Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleding

පළාත් පාලන කොමසාරිස්ට අභිමතය පරිදි කටයුතු කිරීමට පනත මගින් බලය තිබේද?

Misleading
Misleading

කොළඹ මහ නගර සභාවේ නගරාධපති පත් කිරීමේ ඡන්ද විමසීම ඉකුත් 16 වෙනිදා පැවැත්විණි. එහිදී ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් ට ඡන්ද 61 ක් ලැබුණු අතර සමගි ජන බලවේගයේ රීසා සරුක්ට හිමි වූයේ ඡන්ද 54 කි. ඒ අනුව ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් වැඩි ඡන්ද 07 කින් ජයග්‍රහණය කර කොළඹ පුරපති ලෙස පත් වූවා ය.

by Anonymous |

ජූනි 19, 2025

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් කොළඹ මහ නගර සභාවේ බලය පිහිටු වීමට හැකි අයුරින් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් සියයට 50 තනි බලයක් ලබා ගැනීමට අපොහොසත් වීම නිසා නගරාධිපති සහ උප නගරාධිපති පත් කිරීමේ බලය බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරියට පැවැරිණි.

ඒ අනුව ඉකුත් 16 වෙනිදා බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දරගේ ප්‍රධානත්වයේ කොළඹ මහ නගර සභාව රැස් වී නගරාධිපතිවරයා තෝරා ගැනීම සිදු විණි. එහිදී රහස්‍ය ඡන්දයක් මගින් නගරාධිපතිවරයා තෝරා ගැනීම සිදු වූ අතර එම පත් කිරීමෙන් පසු කොමසාරිස්වරිය එහිදී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දේශපාලන කරළිය තුළ කතා බහක් ඇති වුණි.

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය කොමසාරිස්වරියගේ ක්‍රියාකලාපය නීත්‍යානුකූල නොවන බව සඳහන් කළ අතර ජාතික ජන බලවේගය පාර්ශවය සඳහන් කළේ, ඇය අනුගමනය කළේ පළාත් පාලන පනතේ විධි විධානවලට අනුකූලව බව ය.

කොළඹ නගරාධිපතිවරිය පත් කිරීමෙන් පසු දින එනම් ඉකුත් 17 වෙනි දින මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමති සුනිල් වටගල පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් Factseeker අවධානය යොමු කළේ ය.

එම ප්‍රකාශය මෙතැනින් – https://www.youtube.com/watch?v=ZKm0p_jDMIo

එහිදි ඔහු 2012 අංක 22 දරණ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනතේ  ඇතැම් වගන්තීන් උපුටා දක්වමින් කොමසාරිස්වරිය නීත්‍යානුකූලව කටයුතු කරඇති බව සඳහන් කළේය.

නමුත් ඔහු කළ ප්‍රකාශය හා  2012 අංක 22 දරණ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත නිරීක්ෂණය කිරීමෙන් පරස්පරතා මතු වූ නිසා Factseeker ඒ පිළිබඳ කරුණු පරීක්ෂා කළේ ය.

නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන ආකාරයට ඔහුගේ ප්‍රකාශයේ පළමු කොටස මෙසේය.

“පළාත් පාලන මැතිවරණ පනතේ 66 ඇ වගන්තිය තමයි මේ කියන කාරණාව ආරම්භ කරන්නෙ. 2012 අංක 22 දරණ සංශෝධන පනතේ ‘හැට හය ඇ’ වගන්තියෙන් කියනවා නගර සභාවේ ප්‍රාදේශීය සභාවේ ඕනෑම එකක සභාපති හෝ නගරාධිපතිවරයා තෝරනකන් ඒකේ මූලිකත්වය ගන්නේ පළාත් පාලන කොමසාරිස්වරිය.

ඒ පනතේ 6 වන උප වගන්තියෙන් කියනවා, සභිකයන් දෙදෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවකගේ නම් නගරාධිපතිවරයා වශයෙන් තෝරාපත් කර ගැනීම සඳහා යෝජනා කොට ස්ථිර කරනු ලැබූ අවස්ථාවක පත්කර ගැනීමේ ක්‍රමය  පැමිණ සිටින සාමාජිකයන් විසින් යෝජන සම්මතයක් මඟින් තීරණය කරනු ලබන  විවෘත හෝ රහස ඡන්දයක් මගින් විය යුතුය . එවැනි යෝජනා සමථයක් මත පාවිච්චි කරනු ලබන ඡන්ද සංඛ්‍යාව සමානව බෙදී ඇත්නම් කුසපත් අදින්න ඕනා. ඊට පස්සෙ වගන්තියෙන් කියනව ඒ රහස්‍ය  ඡන්දය පවත්වන්න ඕන කියලා ”

පනතට අනුව factseeker අප කළ විමර්ෂණයේදී මෙම 6 වන උපවගන්තිය මෙසේ සඳහන් විය.

 

66 ඇ. (6) සභිකයින් දෙදෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවකගේ නම් නගරාධිපතිවරයා වශයෙන් තෝරා පත් කර ගැනීම සඳහා යෝජනා කොට ස්ථිර කරනු ලැබූ අවස්ථාවක තොර්රා පත් කර ගැනීමේ ක්‍රමය, පැමිණ සිටින සාමාජිකයින් විසින් යෝජනා සම්මතයක් මගින් තීරණය කරනු ලබන විවෘත හෝ රහස්‍ය ඡන්දයක් මගින් විය යුතුය. එවැනි යෝජනා සම්මතයක් මත පාවිච්චි කරනු ලබන ඡන්ද සංඛ්‍යාව සමානව බෙදී ඇත්නම් තෝරා පත් කර ගැනීමේ ක්‍රමය නිශ්චය කිරීම මුලසුන දරන නිලධරයා ඉදිරියේ ඔහු විසින් නියම කරනු ලබන ආකාරයට කුසපත් ඇදීමෙන් සිදු විය යුතුය. යන්නය.

 

නමුත් නියෝජ්‍ය ඇමතිවරයා පවසන පරිදි ඊට පසු වගන්තියේ මෙම රහස්‍ය ඡන්දය පවත්වන්න යනුවෙන් සඳහන් වී නැත.

 

තවදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මෙම රහස්‍ය ද විවෘත ද යනුවෙන් වෙන් කරගන්නා ඡන්දය සම්බන්ධයෙන් පනතේ කිසිදු සඳහනක් නොමැති බවයි.

එසේ වුවත් පසු වගන්තියකින් ඊට අදාලව සඳහන් කර ඇති බව පෙන්වා දුනි.

” ඒකට ඊට පසු වගන්තියකින් කියලා තියෙනවා, අභිමතානුසාරී බලයක් පාවිච්චි කරන්න ඕනේ කියලා එතැනට ආපු නිලධාරියා ”

මෙම ප්‍රකාශයේ සඳහන් ආකාරයට යම් සඳහනක් පනතෙහි ඇත් ද යන්න සොයා බැලූ නමුත් එවැනි ආකාරයක මුලසුන දරන නිලධාරියාට මෙම ඡන්ද ක්‍රමය තෝරාගැනීම සඳහා පවත්වන නිලවරණයට අභිමතානුසාරි ලෙසින් කටයුතු කිරීමට පනතෙහි සඳහන් වී නැති බව නිරීක්ෂණය විය.

ඊට පසු උප වගන්නති වන 7 සහ 8 හි සඳහන් වන්නේ මෙලෙසිනි

මේ සම්බන්ධයෙන් අද (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නිශාම් කාරියප්පර් සඳහන් කළේ සුනිල් වටගල නියෝජ්‍ය ඇමැතිවරයා 2012 අංක 22 දරණ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනතේ වගන්ති ලෙස උපුටා දක්වමින් සභාව නොමග යැවූ බවය.

එහිදී පනතේ 66 ඇ. 6 උප වගන්තිය සභාවට ඉදිරිපත් කළ මන්ත්‍රීවරයා, සුනිල් වටගල පැවැසූ පරිදි කොමසාරිස්වරියට අභිමතානුසාරීව කටයුතු කිරීමේ බලයක් දී නැති බව වැඩිදුරටත් පැවැසීය.

ඒ අනුව 2012 අංක 22 දරණ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනතේ 66 ඇ. (6) උප වගන්තියට අනුව පළාත් පාලන කොමසාරිස්වරියට අභිමතානුසාරීව කටයුතු කිරීමට බලයක් තිබෙන බව නියෝජ්‍ය ඇමති සුනිල් වටගල කළ ප්‍රකාශය නොමග යවන සුළු ප්‍රකාශයක් බව Factseeker තහවුරු කරයි.

Latest updates

#fake

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ජූනි 20, 2025

#fake

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

ජූනි 20, 2025

#fake

තල්මසෙකු බේරාගන්නා බව දැක්වෙන AI වීඩියෝ නිර්මාණ කිහිපයක්!

ජූනි 20, 2025

#fake

කොළඹ බලය පිහිටුවීම ගැන වජිර අබේවර්ධනගේ නමින් තවත් ව්‍යාජ ලිපියක්

ජූනි 18, 2025

Related Content

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා පිළිබඳ උපහාසාත්මක පළකිරීමක්

පෙබරවාරි 19, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection