Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #true

පාකිස්ථානයට අස්වාභාවික ගංවතුරක්

Factual
Factual

පාකිස්ථානයේ ඇති වූ ගංවතුර තත්ත්යක් පිළිබද අසාමාන්‍ය ආකාරයෙන් දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වන අයුරු Factseeker නිරීක්ෂණය කළේය.

by Anonymous |

අගෝස්තු 20, 2025

තාර නැතහොත් කොන්ක්‍රීට් ආකාරයේ මිශ්‍රණයක් ලෙස මෙම ගංවතුර තත්ත්වය කෙරේ අදහස් පළවීම හේතුවෙන් මේ පිළිබද වැඩිදුර කරුණු පරීක්ෂා කිරීමට factseeker කටයුතු කරනු ලැබීය.

https://www.facebook.com/share/v/1BBubSQvdG/

ඒ අනුව මෙම වීඩියෝ පටයේ ඇති අස්වාභාවික බව නිසා මෙය AI තාක්ෂණය භාවිතයෙන් නිර්මාණය කරන ලද්දක් දැයි කරුණු තහවුරු කිරීමට කටයුතු කළ අතර එය AI තාක්ෂණය යොදාගනිමින් කරන ලද්දක් නොවන බවට Fact seeker ට තහවුරු කර ගැනීමට හැකි විය.

එසේම මෙහි සත්‍ය අසත්‍යතාව පිළිබද කරුණු පරීක්ෂා කිරීමේදී අපට දැක ගත හැකිවූයේ මෙම ගංවතුර තත්ත්වය පකිස්ථානයේ ගිල්ගිට් ප්‍රදේශයේ සැබවින්ම සිදුවූවක් බවයි.
එම වීඩියෝව පහතින්:
https://youtu.be/QXs0vGhMpA4?si=yZN4uBb8Cv3FWP7b
මෙම ගංවතුර තත්ත්වය 2025 අගෝස්තු මස 10 වන දින උතුරු පාකිස්ථානයේ ගිල්ගිට් අසල ග්ලැසියර පිපිරීම හේතුවෙන් ඇතුවූ බවත් පර්යේෂණ කණ්ඩායමක් වන world weather Attribution විසින් කළ පර්යේෂණයකදී අනාවරණය කර ගෙන ඇත.
ගෝලීය උණුසුම ඉහළයාම හේතුවෙන් ඉකුත් ජුනි 24 දා සිට ජුලි 23 දා දක්වා වර්ෂාපතනය 10% සිට 15% දක්වා වැඩිවීම මෙම ග්ලැසියර පිපිරී යාමට හේතු වූ බව ද ඔවුන් වැඩිදුරටත් අනාවරණය කරයි.
එසේම පකිස්ථානයේ ” හුන්සා “සහ “නගර්” වල 2018 වසරෙන් පසු ඇතිවූ ඉහළම ගංවතුර ප්‍රමාණය මෙම උතුරු ගිල්ගිට් හි ඇතිවූ ගංවතුර තත්වය ලෙස ගිල්ගිට් – බෝල්ටිස්තාන් ආපදාකරණ අධිකාරියේ ( GBDMA )සහකාර අධ්‍යක්ෂ සුබයිර් අහමඩ් ඛාන් පකිස්ථානයේ DAWN ඊ – පුවත්පතට ප්‍රකාශ කර තිබුණි.

මෙවැනිම ආකාරයේ ගංවතුර තත්ත්වයන් පිළිබද පාකිස්ථානයේ විවිධ ප්‍රදේශයන්හි වාර්තා පළ වුණ අතර පාකිස්තානයේ Skardu දිස්ත්‍රික්කයේ Giyayul Nala වැනි ප්‍රදේශ ඒ අතරට අයත්ය.
එවැනිම විවිධ ප්‍රරදේශයන්හි ඇතිවූ ගංවතුර තත්වයන් පහතින්:
https://www.facebook.com/reel/2192533254558817
https://www.facebook.com/reel/1591850078453677
https://www.facebook.com/share/r/1ApqrkVnxP/
ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙම පාකිස්ථාන ගංවතුර සම්බන්ධ වීඩියෝව සත්‍ය වීඩියෝවක් බව Factseeker කරුණු තහවුරු කරයි.

Latest updates

#fake

හේමා ප්‍රේමදාස විසින් ජනාධිපතිවරයාට යොමුකළ බව සදහන් ලිපිය ව්‍යාජ වූවකි.

සැප්තැම්බර් 12, 2025

#misleading

හුවමාරු වන වීඩියෝව ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී අනතුරට ලක්වූ බස් රථයේදී ගත් වීඩියෝවක් නෙවෙයි.

සැප්තැම්බර් 10, 2025

#false

නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්නගේ ප්‍රකාශය අසත්‍යයි

සැප්තැම්බර් 9, 2025

#false

ඇල්ල බස් රථ අනතුරේ ලෙසින් පලකළ ඡායාරූපය AI නිර්මාණයකි.

සැප්තැම්බර් 9, 2025

Related Content

වරංගනා කැකුළාවල ලොතරැයි දිනුමක් ලැබූ පුවත ඇත්තක්!

ජූලි 8, 2025

පාදෙණිය රජමහා විහාරාධිපති හිමියන්ගේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය අත්හිටුවීමේ ලිපිය සත්‍යයි

මැයි 20, 2025

මෝදි අගමැතිගේ ආරක්ෂාව තහවුරු කිරීමට වීදි සුනඛයින් මැරුවාද?

අප්‍රේල් 4, 2025

පොලිස් නිලධාරියෙක් කාන්තාවක් පැහැර ගෙන ගියාද?

ජනවාරි 22, 2025

කථානායක රන්වලගේ ආචාර්ය පදවිය වෙබ් අඩවියෙන් ඉවත් කළා ද?

දෙසැම්බර් 11, 2024

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection