජනවාරි 22, 2025

කථානායක රන්වලගේ ආචාර්ය පදවිය වෙබ් අඩවියෙන් ඉවත් කළා ද?

දෙසැම්බර් 11, 2024

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection